බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් මේ මස 23 වන සඳුදා ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සදහන් කරනවා. ඒ 6 සිට 13 දක්වා ශ්‍රේණි දක්වා යි.
2021 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය සදහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව පැමිණ තිබෙනවා.
මේ වන විට පවතින තත්වය හමුවේ හැකි තාක් ජනතාව මුදල් භාවිතය අවම කර කාඩ්පත් මගින් ගනුදෙනු සිදු කරන ලෙසට ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා. මුදල් හරහා කොරෝනා වෛරසය ව්‍යප්ත වීමේ අවදානමක් පවතින බැවින් එම අවදානම ද ඒ තුලින් අවම වන අතරම කාඞ්පත් මඟින් සිදුකරන ගනුදෙනු වලට වඩාත් හුරු වීමට ද එය අවස්ථාවක් බවයි පැවසෙන්නේ.
කොරෝනා වෛරසය හේතුවෙන් පාසල් තුන්වන වාරය ආරම්භ කිරීම මේ මස 23 වෙනිදා දක්වා දිගු කල අතර කෙසේ වෙතත් ඒ පිලිබදව ද අවසන් තීරණය අද මාධ්‍ය වෙත ප්‍රකාශ කරන බව වාර්තා වෙනවා. ඊයේ පැවැති සෞඛ්‍ය බලධාරීන් හා අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් අතර කතිකාවේ ගත් අවසන් තීරණය මෙලෙස අද ප්‍රකාශ කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.
සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් හා දඩ මුදල් නියම වී ඇප මත මුදාහැර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියම කළා. කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් සමන්විත […]
කොරෝනා වෛරසය සෑම පෘෂ්ඨයක් මතම රැදෙන බවට මේ වන විට සොයාගෙන තිබෙන නිසා අමු මාළු පෘෂ්ඨයන් මතද මෙම වෛරසය තිබීමට ඉඩ ඇති බැවින් අමුවෙන් මාළු අනුභව කිරීමෙන් වෛරසය සෘජුව ශරීර ගතවිය හැකි බවට වාර්තා වෙනවා. වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය අමු මාළු අනුභව කිරීම සඳහා සකස් වී තිබෙන නමුත් මිනිසාගේ එසේ නොවන බවත් […]
මේ වන විට මාරාන්තික කොරෝනා වෛරසය හමුවේ බොහෝ පිඩාවට පත්ව සිටින ලොව පුරා රටවල් අතර ඇමෙරිකාව පෙරමුණේ තවමත් පසුවන අතර මේ වන විට ඇමෙරිකාව තුල කොරෝනා වෛරසය එහි පාසල් ළමුන් පුරා සීග්‍රයෙන් පැතිර යන බවට විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ අනුව එරට පාසල් ළමුන් ලක්ෂ 03 කට පමණ මේ වන විට මෙම වෛරසය ආසාදනය වී […]
අද දින උදෑසන වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 327ක් හඳුනා ගෙන තිබෙනවා. දේශියව පුද්ගලයින් 325ක් සහ විදේශය රටවල සිට මෙරටට පැම්ණි විදේශිය මුහුදු ආරක්ෂකයින් 02 දෙනෙකු ලෙස එය වාර්තා වෙනවා. ඊයේ හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩ්ම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේකො ළඹ ප්‍රදේශයෙන් වන අතැර එම ආසාදිතයින් ගණන 157 ක්,ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 111 ක්, රත්නපුර ප්‍රදේශයෙන් […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.ඒ අනුව දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැක. දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]
මලාපවහන පද්ධති තුළ ද කොරෝනා වෛරසය පැවතිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ, වෛරසයේ හැසිරීම තවමත් අධ්‍යයන මට්ටමේ පවතින බවයි. මල ද්‍රව්‍ය ජල පද්ධතිවලට එකතුවීමේ හැකියාවක් පවතින බවත් ඒ තුළින් විවිධ ස්ථානවලින් වෛරසය හඳුනාගැනීමේ හැකියාව පවතින බවත් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
තමන් සාර්ථක ද අසාර්ථක ද යන්න පිළිබඳ හොඳම මිනුම් දණ්ඩ ජනතා මතය මිස දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ ජාලවල පතුරන සංවිධානාත්මක බොරු ප්‍රචාර නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, අද රාත්‍රී ජාතිය අමතමින්. ජනතාව අපේක්ෂා කළ පරිදි රට සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර මෙම කෙටි කාලය තුළ ගෙන ඇති බවත්, ජාති […]
තවත් නව කොරෝනා ආසාදිතයින් 92ක් හඳුනාගෙන තිබෙනවා. යුද හමුදාපතිවරයා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 325ක්. එමෙන්ම දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්රයෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 14,893ක් ලෙසයි.