News Line| Off Air
Generic placeholder image

Mar
25

අද සිට ඕනෑම ප්‍රදේශයකට පැය 4ක් විදුලිය විසන්ධි වීමේ හැකියාවක්

629 Views


අද සිට ඕනෑම ප්‍රදේශයකට පැය 4ක් විදුලිය විසන්ධි වීමේ හැකියාවක්

විදුලි නිෂ්පාදනයට වඩා ඉල්ලුම ඉහළ ගොස් තිබීම හේතුවෙන් අද (25දා) දින සිට ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට අවස්ථා දෙකකදී පැය හතරක කාලයක් විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකශ කරනවා.

දෛනිකව විදුලිය විසන්ධි කරන ප්‍රදේශ නම් වශයෙන් ඉදිරියේදී ප්‍රකාශ කරන බවත්, එතෙක් ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට උදෑසන 8.30ත් සවස 5.30ත් අතර කාලය තුළදී පැය තුනක කාලයක් විදුලිය විසන්ධි විය හැකි බවද එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එස්.ඩී. ගුණවර්ධන මහතා සඳහන් කළා.

මීට අමතරව සවස 5.30 සිට 6.30 දක්වා විදුලි විසන්ධි කිරීමක් සිදුනොවන අතර, සවස 6.30 සිට 7.30 දක්වාත්, සවස 7.30 සිට රාත්‍රී 8.30 දක්වාත්, රාත්‍රී 8.30 සිට 9.30 දක්වාත් පැයක් වශයෙන් විදුලිය විසන්ධි විය හැකි බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

ජනතාව අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කළහොත් විදුලි කප්පාදු ප්‍රමාණය මීට වඩා අඩුවන බවද හෙතෙම අවධාරණය කළේය.

නව ක්‍රමවේදයට අනුව දහවල් කාලයේදී උදේ 8.30 සිට 11.30 දක්වා එක් කොටසකටත්, උදෑසන 11.30 සිට සවස 2.30 දක්වා තවත් කොටසකටත්, 2.30 සිට සවස 5.30 දක්වා තවත් කොටසකටත් විදුලිය විසන්ධි වන බවද සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

දෛනිකව දහවල් කාලයේ විදුලි නිෂ්පාදනය මෙගාවොට් එක්දහස් නවසිය පනහක් වන අතර, දෛනික විදුලි ඉල්ලුම මෙගාවොට් දෙදහස් තුන්සියක් බවත්, මෙම තත්ත්වය හේතුවෙන් විදුලිය විසන්ධි වීම සිදුවන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

එසේම මේ වනවිට අදාළ ප්‍රදේශවල නාමලේඛනයක් විදුලිබල අමාත්‍යාංශයට අනුමැතිය ලබාගැනීම සඳහා යොමුකර තිබෙන බවත්, එයට අනුමැතිය ලැබුණු පසු ප්‍රදේශ වශයෙන් ප්‍රසිද්ධියට පත් කරන බවත් සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post