මේ ලෝකේ බොහෝ දෙනෙක් සිටින්නේ දකුණු අත හුරු පුද්ගලයින් ලෙස හඳුනාගත හැකියි. නමුත් වමත හුරු පුද්ගලයින් සිටින්නේ ඉතාමත් සුලබ ප්‍රමාණයකුයි. මේ ලෝකයේ බිහි වන සියයට අනුවක් පමණ පිරිස හැරුනට පස්සේ ඉතිරිවෙන සිට 10ක් පමණ දෙනා තමයි වමත්කරුවන් විදිහට හඳුනාගන්න පුළුවන්.එය එක්තරා සුවිශේෂීත්වයක්.
ඇත්තෙන්ම ලෝකයේ තොරතුරු විමසා බැලුවහම වමත් කරුවන් තුළ සුවිශේෂී මතකයක් වගේම විශේෂිත තත්ත්වයක් ගොඩනගා තිබෙන බව පෙනෙනවා.
ජෝතිෂ්‍ය හා බැඳුණු හස්තරේඛා ශාස්ත්‍රය තුළ වමත්කරුවන් සුවිශේෂී ලෙස හඳුන්වනවා.
මේ ලෝකයේ පවතින ගැටලු ප්‍රශ්න හමුවේ මේ වම දකුණ භාවිතය වැදගත් නොවන ගැටලුවක් ලෙස හැඟී ගියද වමත් භාවිතය උපතින්ම හුරු දරුවන්ට දකුණත භාවිත කෙරෙන ගැන නැඹුරුතාවය ඇතිකරන බවද පෙන්වනවා.
මිනිස්සු මේ විදිහට වම සහ දකුණ වශයෙන් ජානමය වශයෙන් කොටස් දෙකකට බෙදා තිබෙනවා. විද්‍යාත්මක පසුබිම වැදගත් වම්පසට. මොළයේ වම් අර්ධය ශරීරයේ දකුණුපස පාලනය කරනු ලබනවා. වමත් පුද්ගලයන්ගේ ශරීර මොලේ දකුණු පසින් පාලනය වන බැවින් අවකාශ භාවිතය හැඟීම් පාලනය කලාත්මක හැකියාව ගණිතමය ඥානය ආදී පිළිබඳ ප්‍රබල තත්වයක් මත පිහිටා වම කටයුතු කරනු ලබනවා.
ලෝක ඉතිහාසයේ සුවිශේෂී සාමාජීය වෙනස්කම් සිදුකළ බැරැක් ඔබාමා, ජෝන් කෙනඩි, ලියනාඩෝ ඩා වින්සි, මයිකල් ආන්ජලෝ,බිල් ගේට්ස් යන සුපිරි චරිත වමත්කරුවන් බව ප්‍රබල සමාජයේ පිළිගැනීමක්.ඕනෑම කාරණයක් පිළිබඳව සූක්ෂ්ම සිතා බලා සියුම් කරුණු මත පිහිටා ප්‍රබල තීන්දු තීරණ එකට වැඩ මෙන්න බවද කිවයුතුය. මොනම හේතුවක් නිසාවත් උපතින් මමත් කරුවෙකු වන දරුවා ප්‍රායෝගික ක්‍රියාකාරකම් මත දක්වන හුරු කරවීම මවුපියන් විසින් නොකළ යුතු ක්‍රියාවක් බව ද මෙහි දී සිහිපත් කළ යුතුය .
සාමාන්‍ය පිළිගැනීම අනුව පිරිමි වමත්කරුවබ් බහුල වන අතර ගැහැනු වමත්කරුවන් අතලොස්සකි. ලෝකයේ වමත්කරුවන්ගේ දිනය අගෝස්තු 13 වැනි දින වශයෙන් වෙන්කර පවතිනවා. එ
විශේෂයෙන් වමත හුරු අයකු සාමාන්‍යයෙන් දක්වන කරුවකුට වඩා මොළය අර්ධ ගෝල දෙකම පාවිච්චි කරන නිසාවෙන් වැඩි වේගයකින් සිතන්නට සමත් වෙනවා. ඒ නිසා පණිවිඩ පණිවුඩ සම්ප්‍රේෂණය ට වැඩි හැකියාවක් දක්වන නිසාවෙන් බොහෝ වමත්කරුවන් ක්‍රීඩා වල දී ද සුවිශේෂී දක්ෂතා පෙන්වනවා. මෙම පිහිටීම අව තක්සේරු නොකළ යුතු දායාදයක් විදිහට හඳුනාගත යුතුයි.