News Line| Off Air
Generic placeholder image

Mar
6

මහලු පුටින්ගේ තරුණ පෙම්වතියෝ

1119 Views


මහලු පුටින්ගේ තරුණ පෙම්වතියෝ

පුටින්ගේ ප්‍රථම විවාහය

1952 වසරේ සෝවියට් දේශයේ ලෙනින්ග්‍රාද්හි (වර්තමානයේ සාන්ත පිතර්බුර්ග් නමින් හඳුන්වන්නේ මෙම ප්‍රදෙශය යි) උපත ලබන ව්ලැදිමීර් පුටින් 1970 දී ලෙනින්ග්‍රාද්හි රාජ්‍ය විශ්වවිද්‍යාලයට බැඳී නීතිය හදාරනවා.

පසුව සෝවියට් සංගමයේ රහස් ඔත්තු සේවය වන KGB ආයතනයට ඇතුලත් වෙනවා. ඒ 1975 වසරේ දී යි. ඔහු පුහුණුව ලබන්නේ සෝවියට් රුසියාවේ ලෙනින්ග්‍රාද්හි 401 වන KGB පුහුණු පාසලේ යි. ඉන් අනතුරුව ඔහු ටික කාලයක් ලෙනින්ග්‍රාද්වලම සේවය කරනවා.

විශ්වවිද්‍යාල සමයේ දී ඔහුට තම පළමු පෙම්වතිය මුණ ගැහෙනවා. ඇයගේ නම ලුද්මීලා ලෙක්සැන්ද්‍රේවුනා. ඒ කාලය වන විට ඇයත් සෝවියට් සංගමයේ ලෙනින්ග්‍රාද් රාජ්‍ය විශ්වවිද්‍යාලයයේ ඉගෙන ගනිමින් සිටිනවා. පසුව ඇය ලෙනින්ග්‍රාද්හි සෝවියට් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කරනවා.

දැන හඳුනාගැනීමෙන් අනතුරුව 1983 වසරේ ජූලි මාසයේ දී දෙදෙනා විවාහ වෙනවා. ඔවුන්ගේ පළමු දියණිය වන මරියා උපත් ලබන්නේ 1985 වසරේ අප්‍රේල් මාසයේ ලෙනින්ග්‍රාද්වල දී යි.

නැගෙනහිර ජර්මනියට

එවකට නැගෙනහිර ජර්මනිය පාලනය කරන ලද්දේ සෝවියට් දේශය විසින්. ඒ හේතුවෙන් පුටින්ව 1985 වසරේ දී නැගෙනහිර ජර්මනියේ ඩ්‍රෙස්ඩෙන් වෙත අනුයුක්ත කරනවා. එහිදී භාෂා පරිවර්තකයෙක් ලෙස කටයුතු කරන පුටින් ජර්මන් භාෂා පුහුණුව සාර්ථකව නිම කරනවා.

ඔවුන් දෙපළගේ දෙවන දියණිය වන ඉකතිරීනා 1986 වසරේ අගෝස්තු මාසයේ දී උපත ලබන්නේ නැගෙනහිර ජර්මනියේ ඩ්‍රෙස්ඩෙන් නගරයේ දී යි. සෝවියට් දේශය බිඳ වැටීමත් සමග 1990 වසරේ දී ඔහු සිය පවුල සමග නැවතත් රුසියාව බලා පැමිණෙනවා.

ටික කාලයකින් අනතුරුව KGB ආයතනයෙන් ඉවත් වෙන ඔහු පසුව රුසියාවේ FSB ආයතනයේ ප්‍රධානියා බවට පත්වෙනවා. FSB යනු සෝවියට් සංගමය බිඳ වැටුණ පසු KGB වෙනුවට ස්ථාපිත කරන ලද ආයතනය යි. 1999 වසරේ ඔහු රුසියාවේ අගමැතිවරයා බවට පත්වෙන අතරම පසුව එරට වැඩබලන ජනාධිපතිවරයා බවට පත් වෙනවා. 2000 මැයි 7 වන දා ඔහු එරට ජනාධිපතිවරයා ලෙස පළමුවරට දිවුරුම් දෙනවා.

මාධ්‍ය වෙත වාර්තා නොවූ ඔහුගේ පවුල් ජීවිතය

අගමැති බිරිදක ලෙස හෝ ජනාධිපති බිරිඳක ලෙස ලුද්මීලා ඇලෙක්සැන්ද්‍රේවුනා දේශපාලනික ජීවිතයක් ගත කළ බවට සාක්ෂි නෑ. පුටින් සමග විදෙස් සංචාර, විවිධ රාජ්‍ය නායක සමුළුවලට ඇය සහභාගී වී නෑ. අඩුම තරමේ පුටින් සමග ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා සිටිනා පින්තූරයක් සොයා ගැනීම ද යම් තරමක් දුෂ්කර යි. ඔහුගේ බිරිඳ මෙන්ම දියණියන් දෙදෙනා ද දේශපාලනයෙන් ඉවත් වී ජිවිත ගෙවන අතර මාධ්‍ය ඉදිරියට පවා පැමිණෙන්නේ නෑ.

කෙසේ නමුත් මෙම විවාහය නිමා වෙන බව පුටින් විසින් මුල්වරට මාධ්‍ය හමුවේ කියා සිටින්නේ 2013 වසරේ ජූනි මාසයේ දී යි. 2014 වසරේ අප්‍රේල් මාසයේ දී දික්කසාදය ස්ථිරව සිදුවන වන බව ක්‍රෙම්ලිනය වාර්තා කරනවා.

දික්කසාද වීමට බලපෑ හේතුව පිළිබඳව හරිහැටි තොරතුරු මාධ්‍ය වෙත වාර්තා වන්නේ නෑ. නමුත් මෙම විවාහ කාලසීමාවේ දී ඔහු හිටපු ඔලිම්පික් ජිම්නාස්ටික් රන් පදක්කම් ලාභිනියක් වන සුරූපි ඇලිනා කබේවා සමග සම්බන්ධතා පැවැත්වූ බවට ඇතැම් මාධ්‍යයන් වාර්තා කර තිබෙනවා. කෙසේ නමුත් දික්කසාදයෙන් පසුව තමන් නැවතත් වෙනත් අයෙකු හා විවාහ වූ බව ලුද්මීලා ඇලෙක්සැන්ද්‍රේවුනා 2016 වසරේ දී ප්‍රකාශ කරනවා.

පුටින්ගේ පෙම්වතියන්

දික්කසාද වීමෙන් අනතුරුව ඔහුගේ පෙම්වතිය වූයේ ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් වන ඇලිනා කබේවා බව මාධ්‍ය වාර්තාවල දක්වා තිබෙනවා. ඇය පුටින්ට වඩා වසර 30ක් ලාබාල යි. පුටින්ට දාව කබේවාට දියණියක් ලද බව කියවෙනවා. නමුත් තමන් මෙම ක්‍රීඩිකාව සමග කිසිදු සම්බන්ධතාවක් නොපවත්වන බවත්, තමන් නිසා ඇයට දියණියක් ලැබී ඇති බව වාර්තා වීම අසත්‍යයක් බවත් පුටින් ප්‍රකාශ කරනවා. කබේවාගේ මිත්තණියට හා සහෝදරියකට පුටින්ට පක්ෂපාති ව්‍යාපාරිකයෙකු විසින් අති සුඛෝපභෝගී මහල් සංකීර්ණයක නිවාස ලබා දී ඇති බව රුසියානු මාධ්‍යවල දැක්වෙනවා.

පුටින්, ඇලිනා කබේවාට අමතරව වෙන්ඩි ඩේන්ග් නම් කාන්තාව සමග ද සම්බන්ධතා පවත්වන බව විවිධ අවස්ථාවල වාර්තා වෙනවා. ඊට අමතරව තවත් තරුණ සුරූපිනියක් වන ඇලිසා කර්චේවා සමග ද පුටින්ගේ පෙම් හබයක් ඇති බව වාර්තා වෙන්නේ 2012 වසරේ දී යි. පසු කාලයක දී ඇය පුටින් වෙත උපන්දින තිළිණයක් ලෙස කළු පැහැති බළල් පැටවෙක් ලබා දුන් බව පැවසෙනවා. එම තිළිණය ලබා දෙන මොහොතේ ඇය පුටින් සමග පින්තූරයකට පෙනී සිටින අතර, එම පින්තූරය පසු කෙලෙක මාධ්‍ය වෙත ලබා දීමට ද ඇය විසින් කටයුතු කර තිබෙනවා.

පසුගිය දිනක වාර්ෂික මාධ්‍ය හමුවේ දී තමන් ළඟදීම නැවතත් විවාහ වෙන බව ඔහු පවසා ඇති අතර, ලෝකයේ ජනප්‍රියම හා බලවත් මහලු රාජ්‍ය නායකගේ අත ගන්නා ලාබාල රූමතිය කවුරුන් ද යන්න තාම අනාවරණය වී නෑ.


News Articles
Latest Videos
Most Popular Post