News Line| Off Air
Generic placeholder image

May
17

ගතවූ සති දෙක තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 430ක්

Generic placeholder image

ගත වූ සති 02ක කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 430 දෙනෙකු වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරනවා. එයින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 150ක්. වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් ගණන 7,317 ක්.


May
17

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,275 දෙනෙකු අලුතින් හදුනා ගැනුණා. එයින් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන අතර එම ගණන 438ක්. ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින්,


May
17

ලක්සල සහ සළුසල සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා කොරෝනා ආසාදිතව මිය යයි

Generic placeholder image

ලක්සල සහ සළුසල සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.


May
17

සැමියාගේ යකඩ පොලු පහරින් 33 හැවිරිදි බිරිද අවසන් ගමන් යයි

Generic placeholder image

මහරගම, පමුණුව ප්‍රදේශයේ දී සැමියා විසින් සිය බිරිදව යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙන පුවතක් වාර්තා වනවා. ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙලෙස සැමියා විසින් 33 හැවිරිදි බිරිදව ඝාතනය කර තිබෙන බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.


May
17

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය අද විවෘත වෙයි

Generic placeholder image

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය දැඩි සෞඛ්‍ය නීති වලට යටත්ව අද විවෘත කර තිබෙනවා. කෙසේ වෙතත් සේවාවන් සිදු කර ගැනීමට , මීට පෙර 011-2 677 877 දුරකතන අංකයෙන් වේලාව වෙන් කරගත යුතු වනවා.


May
17

අද සිට තවත් ප්‍රදේශ 70ක් හුදකලා වෙයි – එම ප්‍රදේශයන් මෙන්න

Generic placeholder image

තවත් ප්‍රදේශ කිහිපයක් අද අලුයම සිට හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රදේශ 70ක් එලෙස හුදකලා කර තිබෙනවා. එම ප්‍රදේශයන් මෙන්න,


May
17

දිවයින පුරා ක්‍රියාත්මකව පැවැති ගමන් තහනම සංචරණ සීමාවන්ට යටත්ව අද ඉවතට

Generic placeholder image

දිවයින පුරා ක්‍රියාත්මකව පැවැති ගමන් තහනම සංචරණ සීමාවන්ට යටත්ව අද අලුයම 4.00ට ඉවත් කෙරුණා. ඒ අනුව සංචරණ සීමාවන්ට යටත්ව හැඳුනුම්පතේ අංක අනුව පුද්ගලයින්ට ගමන් කිරීමට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අතවශ්‍ය නොවන කටයුත්තකදී නිවසින් පිටව යාමේදී හැඳුනුම්පතේ අවසාන ඉලක්කම ඉරට්ටේ නම් ඉරට්ටේ දිනවලදී අවසාන අංකය ඔත්තේ නම් ඔත්තේ දිනවලදී ද නිවසින් පිටව යා හැකියාව […]


May
16

ඊයේ මෙරටින් තවත් කොරෝනා මරණ 20ක්

Generic placeholder image

මෙරටින් තවත් කොරෝනා මරණ 20ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 941 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.


May
15

චීනය අඟහරු මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩබස්වයි

Generic placeholder image

චීනය විසින් අඟහරු ග්‍රහයා මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩබැස්වූ බව එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර තිබෙනවා. අඟහරු ග්‍රහයා මත අභ්‍යවකාශ යානයක් සාර්ථක ගොඩබැස්වු දෙවන රට බවට චීනය පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


May
15

අකුණු සැර වැදී ඉන්දියාවේ වන අලි 18ක් මිය යයි

Generic placeholder image

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයෙහි නාගෝන්හි රක්ෂිත වනාන්තරයක ( Nagaon) අකුණු සැර වැදීමෙන් වන අලි 18 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමකින් අනතුරුව කළ සෝදිසි මෙහෙයුමකදී මිය ගිය වන අලින්ගේ මළ සිරුර හමුවූ බව වැඩි දුරටත් වාර්තා වෙනවා.


May
15

ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 2,269ක්

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 2,269ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 138,065ක් දක්වා ඉහළගොස් තිබේ.


May
15

ඊයේ මෙරටින් තවත් කොරෝනා මරණ 29ක්

Generic placeholder image

ඊයේ මෙරටින් තවත් කොරෝනා මරණ 29ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 921ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post