රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් හා අනධ්‍යයන සේවකයින් පිරිසක් අතර හටගත් ගැටුම උපකුලපතිවරයාගේ නිර්මාණයක් වන අතර එහි වගකීම සම්පූර්ණයෙන්ම ඔහු භාරගත යුතු බවද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ කැදවුම්කරු මහීල් බණ්ඩාර මහතා පවසනවා.
එමෙන්ම උපකුලපතිවරයා එම ධූරයට පත් වු දා සිටම විශ්ව විද්‍යාලය අපකීර්තිය පත් වන ආකාරයේ ප්‍රකාශ හා ක්‍රියාකාරකම් සිදු කරන බවටද එ මහතා වැඩි දුරටත් පවසනවා.
විශ්ව විද්‍යාල පරිශ්‍රයේ පෙරේදා රාත්‍රියේ විදුලිය විසන්ධි කර ජල සැපයුම අත් හිටුවාතිබු අතර උපකුලපතිවරයා පිටතින් මැර කණ්ඩායමක් ගෙන්වා සිසුන්ට පහර දුන් බවද මහීල් බණ්ඩාර මහතා මෙහිදි චෝදනා කළා.