ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 05ක් සදහා බහරේනය රැකියා බලපත්‍ර ලබාදීම දින නියමයක් නොමැතිව අත්හිටුවා තිබෙනවා. කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් රතු ලැයිස්තු ගත රටවල පුද්ගලයින්ට අදාල තහනම පනවා තිබෙන බවයි පැවසෙන්නේ. මේ අනුව ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවලට ද බහරේනය නව රැකියා බලපත්‍ර ලබාදීම අත්හිටුවා තිබෙනවා.
මීගොඩ පොලිස් වසමේ මා කුඹුර ප්‍රදේශයේ දී පොලිසිය විසින් සිදුකල වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 25ක් හා මිලිග්‍රෑම් 300 ක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට ගෙන තිබෙන අතර ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී තවත් සැකකාරිනියක් හෙරොයින් සමග කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් සිදු කල වැටලීමකදී අත් අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර අනුරාධපුර අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් ද සිදු කල වැටලීමකදී […]
අද උදෑසන සිට ගාලු පාරේ වැල්ලවත්ත සිට කොළඹ දෙසට වන මංතීරුවේ වාහන ධාවනය සීමා කර තිබෙනවා. ඒ මළපවාහන පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්.
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක. වයඹ පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටසහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) […]
පවතින කොරෝනා වෛරසය ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන ඉන්දියාවේ නව දිල්ලි නුවරට පැනවූ සීමා හෙට සිට ලිහිල් කිරීමට එම ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම අඩුවීම හේතුවෙන්. .ඒ අනුව සාප්පු සංකීර්ණ, ආපනශාලා සහ වෙළෙඳසැල් ද හෙට සිට දිනපතා විවෘත කළ හැකි වන බවත් කෙසේ වෙතත් පාසල්, විද්‍යාල සහ අධ්‍යාපන ආයතන තවදුරටත් වසා දැමෙනවා.
කොරෝනා ආසාදිතයින් 1,886 දෙනෙකු අද (13) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 223,163ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
මේ දක්වා එන්නත් කළ වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වුණා. එම ගණන 137,067ක්. එහිදී සයිනොෆාම් පළමු මාත්‍රාව 59,881ක්, එහි දෙවන මාත්‍රාව 76,615ක් ලබා දී තිබෙන අතර ස්පුට්නික් V දෙවන මාත්‍රාව 390 දෙනෙකු සඳහාත් කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 181 දෙනෙකු සඳහාත් ලබාදී තිබෙනවා.
නිරෝධායන නීති උල්ලංඝණය කිරීම පිලිබදව ඉකුත් පැය 24 තුළ පුද්ගලයින් 1,353ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. ඒ එය නිරෝධායන නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් දිනක් තුළ අත්අඩංගුවට ගත් වැඩිම පිරිස වන අතර මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 31,391 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොවිඩ් ආසාදිත තවත් මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 2,136ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය […]
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් ශක්තිය ඉහළ නැංවීමේ අරමුණෙන් අතිගරු ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ උපදෙස් මත ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ අධික්ෂණය යටතේ අංක 02 බල ගණයට අයත් යුක්‍රේනයේ නිෂ්පාදිත ඇන්ටනොච් 32 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන් යානා 03 ක් අලුත් වැඩියා කටයුතු සදහා 2020 අගෝස්තු මස යුක්‍රේනය වෙත යවා තිබු අතර අලුත් […]
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ දිනපතාම මරු පහරවල් එල්ල කරන ආණ්ඩුව ඊයේ රාත්‍රියේ නවතම ප්‍රහාරය එල්ල කොට ඇති බවත් මුළුමහත් ජනතාවම අන්ත අසරණ වී සිටින අතර අවම මානව හැගීමක් හෝ තිබෙන පාලකයෙකුට කිසිසේත්ම කල නොහැකි ලෙස ආණ්ඩුව තෙල් මිල ඉහල දමමින් අමානුෂික මුහුණුවර සහිත වියරු ස්වභාවය යළි එළිදක්වා ඇති […]