ලෝක තෙත්බිම් දිනය අදට යෙදී තිබේ. මෙවර තෙත්බිම් දිනයේ තේමාව ලෙස”තෙත්බිම් ප්‍රතිෂ්ඨාපනය කිරීමට කාලය යි” යන්න යොදාගෙන ඇත. තෙත්බිම් දිනයට සමගාමීව දිවයින පුරා වැඩසටහන් සංවිධානය කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත ප්‍රදේශ කළමනාකරණ අධ්යක්ෂ මංජුල අමරරත්න සඳහන් කළේය.
සුවිශේෂී ගේයපද රචිකාවියක් වන මාලිනි විජිතා විජයවීර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. සී.ටී. ප්‍රනාන්දු ශූරීන්ගේ හඬින් ඔපවත්වූ “මා බාල කාලේ අම්මාගෙ උකුලේ” එම ගේයපද මාලිනි විජිතා විජයවීර මහත්මියගේ ය. ඇය ඊයේ සිය දිවි ගමනට සමුදී ඇත. මියයන විට ඇය 89 වන වියේ පසුවූවා. 1991දී ඇගේ “පේ අයියා” යොවුන් නවකථාව විජේවර්ධන සම්මානයෙන් ද පිදුම් ලැබීය. ප්‍රදීපා ධර්මදාස […]
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
මාර්තු 09 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ හෝ හෙට දිනයේ නිකුත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. මේ අතර මැතිවරණ කොමිසම හා රාජ්‍ය නිලධාරීන් අතර සාකච්ඡා වට කිහිපයක් අද පැවැත්වීමට නියමිතයි. ඒ මැතිවරණය සහ රාජ්‍ය දේපල අවභාවිත වීම වැලැක්වීම ගැන දැනුවත් කිරීම සඳහායි.
ගිනිකොන දිග සහ ඊට යාබද නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 455ක් පමණ නැගෙනහිර දෙසට බරව ගිණිකොණ දෙසින් අක්ෂාංශ 8.1°N සහ දේශාංශ 85.3°E ආසන්නයේ කේන්ද්‍රගතව පවතී. එය ජනවාරි 31 සවස දක්වා ක්‍රමයෙන් බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කර පසුව දකුණට බරව නිරිත දෙසට හැරී 2023 පෙබරවාරි 01 පෙරවරුවේදී ශ්‍රී ලංකා […]
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය පෙබරවාරි 01 දින දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟා වීමේ වැඩි හැකියාවක් පවතී. එහි බලපෑම හේතුවෙන් අද (ජනවාරි 30) සවස්කාලයේ සිට දිවයිනේ වැසි ඇතිවිය හැකි අතර විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර, ඌව, උතුරුමැද සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ඇතැම් ස්ථානවලට මි.මී. 150 […]
ඇෆ්ගනිස්තානයට බලපා ඇති අධික ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 124 දෙනෙකු මියගොස් තිබෙනවා. පසුගිය සතිය තුළ එම පිරිස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අධිත ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් සත්වයින් 70,000ක් පමණ මියගොස් ඇති බව වාර්තා වේ.
ක්‍රිස් හිප්කින්ස් නවසීලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා. වෙලින්ටන් අගනුවර පැවති උත්සවයකදී නවසීලන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ ඔහු එලෙස දිවුරුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව 44 හැවිරිදි හිප්කින්ස් එරට 41 වැනි අගමැතිවරයා ලෙස මෙන්ම කම්කරු පක්ෂයේ නායකයා ලෙස ද පත්ව තිබෙනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට දිවයින පුරා කළු විරෝධතා සතියක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් හා ඖෂධ හිඟයට විසදුම් ඉල්ලමින්. ඒ අනුව මහජන පෙත්සමක් අත්සන් කිරීම ද අද සිදු කෙරුණා.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඇය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ බිරිඳයි. මියයන විට ඇය 88 හැවිරිදි වියේ පසුවිය.
දකුණු කළුතර දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සුළු ප්‍රමාදයක් සිදුව තිබෙනවා. අද උදෑසන දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය මෙලෙස පීලිපැනීමට ලක්ව ඇත.
බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දකුණු පළාතේ උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් එහි […]