පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කදුකරයට ඇද හැලෙන වර්ෂාව නිසා මහවැලි ගගේ ජල මට්ටම ඉහල යාම නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මහවැලි ගගේ ජල මට්ටම ඉහලයෑම නිසා පහත් බිම් වෙසෙ ජනතාව අවදානයෙන් කටයුතු කරන්නැයි ඉල්ලීමක් කරනවා.
මිනුවන්ගොඩ – ඕපාත ප්‍රදේශයේ තිබී පුද්ගල මළ සිරුරු දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ පෞද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් බිරිදගේ ගෙල කපා ඝාතනය කර ඇති බවත් ඉන් පසුව ඔහුද ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි. මිට පෙර එම බිරිද සිය දරුවන් දෙදෙනා ද සමග නිවසින් පිටව […]
මහර බන්ධනාගාර ගැටුම පිලිබදව සොයා බැලීම සදහා පත් කල පංච පුද්ගල විමර්ශන කමිටුව මේ වන විට බන්ධනාගාරයට ගොස් සාක්ෂි සටහන් කර ගනිමින් සිටින බව වාර්තා වෙනවා. මෙම කමිටුව අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කල අතර අදාල සිද්ධිය හේතු වූ කරුණු සොයා බලා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව ද අවශ්‍ය නිර්දේශ ලබා දෙන ලෙස උපදෙස් ලබා දී […]
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මස පැවැත්වීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සදහන් කරනවා. අද පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.
“බුරවි” සුළි කුණාටුව දකුණු ඉන්දියාවට ළඟාවෙමින් තිබෙන බව එරට මාධ්‍ය පෙන්වා දෙනවා. ඒ අනුව අද රාත්‍රී කාලය තුල හෝ හෙට උදැසන කාලයේ මෙම සුළි කුණාටුව දකුණු ඉන්දියාවට ඇතුළු වන බවට එරට කාලගුණයෙන් අනාවැකි පල කර තිබෙනවා. මේ අනුව තමිල්නාඩු ප්‍රාන්ත ඇතුළු දකුණු ඉන්දියානු ජනතාව විශේෂ අවදානයකින් පසු වන ලෙසට දැනුම් දී තිබෙනවා. ධීවර කටයුතු තහනම් […]
මාතලේ මහනගර සභාවේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතාව එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා. ඒ නගරාධිපතිවරයාට තිබු චෝදනා පිලිබදව සිදුකළ විමර්ශනයේ වාර්තාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර වෙත ලබා දී තිබු අතර එම වාර්තාවට අනුව නගරාධිපතිවරයා සිය ධූරයේ කටයුතු කරන විට මහනගර සභා ආඥාපනතේ ඇතැම් වගනතිවල සදහන් වැරදි සිදු කර තිබීම නිසා ඒ අනුව එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු […]
මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පළාගිය රැඳවියා ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා. අදාල රැඳවියා මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.
ඊයේ රාත්‍රියේ ලංකාවට ඇතුළු වූ බුරලි සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට මිලිමීටර 200 ඉක්ම වූ තද වැසි යාපනය ප්‍රදේශයට ඇද හැලෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. අද දහවල් කාලය වන විට බුරලි සුළි කුණාටුව මන්නාරම් බොක්ක හරහා දිවයිනෙන් ඉවතට යන බවට පවසන එම දෙපාර්තුමේන්තුව ඒ තුලින් එම කුණාටුවේ බලපෑම ක්‍රමයෙන් පහව යන බවට […]
අතවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් වත්තල ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 10.00 සිට හෙට අලුයම 4.00 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත් හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරනවා. මෙලෙස ජලය සැපයුම අත් හිටුවන ප්‍රදේශ වන්නේ හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණපාර, බලගල, ගලගහදූව, මරදාන පාර, ඇලකන්ද හා හැදල පාරේ කොටසකටයි.
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ඇමෙරිකාවේ ගත වූ පැය 24 කාලය තුල වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ගණන සහ ආසාදිතයින් ගණන වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනය තුල එරට කොරෝනා මරණ 2841 ක් වාර්තා වී තිබෙනවා. එපමනක් නොව කොරෝනා ආසාදිතයින් 203427 අලුතින් හදුනාගෙන තිබෙනවා.
ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයින් 878ක් වාර්තා වූ අතර එයින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුයේ කොළඹින්. එම ගණන 402ක්. ඒ අනුව කොරෝනා දෙවන රැල්ලේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු ආසාදිතයින් ගණන 10,000 ඉක්මවා ගොස් තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 188 දෙනෙක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් 98ක් ඊයේ දිනය තුල නව ආසාදිතයින් ලෙස හදුනා ගැනුණා.
මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා ප්‍රතිකාර සදහා රාගම රෝහලට ඇතුළත් කර සිටි රැඳවියෙක් රෝහලෙන් පළා ගොස් ඇති බව වාර්තා වෙනවා. ඊයේ රාත්‍රියේ අදාල රැදවියා රෝහලෙන් පළා ගොස් ඇති අතර මේ වන විට එම රැදවියා සොයා මෙහෙයුම් දියත් කර තිබෙනවා.