News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
11

අදත් පළාත් කිහිපයකට වැසි

3308 Views


අදත් පළාත් කිහිපයකට වැසි

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සබරගමුව පළාතේත් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසිද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

දිවයින හරහා විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී 50 පමණ තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.


News Articles
Latest Videos
Most Popular Post