වසර දෙකක පමණ සිට fb හරහා දැන හදුනාගෙන ඇති කරගත් ප්‍රේම සබදතාවයක් මත පසුව එම 16 හැවිරිදි දැරිය රවටා දඹානට රැගෙන ගොස් අපයෝජනය කල බව කියන 20 හැවිරිදි ආදීවාසී තරුණයෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අදාල ආදීවාසී තරුණයා විසින් එම දැරිය දඹානේ පිහිටි සිය නිවසට රැගෙන ගොස් මාස තුනක පමණ කාලයක් තිස්සේ සිට සිට ඇති […]
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතු කොටගෙන ඉන්දියාව තුල කොරෝනා ආසාදිතයින් වැඩි වීම නිසා ඉන්දියාවේ සංචාරකයින් හට සිය රට තුලට ඇතුළුවීම තාවකාලිකව අත් හිටුවීමට නවසීලන්තය තීරණය කර තිබෙනවා. නවසිලන්ත බලධාරීන් සදහන් කරන්නේ එරටට පැමිණෙන ඉන්දීය සංචාරකයින් නිසා එරට තුල කොරෝනා ආසාදිතයින් ඉහළ යෑම දක්නට ලැබෙන බවයි. ඉකුත් දා එරටින් නව කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු හදුනා ගැනුණු අතර […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවෙක් මෙන්ම පන්දු යවන්නෙක් ලෙස දක්ෂතා දක්වන ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ඊයේ යුග දිවියට ප්‍රවේශ වුණා. එම විවාහ උත්සවයේ ජායා රූප පෙළක් අනතර්ජාලයට එක් කර තිබෙනවා. එම ජායා රූප පහතින්,
රන්ජන් රාමනායක මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා අජිත් මාන්නාප්පෙරුම මහතා ද උදෑසන 10.00 ට පමණ කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
ලෝකයේ රටවල් කිහිපයක්ම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතයට නව සීමා හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව පෘතුගාලය සහ නෙදර්ලන්තය මෙලෙස නව සිමා හදුන්වා දීමට කටයුතු කර තිබෙනවා. පලමුව මෙම එන්නත වයස 60ට වැඩි පිරිසට පමණක් ලබාදීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
අද දිනයේ සිට සියලු රජයේ පාසල්වල අලුත් අවුරුදු නිවාඩුව අද සිට ලබා දෙනු ලබනවා. ඒ අනුව නැවත පාසල් ආරම්භ කරන්නේ ලබන්නේ 19 වැනිදා වන අතර අගෝස්තු නිවාඩුව තෙක් පාසල් විවෘතව තැබෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා.
ඊයේ දිනයේත් රිය අනතුරු වලින්පුද්ගලයින් 13 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අතරින් 06 දෙනෙකුම පදිකයින් වනවා.. උත්සව සමයේ රිය අනතුරු බහුලව සිදු විය අවදානම හේතුවෙන් දිවයින පුරා ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙලක් හෙට සිට ක්‍රියාත්මක බවයි පොලිසිය සදහන් කරන්නේ.
ඉන්දියාවේ නගර රැසකට යළිත් රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට සූදානම් වී තිබෙනවා. ඒ එම නගර වලින් කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් හමුවීමත් සමගයි. ඒ අනුව , කර්ණාටක ප්‍රාන්තයේ නගර 6 ක් හා බෙන්ගලූරු නගරයට හෙට සිට රාත්‍රී ඇඳිරි නීතිය රාත්‍රී 10.00 සිට අලුයම 5.00 දක්වා පැනවීමට නියමිතට තිබෙනවා. එම රාත්‍රී ඇඳිරි නීතිය අප්‍රේල් 20 වැනි දා දක්වා […]
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මුල්ලේරියාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී සරත් කුමාර නොහොත් “චීටි“ නැමති සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු මුල්ලේරියාවේ සිය නිවසේ භූගත බංකරයක් තුළ සැඟවී සිට ඇති අතර වැඩි දුර විමර්ශන සදහා අදාල සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා. ඉන්දියාවේ දී මියගිය “අංගොඩ ලොක්කා “ නැමති අපරාධකරු මුලින්ම […]
යුද සමයේ දී එල්.ටී.ටී.ඊ පොලිස් නිලධාරීන් යැයි පැවසෙන පුද්ගලයින් භාවිත කළ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පුද්ගලයින් 05ක් යාපනය නගරය ආසන්න ප්‍රදේශයක රාජකාරී කටයුතු සඳහා යොදාගැනීම තුළින් එම සංවිධානය ප්‍රවර්ධනයට අනුබලදීම හේතුවෙන් යාපනය මහනගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන […]
උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාව වෙනුවෙන් වු විශේෂ බස්රථ සේවාව අද සිට ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කරනවා. මේ අනුව එම කාලය තුළ අමතර බස් රථ 400ක් පමණ යෙදවීමට පියවර ගෙන ඇති අතර අද සිට අප්‍රේල් මස 15 දක්වා එම බස් රථ ධාවනය කිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. මේ […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව, සබරගමුව, මධ්‍යම, දකුණ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ද ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]