බ්‍රිතාන්‍යයේ පැතිර යන නව කොරෝනා වෙෙරස් ප්‍රභේදය මෙරටිනුත් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෙෙද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණ සිටින අයෙකුට එම වෙෙරසය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇති බවයි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඇතුළු කණ්ඩායමක් පැවැත්වූ පරීක්ෂණයකදී මේ බව තහවුරු වී […]
සිර දඬුවම් හිමි වූ හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය නීත්‍යානුකූලව අහෝසි වන්නේ තවත් මාස 6කින් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අධිකරණයට අපහාස කිරීම යන චෝදනාව මත රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා තිබූ නඩුවට අදාළ අවසන් තීන්දුව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළා. අදාළ තීන්දුව මගින් ප්‍රකාශ කෙරුණේ බරපතල වැඩ සහිතව සිව් වසරක් සඳහා […]
පස් හැවිරිදි දැරියක් අමානුෂික ලෙස අපයෝජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා අපයෝජනයට ලක් වූ දැරියගේ පියාට අයත් වතු යායක සේවය කළ අයෙකු වන අතර නිවසේ කිසිවෙක් නොසිටි අවස්ථාවක දැරියව රවටා ළඳු කැලෑවකට රැගෙන ගොස් මෙලෙස අපයෝජනයකර ඇති බවයි පොලිසිය පැවසුවේ. දැරිය රක්වාන ප්‍රාදේශීය රාේහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහරෝහල වෙත […]
TNA පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරාරාජසිංහම් ඝාතන නඩුවේ විත්තිකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරායි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් සහ තවත් සැකකරුවන් 04 දෙනෙකු මඩකලපුව මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. .
ලොව කොරෝනා බලපෑම වැඩිම රට ලෙස තව දුරටත් ඇමෙරිකාව පෙරමුණ ගෙන තිබෙන අතර මේ අනුව ඊයේ දිනය තුල පමණක් එරට වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 4085ක්. මේ දක්වා එරට සිදුව තිබෙන සමස්ත මරණ ගණන 389,425ක් වේ. එමෙන්ම ආසාදිතයින් 212,404 දෙනෙකු නව ආසාදිතයින් ලෙස අලුතින් හදුනා ගැනුණා.
රුපියල් එක් කෝටියකට අධික මුදල් සහ පවුම් 40ක ස්වර්ණාභරණ සමග දෙදෙනෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කළ වැටලීමකදීයි. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, රුපියල් එක් කෝටි විසි හය ලක්ෂ හතලිස් තුන් දහසක මුදලක් ඔවුන් සතුව තිබී සොයා ගත් අතර එම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් […]
පෙබරවාරි මාසය වනවිට කිසියම් හෝ කොරෝනා එන්නතක් අනිවාර්යයෙන්ම මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
වෙළඳපොළ, මසුන් අලෙවි කරන ස්ථාන ඇතුළු ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල කොරෝනා ක්ෂණික පරීක්ෂණ සිදු කිරීමට තීරණයකර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එමෙන්ම බස්නාහිර පළාතෙන් වෙනත් පළාත් වෙත ජනතාව පිටව යන විට මින් පෙර සිදු කළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ යළිත් පැවැත්වීමට ද තීරණයකර ඇති බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ. ඒ අනුව අදාළ […]
කොවිඩ් 19 වෙෙරසය ආසාදනය වී මිය ගිය තවත් සිව් දෙනෙකු පිළිබඳ තොරතුරු ඊයේ රාත්‍රී වාර්තා වුණා. කොළඹ 13, හංවැල්ල, මාතලේ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් එලෙස මියගියා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 මරණ ගණන දැක්වෙන්නේ 244ක් ලෙසයි. අදාළ මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැනීම නිසා අද දිනයේ පාර්ලිමේන්තුව තුළ PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 10 සිට පස්වරු 03 දක්වා මෙම PCR පරීක්ෂණ සිදු කෙරෙන අතර අනිද්දා දිනයේ ද PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිතව තිබෙන හෙයින් එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද PCR පරීක්ෂණ […]
කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඒමට නොහැකිව විදෙස් රටවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 284 දෙනකු දිවයිනට පැමිණ තිබෙනවා. අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුල රජයේ විශේෂ අවසරය මත ගුවන් යානා 08 කින් මෙරට පැමිණ තිබෙන අතර ඒ පැමිණි පිරිස ඩුබායි සහ කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පිරිස අතර වේ. ඔවුන් […]
බලපිටිය, කොස්ගොඩ ප්‍රදේශයේ ළඳු කැලෑවකින් හෙරොයින් තොගයක් සොයාගත් බව පොලිසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, පොලිස් විශේෂ කාර්යය බලකාය සිදු කළ විශේෂ මෙහෙයුමකදී අදාළ හෙරොයින් තොගය සොයා ගත් බවයි. හෙරොයින් කිලෝ ග්‍රෑම් 20ක ප්‍රමාණයක් එලෙස සොයා ගැනුණා. බෙදා හැරීමේ අරමුණින් එම හෙරොයින් තොගය සඟවා තබන්නට ඇති බවට සැක කරන […]