ෂාරුක් ඛාන්
2010 අවුරුද්දේ උරහිසේ සිදු කළ ශල්‍යකර්මයත් සමඟ සුපිරි නළු ෂාරුක් විශාදයෙන් පීඩා විඳි බව සඳහන් වෙනවා.
“උරහිසේ ඇති වුණු වේදනාවත්, ඒ සඳහා සිදුකළ ශල්‍යකර්මයේ වේදනාවත් දරාගත නොහැකිව මම විශාදයට ලක්වුණා. නමුත් දැන් මම ඉන් මිදිලා. මම සතුටින් සහ ශක්තිමත්ව ඉන්නවා.”
දීර්ඝකාලීන අරගලයකින් පස්සේ ෂාරුක් එහෙම කියලා තිබුණා.
දීපිකා පදුකෝන්
පසුගිය කාලේ සුන්දර මනාලියක් ලෙසින් රන්වීර් හා කැදැල්ලක් තැනූ දීපිකා දැඩි මානසික පීඩනයකින් පෙළුණ බව බොහෝ දෙනකුට රහසක් නොවුණේ ඇය ඒ ගැන ප්‍රසිද්ධියේම හෙළි කළ නිසා. ඒ විඳි මානසික පීඩාවන්ගෙන් මිදිලා මානසික සෞඛ්‍ය යහපත් කරගන්න සහාය දෙන මධ්‍යස්ථානයක් සාදන්න තරම් ඇය නිර්භීත වුණා. ඇය මෙන් මානසික ගැටලුවලින් පීඩා විඳින පිරිස ඉන් මුදාලන්න ඇය තමන් උපයන මුදල නිර්ලෝභීව වැය කරනවා.
“මම හැම වෙලේම මගේ මනස වියවුල් වීම වළක්වා ගන්න වැඩවලට හිත යොමු කළා. නිතරම වගේ මගේ වටේ ඉන්න අයත් එක්ක ආශ්‍රය කළා. ඒත් ඒක මට සහනයක් වුණේ ටික වෙලාවකට විතරයි. ඒත් ඒ පීඩාකාරී සිතුවිලි මගෙන් ඉවත් වුණේ නැහැ. මගේ හුස්මත් මට දැනුණේ පීඩාකාරී දෙයක් ලෙසට. වැඩ කරද්දී මගේ අවධානය යොමු කිරීමේ හැකියාව අඩු වුණා.”
දීපිකා ඇගේ තත්ත්වය ගැන ප්‍රකාශ කරලා තිබුණේ ඒ විදියට.
රන්වීර් සිං
දීපිකා විතරක් නොවෙයි ඇගේ සිහින කුමාරයා වුණු රන්වීරුත් විශාදයෙන් පීඩා විඳින බොලිවුඩ් තරු ලැයිස්තුවේ ඉන්නවා. රන්වීර් කිසිම දවසක එයාගේ හැඟීම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න කැමැති කෙනෙක් නෙවේ කියලා රන්වීර්ගේ සමීපතමයන් ප්‍රකාශ කරන්නේ. එක් වරක් රන්වීර් සියදිවි හානි කරගන්න පවා උත්සාහ කරලා තියෙනවා. කිසිවකුත් ඉන් මිදෙන්න උදවු කරන්නත් කලින් රන්වීර් එයාටම වෙඩි තියාගෙන තිබුණා. මේ ගැන දීපිකා පවා දැනන් ඉඳලා තිබුණා. ඉන් මිදෙන්න රන්වීර් දරපු උත්සාහයේදී දීපිකා නිහඬවම විශාල සහායක් දක්වලා තිබුණා.
අනුෂ්කා ෂර්මා
“මට සාංකාව තියෙනවා. මම ඒ වෙනුවෙන් ප්‍රතිකාර පවා ලබා ගන්නවා. මේක හරි සාමාන්‍ය දෙයක්. එය ඇත්තටම ජෛව විද්‍යාත්මක ගැටලුවක්. මගේ පවුල ඇතුළේ වුණත් මානසිකව පීඩා විඳින අය ඉන්නවා. මේ ගැන විවෘතව කතා කළ යුතුයි. ලැජ්ජා වෙන්නවත් හංගන්නවත් දෙයක් නැහැ. එක දිගටම හැදෙන බඩේ අමාරුවකින් පීඩා විඳින කෙනෙක් වෛද්‍යවරයකු මුණගැහිලා ප්‍රතිකාර ගන්නව වගේ මේකත් සරලයි. මට ඕනේ අනෙක් අයටත් මේ ගැන කියලා දෙන්න. “ඇය කියන්නේ එහෙමයි.”
වරුන් ධාවන්
සමහරුන්ට නම් මේක ගැන ඇහුවාම පුදුමත් හිතෙයි. “ඕචඤතචනභප” නම් සිනමා පටයේ රූගත කිරීම් අතරතුර වරුන් විශාදයෙන් පීඩා විඳලා තියෙනවා.
“මට විශාදය තිබුණත් එය සායනිකව තහවුරු කරලා නැහැ. නමුත් මට එහෙම දැනෙනවා. මම බොහෝ දේ නිසා ඉක්මනින් කනස්සලු ස්වභාවයට පත් වුණා. මම ඒ දේ සුළුවෙන් තකන්නේ නැහැ.
මොකද විශාදය කියන්නේ බරපතළ රෝගයක්. එය මගේ මානසික සෞඛ්‍යයට බරපතළ පහරක් එල්ල කරනවා. මම වෛද්‍යවරයකු මුණගැහිලා හැකි ඉක්මනින් ඉන් මිදෙන්න උත්සාහ ගන්නවා. ඔහු පවසන්නේ එහෙම.
කරන් ජොහාර්
බොලිවුඩයේ සුප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයෙක් වුණු කරන් ජොහාර් විශාදයෙන් පීඩා විඳි ආකාරය ගැන පසුගියදාක සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පවසලා තිබුණේ මේ විදියට.
දැඩි ලෙස මානසික වශයෙන් පීඩාවට පත්වුණු කාල වකවානුවක් මගේ ජීවිතේ තිබුණා. ඒ කාලය ගත කරද්දි මට දැනුණෙම හෘදයාබාධයක්වත් හැදෙයි කියලා. අවුරුදු දෙකහමාරකට විතර කලින් සෙනඟ පිරුණු රැස්වීමකදී මගේ පපුව රිදෙන්න ගත්තා. ඒ රැස්වීම අතරමැද්දෙදිම මම නැඟිටලා ගියේ මට තවත් අත්‍යවශ්‍ය කටයුත්තක් කරන්න තියෙනවා කියලා. මම එහෙම්ම ගියේ වෛද්‍යවරයෙක් හමුවෙන්න. ඔහු මට කිව්වේ මම සාංකාවෙන් පීඩා විඳිනවා කියලා. මම මනෝ වෛද්‍යවරයකු හමුවුණා. සාංකාවත් එක්ක මගේ වටා ඇති වුණු ප්‍රශ්න කන්දරාව දැකලා මටම පුදුම හිතුණා.
“මනෝ වෛද්‍ය සායනවලින් පස්සේ මා තුළම විශාල වෙනසක් ඇති වුණා. මගේ ජීවිතයට හුඟක් දේවල් ඉගෙන ගත්තා. කලින් මම මගේ අනාගතය ගැන වගේම ජීවිත සහකාරියක් හොයා ගන්න එක ගැනත් පසු වුණේ අවිනිශ්චිත බවකින්. තාත්තගේ මරණෙන් පස්සේ මගේ ජීවිතයට ආදරය ලැබුණේ අඩුවෙන්. ඒක මාව දැඩි ලෙස පීඩාවට පත් කළ දෙයක් බවට පත් කළා.