ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත පසුගියදා සිදුකල වාර්තාකරණය සදහා කිසිදු ගවේෂණයක් සිදු කර නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඒ බව සදහන් කලේ ඊයේ කොළඹ පැවති ප‍්‍රවෘත්තී සාක්ච්ඡුාවකට එක් වෙමින්. එම පුවත්පත මෙරට ආණ්ඩු පාර්ශවයේ පුද්ගලයන් තුන් දෙනෙකුගෙන් තොරතුරු ලබා ගෙන ගවේෂණයක් සිදු කල බව පවසමින් එම වාර්තාකරණය සිදු කර ඇති බව […]
දුම්රිය දෙපාර්තමේන්තුව වෙනම පාලක මණ්ඩලයක් යටතට පත් කිරීමට විරෝධය පල කරමින් ඉදිරි සති 2න් පසුව දැවැන්ත විරෝධතා මාලාවකට අවතීර්ණ වීමට සැලසුම් කර ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එහි සම කැදවමුකරු එස් බී විතානගේ මහතා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඒ හේතුවෙන් එය වැලැක්වීමට ආන්ඩුව විසින් වහාම කටයුතු කල යුතු බව යි. […]
සිංගප්පූරුවේ රාජ්‍ය නිල සංචාරයක නිරත වී සිටින අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද එරට පැවැත්වෙන හයවන ජගත් පුරවර සමුලූවට සහභාගී වීමට නියමිතයි. එහිදී ප‍්‍රධාන දේශනය පවත්වනු ලබන්නේද අග‍්‍රාමාත්‍යවරයා විසින් එම දේශනය නාගරික සංවර්ධනය සහ පරිසරය සුරකිමු මැයෙන් සිදු කිරීමටයි නියමිතව ඇත්තේ. ඉන් අනතුරුව අග‍්‍රාමාත්‍යවරයා සිංගප්පූරු ජල සති සැමරුම පිවිතුරු ජල සති සැමරුම යන උත්සව අවස්ථාවන් සදහාද […]
පාපන්දු ලෝක කුසලානයේ ප‍්‍රංශය සහ බෙල්ජියම අතර අවසන් පූර්ව තරගය හෙට පැවැත්වෙනවා. ඒ සමග මේ වනවිට සත්කාරක රුසියාව සැනකෙලි ස්වරූපයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ. හෙට පැවැත්වෙන තරගයෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගන්නේ ප‍්‍රංශය ද බෙල්ජියම ද යන්න නිගමනය කිරීම සදහා බොහෝ විනෝද කී‍්‍රඩා එරට වීදිවල සංවිධානය කර තිබෙනවා. කෙසේ වෙතත් හෙට පැවැත්වෙන අවසන් පූර්ව […]
තායිලන්තයේ ගුහාවක සිරවී සිටින පාපන්දු කණ්ඩායමක ළමුන් 12 දෙනා හා පුහුණුකරු අතුරින් ළමුන් සිව්දෙනෙකු මුදා ගැනීමට මෙහෙයුම්වල නිරත පිරිස් සමත් වී තිබෙනවා. මෙරට වේලාවෙන් ඊයේ රාත‍්‍රී 7.30 පමන වන විට තායිලන්ත රජය දැනුම් දුන්නේ බේරාගත් ළමුන් සිව්දෙනා රෝහල්ගත කිරිමට පියවර ගත් බවයි. මුදා ගැනීමේදී එක් දරුවෙකුට පලපුරුදු කිමිදුම් කරුවන් දෙදෙනෙකු බැගින් ලබාදී ඇති අතර එහිදී […]
කොළඹ-ජම්පටාවීදියේ, සෙල්විගේ වත්ත ප‍්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ ඊයේ රාතී‍්‍ර 8.15 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි කාන්තාවක් සහ 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. තුවාල ලැබූ අනෙක් […]
හෙරොයින් කිලෝග‍්‍රෑම් 103 ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා එම ජාවාරම සදහා මෙහෙයවා ඇත්තේ මරණ දඩුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැදවියෙකු විසින් බව අනාවරණය වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ අදාළ බන්ධනාගාර රැුදවියා අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සමග කලක පටන්ම දුරකථනයෙන් කතාබහ කරමින් සිට ඇති බවයි. ලද තොරතුරකට අනුව […]
අනුරාධපුර වන්නියකුලම් ප‍්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියට අදාළ තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා මෙහෙයුම් කි‍්‍රයාත්මකයි. ඒ සදහා පොලිස් කණ්ඩායම් 08 ක් යොදවා තිබෙනවා. අනුරාධපුර විජයපුර මාවතේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක් වුණේ පසුගිය 05 වනදායි. දෙපාර්ශවය […]
පළාත් සභා ඡන්දය පැවැත්වීම ලබන වසරේ ජනවාරි මස දක්වා කල් යා හැකි බව මැතිවරණ කොමිසම පවසනවා. එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ වසර අගදී විභාග පැවැත්වීම සහ ඡන්දය පැවැත්වෙන ක‍්‍රමය සම්බන්ධයෙන් තවමත් එකගතාවයක් නොමැති වීම ඊට හේතු විය හැකි බවයි. පළාත් සභා ඡන්දය මේ වසරේ අගදී පැවැත්වෙනු ඇති බව රජයේ අමාත්‍යවරුන් බොහෝ දෙනෙක් මීට පෙර ප‍්‍රකාශ කළා. […]
බන්ධනාගාර ගතකර සිටින පර්පචුවෙල් ට‍්‍රෂෙරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය රඳවා ඇති වාට්ටුව තුළ තිබී සොයාගත් දුරකතනවලින් ලබාගෙන ඇති ඇමතුම් පිළිබඳ දත්ත විමර්ශනය කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අදාළ සමාගම්වලින් ඊට අදාළ තොරතුරු ලබා දෙන්නැයි ඉල්ලීමක් කර ඇති බවයි. සැකකරුවන්ට එරෙහි […]
අම්පාර, දමන, එක්ගල් ඔයේ ගිලී සිව්දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. මෙම අනතුරට මුහුණ පා ඇත්තේ විනෝද චාරිකාවක් සදහා පැමිණි බදුල්ල සිරි සීවලී විදුහලේ ගුරුවරුන් සහ සිසුන් පිරිසක්. ඔවුන් අතරින් 09 දෙනෙකු අද උදෑසන එක්ගල් ඔයේ ඔරුවක නැගී ගමන් කරමින් සිටියදි එක්වරම ඔරුව පෙරලී ගොස් තිබුණා. ඉන් 05 දෙනෙකු අවට සිටි ධීවරයින් විසින් බේරාගෙන ඇති අතර සිව් දෙනෙකු මෙලෙස […]
හෙරොයින් කිලෝග‍්‍රෑම් 103 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කළුබෝවිල සහ බත්තරමුල්ල ප‍්‍රදේශවලදීයි. ලද තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යයාංශය විසින් කළ වැටලීමකදී සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා. එම හෙරොයින් පාර්සල් 96 ක බහා සගවා තිබූ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ. හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 1,248 ක් […]