රජයේ සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විදුලි බලය, ඉන්ධන සහ ගුවන් තොටුපොළ – වරාය ආශ්රිත සේවාවන් එමගින් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. අදාළ ගැසට් නිවේදනය පහතින්.
ටෙස්ලා සමාගමේ නවතම නිෂ්පාදනයක් වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා. ඒ සයිබර් ට්‍රක් රථයකුයි. එහි පළමු ට්‍රක් රථ දහස ගනුදෙනුකරුවන් සඳහා මේ වන විටත් පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ. එම සයිබර් ට්‍රක් රථයක් වටිනාකම අමෙරිකානු ඩොලර් 60,990ක්. එක් වරක් සිදුකරන බැටරි ආරෝපණයකින් පසුව මෙම ට්‍රක් රථයෙන් කිලෝමීටර 547ක් ගමන් කර හැකි වීම එහි එක් විශේෂත්වයකි. ටෙස්ලා සමාගමේ […]
අමෙරිකාවේ නෙවාඩා විශ්වවිද්‍යාලයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයින් 3ක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මධ්‍යයේ දැක්වෙන්නේ. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ද ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරය හමුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම සිදුවීමත් සමඟ නෙවාඩා විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමටයි […]
යුක්රේන හමුදාවට සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු රුසියානු වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙසේ මිය ගොස් ඇති කපිතාන් රනිෂ් හේවගේ කලක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කළ අයෙකු බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව බලපත්‍රලාභි වාණිජ බැංකු හරහා ක්‍රියාත්මක කරන මනුසවි විගමනික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ජනගත කිරිම කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ දී සිදුකර තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති හිල්මි අසිස් හා ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් එහි ප්‍රාදේශීය සංවර්ධන […]
අමෙරිකාවේ වොෂින්ටන්හි නිවසක විශාල පිපිරීමක් සිදුවන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. යම් අපරාධකරුවෙකු සැඟව සිටි නිවසකුයි මෙලෙස පිපිරීමට ලක්ව ඇත්තේ. එම අපරාධකරුව අත්අඩංගුවට ගැනීමට යාමේ දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ඔහු නිවස තුළ දී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර පසුව පිපිරිම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අනතුරෙන් පොලිස් […]
ඔක්තෝබර් මාසයේ අසුවැසුම මේ වන විට බැංකු වෙත යවා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. ඒ අනුව පවුල් ලක්ෂ 14කට අධික පිරිසකට නම් ප්රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා. මීට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන අට දහස් 775ක්.
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපතෙහි පිහිටා ඇති වඩා සක්‍රීය ගිනි කන්දක් වන මරපි කන්ද විදාරණය වී තිබෙනවා. ගිනි කන්ද විදාරණය වන අවස්ථාවේ එම කන්ද තරණය කරමින් සිටි 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම තවත් පුදගලයන් 12 දෙනෙකු පමණ අතුරුදන් බව වාර්තා වනවා. ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කරන්නේ ගිනිකන්ද විදාරණය වන අවස්ථාවේ එම ප්‍රදේශය අවට පුද්ගලයන් […]
2024 වර්ෂයට අදාළ අයවැය අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. අනුව ජනාධිපතිවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය පිළිබඳ විවාදය හෙට (14) දිනයේ සිට ලබන 21වන දින දක්වා පැවැත්වීමට නියමිතය. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 […]
ලෝක පොල් දිනය පසුගිය සැප්තැම්බර් 02 වැනිදාට යෙදී තිබුණා. “උතුරටත් පොල් ත්‍රිකෝණයක්” යන්න තේමා කර ගනිමින් මෙවර ශ්‍රී ලංකාව පොල් දිනය සමරනු ලැබුවා. එලෙස දිනයක් වෙන්කර ගනිමින් පොල් ගැන සැමරුවත් එහි ඇති ගුණ නම් කියා නිම කළ නොහැකියි. මන්ද ඒ තුළ අඩංගු ගුණ සමුදාය අසීමිතයි. එදිනෙදා අහාර පිළියෙළ කිරීමේ දී අනිවාර්යය දෙයක් ලෙස ගෘහනියන් පොල් […]
ඊශ්‍රායලය පසුගියදා දකුණු ගාසා තීරයේ වැසියන්ට අනතුරු අඟවමින් උතුරු ප්‍රදේශයට පලා යන ලෙසට දැනුම් දුන්නා. ඒ ගාසාවට දැවැන්ත ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව පවසමිනුයි. මෙම ගොඩබිම් ප්‍රහාරයට තම හමුදා සූදානම් වන බව ඊශ්‍රායල අගමැති පවසනවා. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ දී අය කරන ගාස්තු සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන සංශෝධිත ගාස්තුව රුපියල් 1000 ක් වනු ඇති. ගාස්තු සංශෝධන ඇතුළත් නව ගැසට් නිවේදනය පහතින්.