News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
2

තමන්ගෙ සුරතලා වෙනුවෙන් තරුණියක් තියපු සංවේදී සටහනක්

3162 Views


තමන්ගෙ සුරතලා වෙනුවෙන් තරුණියක් තියපු සංවේදී සටහනක්

සුරතල් සතුන්ට අපි කවුරුත් කැමතියි. ආදරෙයි. ඒ අතරින් සුනඛයින්ට හම්බවෙන්නෙ ඉහළ ස්ථානයක්. මිනිසාගේ ලඟම සහ හොඳම මිතුරා සුනඛයා කියලා කියමන් පවා බිහිවෙලා තියෙන්නෙ අන්න ඒ නිසයි. එක්තරා තරුණියක් සිය ෆේස්බුක් ගිණුමේ තම සුනඛයා පිළිබඳව යොදා තිබුණ සංවේදී සටහනක් අපට හමුවුණා. එය ඔබට පහතින් නැරඹිය හැකියි.

චූටි මැණික ❤️
2012 ඔයා මං ලගට එද්දි මාස එකහාමාරක චූටි බබෙක්. හරියට ඇවිද ගන්නත් බැරි අල ගෙඩියෙක්, පෙරලෙන කළු කොට කෑල්ලක්. එදා ඉදං මගේ ජීවිතේම උනේ ඔයා. මගේ ආදරේ උනේ ඔයා. මුළු ගෙදරම අයගෙ ආදරේ හොරකම් කරගෙන ගෙදර ඉන්න පොඩිම ළමයා උනා ඔයා.
ඔයා ගැන හැමෝටම කියන්න ලියන්න ඕනෙ උනත් මං දන්නෙ නෑ කොහෙන් පටන් අරගෙන කොච්චරක් ලියන්නද කියලා. ඔයා කොච්චර ශෝක් හුරතල් කොලු පැටියෙක් ද කියලා කියන්න ගියොත් මට අද දවසත් මදි වෙනවා.
මගේ වස්තු කැටේ, ඔයා කවදම හරි යන්න ඕනෙ කියන ඇත්ත මං දැනගෙන ඉදියත් මං ඒ ඇත්ත අමතක කරලා ඉදියෙ මොකද ඔයා නැති දවසක් ගැන නිකමට හිතුවත් මගේ පපුව රිදෙනවා වගේ මට දැනුනෙ. අන්තිමේ හීනෙකින් වත් හිතපු නැති වෙලේක ඔයා මාව දාලා ගියා. මට දැනුනෙ මගේ මුළු ලෝකෙම නැති උනා කියලා. මං පොළවෙ පස් කෑවෙ නැතිව විතරයි ඔයාව ගෙනත් දෙන්න කියලා.
ඉතිං මගේ මැණික් කොටේ මට තියෙන එකම සැනසීම ඔයාට පොඩ්ඩක් වත් රිදෙන්නෙ නැතිව, ඔයාට දැනෙන්නෙ වත් නැතිව ඔයා ගියා කියන එක විතරයි. ඔයා රජෙක් වගේ ඉදලා රජෙක් වගේ ගියා කියලා ඔක්කොමලා කියනවා. අම්මා, තාත්තා, ලොකු අයියා, සුදු අයියා, චූටි අයියා, මයුරි අක්කා, බිනර අයියා ඔයාට පන වගේ ආදරෙයි. මෙච්චර කාලෙකට තාත්තගෙ අයියලගෙ බිනරගෙ ඇස් වලට කඳුලු ඉනුවෙ ඔයා යන දුක දරා ගන්න බැරුව. ඔයාට පාංසකූලෙ දීපු හාමුදුරුවො කිව්වා මේ සසරෙ කොයිම වෙලේ හරි මට ආයෙම ඔයාව හම්බෙනවා කියලා.
ඉතිං මගෙ මැණික ඔයා තමා හොඳම කොලු පැටියා. ඔයා හොඳ තැනකට යනවා කියලා මං දන්නවා. ඔයා හරිම වාසනාවන්ත කොල්ලෙක් ඒ නිසා අනිවාරෙන්ම ඔයා හොඳ තැනකට යනවා කියලා තාත්තයි, අම්මයි, බිනර අයිය යි පැය බාගෙන් බාගෙට මට මතක් කරනවා .
ඉතිං පැටියො නිවන් දක්නා ජාති දක්වා මගෙ ලඟින්ම අපෙ ලඟින්ම ඉන්න. ❤️
ඔයාගෙ සුදු අක්කා.

ප.ලි. ඔයාගෙ පිඟාන, ටවල්, බ්රශ්, හානස් එක ඔයාගෙ පෙට්ටියට දැම්මෙ මට ඒවා ආයෙ දකිද්දි දුක දරාගන්න බැරි නිසා. ඒත් ඔයාගෙ සෙල්ලම් බඩු ටික දාන්න බැරි උනා, ඒවා තියෙන තැං වලිං හොයන්න මං දන්නෙ නෑනෙ මැණික, ඔයානෙ දන්නෙ ඔයා සෙල්ලම් බඩු තියපු තැං.


News Articles
Latest Videos
Most Popular Post