News Line| Off Air
Generic placeholder image

Jan
11

ඉදිරි පැය කිහිපය තුළ රාජාංගනය ජලාශය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක්

Generic placeholder image

රාජාංගනය ජලාශය ආශ්‍රිත පහත් බිම් කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව ප්‍රදේශයේ පහත් බිම් කිහිපයක් ජලයෙන් යට වීමට හැකි බව පැවසෙන අතර රාජාංගනය ජලාශයේ වාන් දොරටු කිහිපයක් අද දහවල් කාලයේ විවෘත කර තිබෙනවා


Jan
11

ඉන්දියාවේ කුරුලු උණ වෛරසයත් පැතිර යයි

Generic placeholder image

ඉන්දියාවේ කුරුළු උණ වෛරසය පැතිරයාම හේතුවෙන් එරට පක්ෂීන් ආනයනය තාවකාලිකව තහනම් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. මේ වන විට ඉන්දියාවේ ප්‍රධාන අගනුවර වන නවදිල්ලියේ පක්ෂීන් 200 ක් පමණ මෙම වෛරසය හේතුවෙන් මියගොස් ඇති බවයි පැවසෙන්නේ. මෙම වෛරසය අසාදනයෙන් මිය යන පක්ෂීන් ගේ රුධිර සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර තිබෙන අතර කෙසේ වෙතත් මෙම වෛරසය මේ […]


Jan
11

සම්පායෝ ඇතුළු 7කට අධි චෝදනා 90ක් – 7 දෙනාට ඇප

Generic placeholder image

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා ඇතුළු 7 දෙනෙකුට මීගමුව මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබෙනවා. ඔවුන්ට ගොනුකර ඇති අධි චෝදනා ගණන 90ක් බවයි වාර්තා වුණේ. එලෙස අධි චෝදනා භාර දීමෙන් පසු සැකකරුවන් 7 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.


Jan
11

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය තාවකාලිකව වසයි

Generic placeholder image

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ, එම පීඨයේ ගොවිපළ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සීමාවාසික සිසුවෙකුට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමගයි. අදාළ සිසුවා සිය අධ්‍යයන කටයුතු සඳහා සය දෙනකුගෙන් යුත් කණ්ඩායමක සාමාජිකයෙකු ලෙස ජංගම සායනික කටයුතුවල යෙදී සිටි අයෙකු බවයි විශ්වවිද්‍යාල පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ. එම […]


Jan
11

පාර්ලිමේන්තුවේ තවත් මන්ත්‍රීවරයෙකුගේ PCR වාර්තා නිකුත් වෙයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සහ පවුලේ සියලුදෙනා පීසීආර් පරීක්ෂණයක් සඳහා ඊයේ දිනයේ යොමුව තිබුණු අතර මේ වන විට එම පරීක්ෂණ වාර්තා නිකුත් වී තිබෙනවා. එහි ප්‍රතිඵලය අනුව මන්ත්‍රීවරයාට හෝ පවුලේ කිසිවෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.


Jan
11

චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් යළිත් කොරෝනා රෝගීන් වාර්තා වෙයි

Generic placeholder image

කොරෝනා වෙෙරසයේ මූලාරම්භය බවට සැළකෙන චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් යළිත් වරක් කොරෝනා ආසාදිතයින් හඳුනා ගනිමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා පවසනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ, මේ වනවිට හුබෙයි ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයින් 82 හඳුනාගෙන ඇති බවයි. මේ අතර එරටින් ඊයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 103ක්. එම සංඛ්‍යාව මාස 5කින් පසු වාර්තා වන ඉහළම අගය බවයි චීනයේ […]


Jan
11

මුදලට ඔන්ලයින් ඔස්සේ ගණිකා ජාවාරමේ යෙදුණු කාන්තාවන් කල්ලියක් පොලීසියට කොටු වෙයි

Generic placeholder image

අන්තර්ජාලය හරහා මුදලට සිය නිරුවත් ජායා රූප ගනුදෙනුකරුවන්ට ප්‍රදර්ශනය කරමින් ගණිකා ජාවාරමේ යෙදුණු කාන්තාවන් පිරිසක් බස්නාහිර බුද්ධි කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ව්‍යාජ වෙබ් ගිණුම් විවෘත කර සිය දුරකථන අංකයන් ද එහි සදහන් කර ගනුදෙනුකරුවන් සොයා ඔවුන් ඊට පසු අත්තිකාරම් මුදලක් ලබා ගෙන අදාල ගනුදෙනු කරුවන් සමග සුපිරි හෝටලයකට ගොස් අයවන කාමර ගාස්තුවද ගනුදෙනුකරුවන් විසින් […]


Jan
11

මුගුරකින් පහර දී කාන්තාවක් ඝාතනය කරයි

Generic placeholder image

නිවිතිගල, කරවිට ප්‍රදේශයේදී බීමත් පුද්ගලයෙකු විසින් මුගුරකින් සහ තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කරනු ලැබ තිබෙනවා. පොලිසිය පැවසුවේ ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමක් එලෙස දුරදිග ගොස් ඇති බවයි. අදාළ පුද්ගලයා කාන්තාවන් දෙදෙනෙකුට පහර දී ඇති අතර ඔවුන්ව රත්නපුර රෝහලට ඇතුළත්කර තිබුණා. එහිදී එක් කාන්තාවක් මියගියා. 28 හැවිරිදි ඇය පහළ කරවිට […]


Jan
11

වෛරසය ආරම්භ වූ බවට සැලකෙන චීනයේ පළමු කොරෝනා මරණය වාර්තා වී අදට වසරක් ගත වෙයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය ආරම්භය සිදු වූ බවට පැවසෙන චීනයේ වුහාන් නගරෙය්න් වාර්තා වූ පළමු කොරෝනා මරණය සිදු වී අදට වසරක් ගත වන බව වාර්තා වෙනවා. එලෙස ජිවිතක්ෂයට පත්ව තිබුනේ වයස අවුරුදු 61 ක පමණ පිරිමි පුද්ගලයෙකි. එලෙස වසරක් පමණ ගත වන කොරෝනා වෛරසයෙන් මේ වන විට ලොව පුරා පුද්ගලයින් 1,943, 099 ක් ජිවිතක්ෂයට පත් ව […]


Jan
11

මවට අමානුෂික ලෙස පහර දී ලිංගික අතවර කළ පුත්‍රයා අත්අඩංගුවට

Generic placeholder image

තම මවට අමානුෂික ලෙස පහර දී ලිංගික අතවර කළ පුද්ගලයෙකු පසුගිය 8 වැනිදා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. තමන් වැන්දඹු තිදරු මවක් බවත්, සැකකාර පුත‍්‍රයා පවුලේ දෙවැන්නා බවත්, තමන්ට බිරිඳක් ගෙනැවිත් දෙන ලෙස ඔහු නිතර බල කරන බවත් ඇය පොලිසිය හමුවේ පවසා තිබෙනවා. ලිංගික අතවර කළ දිනයේ තම හිස යකඩ කණුවක හප්පා පහර දුන් බවත් […]


Jan
11

ඇමති වාසුදේවටත් කොරෝනා

Generic placeholder image

අමාත්‍ය වාසුදේව නානායක්කාර හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා. පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු විසින් මේ පිලිබදව කල විමසීමකදී ඔහු මේ බව තහවුරු කර තිබෙනවා.


Jan
11

තරුණයින් ගණිකා වෘත්තියට ඈඳාගත් කතුන් තිදෙනාට වැඩ වරදියි

Generic placeholder image

සමාජ මාධ්‍ය ඔස්සේ තරුණයින් ඉතා සූක්ෂම අයුරින් ගණිකා වෘත්තිය සඳහා සම්බන්ධකර ගත් කාන්තාවන් තිදෙනෙකු පිළියන්දල ප්‍රදේශයේ ස්ථාන තුනකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ උපාය දූතයින් මාර්ගයෙන් අදාළ කාන්තාවන් තිදෙනා කොටුකර ගැනීමට කටයුතු කළ බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 24,26 සහ 48 යන වයස් සීමාවන්වල පසු වන්නන් වන අතර ඔවුන් මාතලේ සහ ඉංගිරිය යන ප්‍රදේශවල […]


News Articles
Latest Videos
Most Popular Post