නව කොරෝනා වෙෙරසය ආසාදනය වූ 102 අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙනවා. එරට සෞඛ්‍ය අංශ පවසන්නේ එලෙස වෙෙරසය ආසාදනය වූ සියලු දෙනා විශේෂිත පහසුකම් යටතේ අදාළ ප්‍රාන්තවල ප්‍රතිකාර ලබන බවයි. එමෙන්ම එම පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් සියලු දෙනා නිරෝධායනයට ලක්කර තිබෙනවා.
ගුවන් යානා නිෂ්පාදනය පහල යාමත් සමඟ බෝයිං සමාගම රැකියා දහස් ගණනක් කප්පාදු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. බෝයිං 37 මැක්ස් වර්ගයේ යානා කිහිපයක් පසුගිය කාල සීමාවේදි අනතුරට ලක්වු අතර ඒ සමඟ ගුවන් යානා නිෂ්පාදනය බිඳවැටුණු බව එම සමාගම නිවේදනය කර තිබෙන අතර පවතින කොරෝනා වෛරසය හමුවේ ගුවන් ගමන් ද අඩාල වීම හේතුවෙන් […]
බරපතල වැඩ සහිතව වසර 4ක් සඳහා සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තවත් මාස 6කින් නිල වශයෙන් අහෝසි වන බව මැතිවරණ කොමිෂන් සභාව අද නිවේදනය කළා. ඒ අනුව ඔහුගෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එළැඹෙන සඳුදා සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතව තිබෙනවා. සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක […]
හෙට දිනයේදී විවාහ වීමට සිටි කෑගල්ල ඔලගන්කන්ද ප්‍රදේශයේ පදිංචි උපාධිධාරී තරුණයෙකු වන මනමාලයා සිය විවාහ මංගල්‍යයට නිවස සුදානම් කිරිමේදී නිවස පිටුපස පිහිටි මඩුවකට විදුලි බල්බයක් දැමීමට ගොස් විදුලි සැර වැදී මිය ගොස් තිබෙනවා. විදුලිසැර වැදුණු අදාල පුද්ගලයා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බවයි පැවසෙන්නේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වූ ඔහු පෞද්ගලික […]
ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් 22 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී ඇති බවයි.
facebook හරහා වෛරී සහගත ප්‍රකාශ කල පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ෆසාල් මොහොමඩ් නිසාර් නමැති ව්‍යාපාරිකයෙකු වන අදාල පුද්ගලයා ජාතීන් අතර සුහදතාවය බිඳ වැටෙන ආකාරයේ ප්‍රකාශ facebook හරහා ප්‍රචාරය කර තිබෙන අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම 18 වෙනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය […]
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය, පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වුණා. එම රැස්වීමේදී පක්ෂයේ තනතුරුවල වෙනසක් සිදු කිරීමට තීරණයකර තිබෙනවා. ඒ අනුව පක්ෂයේ සභාපතිවරයා ලෙස වජිර අබේවර්ධන මහතා පත් කෙරුණා. එමෙන්ම පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පත් කෙරුණේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතායි. මෙතෙක් කලක් පක්ෂයේ මහා ලේකම් ධුරය හෙබවූ අකිල […]
කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඉකුත් 6 වැනිදා සිට අමාත්‍යවරයා හමු වූයේ නම් ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස වාසුදේව නානායක්කාර මහතා දැනුම් දෙන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. එම නිවේදනයේ සඳහන්ව තිබූ කරුණු පහතින් : “ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම […]
අධිකරණයට අපහාස කළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි විශ්‍රාමික යුද හමුදා මේජර් හා නීතිඥ අජිත් ප්‍රසන්න මහතා දැඩි ඇප කොන්දේසි සහිතව මුදා හරින ලෙස නියෝග කෙරුණා. පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අජිත් ප්‍රසන්න මහතාව රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික […]
වනජීවී නිලධාරීන් විසින් ලුණුගම්වෙහෙර දෙමලිය ප්‍රදේශයේ සිදු කල හදිසි වැටලීමකදී මුව මස් සන්තකයේ තබා ගත් හමුදා සැරයන්වරයෙක් හා සෙබළුන් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබී මුවමස් කිලෝ 58, වියළි මුව මස් කිලෝ 2, ක් හමුව තිබෙන අතර එම මස් විකිණීම සදහා සුදානම් කර තිබු බවට වනජීවී නිලධාරීන් සදහන් කරනවා. සැකකරුවන් පැමිණි යුධ හමුදා […]
පවතින අධික වැසි තත්ත්වය හමුවේ අනුරාධපුර, නාච්චාදූව ජලාශයේ වාන් දොරටු විවෘතකර තිබෙනවා. මල්වතුඔය පහළ කොටසේ වෙසෙන ජනතාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ විමසිල්ලෙන් පසුවන ලෙසයි.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් කොළඹ ප්‍රදේශ කිහිපයක් දීර්ඝ කාලයක් හුදකලා කර තිබූ අතර මේ වන විට එම ප්‍රදේශ බොහොමයක් හුදකලා බව ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත් ජනතාව විසින් රජය සහ සෞඛ්‍ය අංශ ලබා දී තිබෙන උපදෙස් වලට අනුව කටයුතු නොකරන්නේ නම් යලි එම ප්‍රදේශ හුදකලා කිරීමට සිදුවන බවට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ […]