ක්‍රීඩාවන් අතර ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව එමෙන්ම ක්‍රිකට් ගහන අයට වඩා බලන අය දන්න ක්‍රීඩාවක් තමයි ක්‍රිකට් කියන්නේ. ඊයේ පැවැත්වුණු ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරගයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිළ ඊයේ සමත් වුණා. ඩිල්ෂාන්ගේ සුපිරි පිතිහරඹය හා පන්දු යැවීමෙන් එම ජයග්‍රහණයට හේතු වූ අතර අද කතාව අපේ […]
කොළඹ ජාතික රෝහලේ හෙදියක එම රෝහලේ කාමරයක හදිස්සියේ මිය යෑමේ පුවතක් වාර්තා වෙනවා. ඇය සියදිවි නසාගැනීමේ අදහසින් එන්නතක් විදගෙන ඇති බවටයි කරුණු වාර්තා වන්නේ. මෙම මිය ගිය හෙද බිරිය විවාහක සිය සැමියාට රහසිගතව අනියම් සම්බන්ධයක් පවත්වා ඇති අතර එම අනියම් ඇසුර පිලිබදව ඇයගේ සැමියා මෙම හෙදිය මිය යාමට දිනකට පෙර දැනගෙන ඇති බවයි පැවසෙන්නේ. මේ […]
මෙරට තරුණ කාන්තාවන්ට ඕමානයේ රැකියා ලබා දෙන බව පවසා එරටට රැගෙන ගොස් සුල්තාන්වරුන්ට විකුණු කාන්තාවක පොලිස් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඇයට විරුද්ධව සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි. දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් මෙලෙස ඇයට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ සොයා බැලීමකදී මෙලස මෙම ජාවාරම […]
මේ වන විට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතය තාවකාලිකව අත් හිටවූ රටවල් අතරට අලුතින් නෙදර්ලන්තය සහ අයර්ලන්තය එක් වී තිබෙනවා. ඒ තවත් යුරෝපා රටවල් කිහිපයක්ම මේ එන්නත භාවිතය තාවකාලිකව අත් හරින ලද පසුබිමකයි. කෙසේ වෙතත් රුධිර කැටි ගැසීම ඇතුළු ආසාත්මිකතා දැනට පවතින සාක්ෂි මගින් ඔප්පු නොවන බවයි එක්සත් රාජධානියේ ඖෂධ නියාමකයා සදහන් කරන්නේ. […]
ඉකුත් දා මෝටර් රථයක පිළිස්සී මිය ගිය තරුණයාගේ මළ සිරුරේ අනන්‍යතාවය තහවුරු කරගෙන තිබෙනවා. ඒ සිදු කරන ලද DNA පරීක්ෂණ වාර්තා මතයි. මේ අනුව අදාල පුද්ගලයා කොහුවල භාතිය මාවතේ පදිංචි ව සිටි සැක කරන ලද පුද්ගලයාගේ බවයි අනාවරණය වී ඇත්තේ. සැක කරන ලද එම දෙමවුපියන්ගේ DNA සාම්පල හා එම තරුණයාගේ DNA සාම්පල සැසදෙන බව පොලිසිය […]
ජෝර්දානයේ කොරෝනා ආසාදිත රෝගීන් පිරිසක් ඔක්සිජන් හිඟයකින් මිය යෑමේ සිද්ධියක් වාර්තා වී තිබෙන අතර මේ හේතුවෙන් එරට සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. එරට අගමැති වරයා මේ පිලිබදව අදහස් දක්වමින් සදහන් කරන්නේ එහි වගකීම සම්පුර්ණයෙන් තම රජය භාරගන්නා බවයි. එය තම රටේ සිදුවූ දැවැන්ත වරදක් බවද අගමැතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ. මෙලෙස ඔක්සිජන් හිඟයකින් […]
ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට මුදල් සැපයූ පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මොහු මීට පෙර මත්ද්‍රවය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයෙක් වන අතර මේ පුද්ගලයා ගේ ගිණුමකට ඩුබායි රාජ්‍යයේ සිට මුදල් ලැබී ඇති බවත් එමෙන්ම එම ගිණුමෙන් යම් මුදල් ප්‍රමාණයක් කින්නියා ප්‍රදේශයේ සිට මෙහෙයවනු ලබන යම් අනත්වාදී මත දරන සංවිධානයක ගිණුමකට […]
මේ වන විට සැලකිය යුතු ලෙස මහ මග අනතුරු ඉහළ යමින් පවතිනවා. ඊයේ දිනයේත් සිදු වූ රිය අනතුරු වලින් පුද්ගලයින් 12 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. වැඩි වශයෙන් මෙම රිය අනතුරු වලින් යතුරු පැදි කරුවන් අනතුරට ලක්ව මිය ගොස් තිබෙන අතර ඊයේ දිනයේත් යතුරු පැදි කරුවන් 06 දෙනකුත් , ත්‍රි රෝද රථකරුවන් දෙදෙනකු ද පදිකයින් දෙදෙනෙක්ද […]
සමගි ජන බලවේගයේ පළමු සංවත්සර සැමරුම අදට යෙදී තිබෙනවා. එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ්පාක් හිදී අද පස්වරුවෙඩි සංවත්සර සැමරුම ආරම්භවීමට නියමිතව තිබෙනවා.
ග්‍රෑන්ඩ්පාස් කජීමා වත්තේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්නෙන් නිවාස 50ක් පමණ විනාශ වී ඇති බවයි පැවසෙන්නේ. නිවසක දල්වා තිබූ පහනක් ගිනි ගැනීමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සමත් වුණා..ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 78ක් පමණි. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නායක ටී.එම්.ඩිල්ෂාන් ලකුණු 6කට කඩුලු 4ක් දවා […]
කොළඹ – නුවර මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ කඩවත – කිරිල්ලවල ප්‍රදේශයේදී අද අලුයම ලොරි රථයක් එම මාර්ගයේ පෙරලී අනතුරට ලක්වීම හේතුවෙන්. එම අනතුරට ලක් වූ ලොරි රථය මේ වන විට මාර්ගයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.