ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පරාජයෙන් පසු පළමුවරට ඊයේ එරට ජනතාව ඇමතුවා. ඒ, ධවල මන්දිරයේ රෝස් උද්‍යානයේදීයි. එහිදී ජනතාව අමතමින් ඔහු පවසා ඇත්තේ, සිය පාලන කාලය තුළ රට අගුලු දැමීමට කිසි විටෙකත් තමන් කටයුතු නොකළ බවයි. එහෙත් ඉදිරි කාලයේදී කුමක් සිදුවේද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ නොහැකි බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ. එමෙන්ම ජනාධිපතිවරණ පරාජය […]
කොරෝනා ආසාදනය වූ තවත් 293 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ වනවිට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 11,324ක් ලෙසයි.
කොරෝනා වෛරසය වැළඳී මහමඟ වැටී පුද්ගලයින් මිය යන බවට සමාජ මාධ්‍යය ඔස්සේ අසත්‍යය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. අද උදෑසන කඩුගන්නාව ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එලෙස අත්අඩංගුවට ගත්තේ 35 හැවිරිදි පුද්ගලයෙක්. එවැනි අසත්‍යය පුවත් පළ කරන හා ඒවා හුවමාරු කරන පුද්ගලයින් හට දැඩිව නීතිය ක්‍රියාත්මක […]
පවතින වසංගත තත්ත්වය හමුවේ කොළඹ නගරය තුළ හුදෙකලාකර ඇති ප්‍රදේශ, නිවාස සංකීර්ණ ඇතුළු ස්ථානවල නොමිලයේ ජංගම සායන පැවැත්වීමට තීරණයකර ඇතැයි කොළඹ මහනගර සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් නාගරික කොමසාරිස් නීතීඥ රෝෂණී දිසානායක මහත්මිය පවසන්නේ, අදාළ ස්ථානවල බෝනොවන රෝගවලින් පෙළෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එම සායන පවත්වන බවයි. එමෙන්ම කොළඹ නගරයේ ජනතාවට සිය සෞඛ්‍ය ගැටළු විමසීමට […]
කුරුවිට සහ පැරණි බෝගම්බර යන බන්ධනාගාරවලින් කොරෝනා වෛරසය ආසාදනය වූ රැඳවියන් 94දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 80ක් වන අතර කුරුවිට බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 14 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා. ඒ අනුව සමස්ත බන්ධනාගාර ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ, 285ක් ලෙසයි.
කොරෝනා වෛරසය හමුවේ ප්‍රදේශ රැසකට පනවා ඇති සංචරණ නීති ලිහිල් කිරීම සම්බන්ධයෙන් අද සහ හෙට කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරෙන අධ්‍යයනයෙන් පසුව තීරණය කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔහු පැවසුවේ, වෛසරය පැතිර යාම හේතුවෙන් බස්නාහිර පළාත තවදුරටත් අවදානම් තත්ත්වයක පවතින බවයි. මේ අතර ඊයේ දිනයේත් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් […]
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ කලා ශිල්පී සිඩ්නි චන්ද්‍රසේකර මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන අභාවප්‍රාප්ත වුණා. මිය යනවිට ඒ මහතා 61ක් වන වියෙහි පසු වුණා. රූපවාහිනි කලාකරුවෙකු, මාධ්‍යවේදියෙකු ලෙස ජාතික රූපවාහිනියෙන් වෘත්තිය ජිවිතය ආරම්භ කළ සිඩ්නි චන්ද්‍රසේකර මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක්. ජනාදරයට පත් නිදිකුම්බා මල්, කුමාරයාණෙනි ඇතුළු ටෙලිනාට්‍ය රැසක් නිර්මාණය කළ ඒ […]
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මගින් මාර්ගික උපදේශන සේවාවක් ආරම්භකර තිබෙනවා. ඒ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින්ට සහ ඔවුන්ගේ සමීපතමයින්ට අවශ්‍ය උපදේශන සේවා සැපයීම සඳහායි. එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, වර්තමානයේ රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතයට මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින බවයි. එමෙන්ම එම පුද්ගලයින්ට සහ ඔවුන්ගේ සමීපතමයින්ට ප්‍රතිකාර […]
විෂ්ණු දෙවිදුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලී දිනය අදයි. තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියලු දෙනාට ද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිදුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වේද සාහිත්‍යයේ සඳහන්. හින්දු බැතිමතුන් මෙම දිනය සිහිපත් කර පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ, […]
කොරෝනා වෛරසය වැලදී මහ මග වැටී පුද්ගලයින් මිය යන බවට සමාජ මාධ්‍යයේ අසත්‍ය පුවතක් ප්‍රචාරය කළ අයෙක් කඩුගන්නාවේදී CID අත්අඩංගුවට ගෙන තිබෙනවා. 35 හැවිරිදි පුද්ගලයෙකු වන අත්අඩංගුවට ගත් පුද්ගලයා ගරාජයක් පවත්වාගෙන යන අයෙක් බවයි වැඩි දුරටත් පැවසෙන්නේ. මෙවැනි පුවත් පළ කරන හා ඒවා හුවමාරු කරන පුද්ගලයින් හට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක […]
කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ කොළඹ මේ වන විට දැඩි අවදානම් තත්වයක් නිර්මාණය වී ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා. එම සංගමය වැඩි දුරටත් සදහන් කරන්නේ දින 5 තුල කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් රෝගීන් 1083ක් වාර්තා වී ඇති බවයි.
කොරෝනා වෛරසය වැළඳී මියයන පුද්ගලයින්ගේ මෘත දේහ භූමිදානය සම්බන්ධයෙන් පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී කිසිඳු තීරණයත් ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. ඒ සම්බන්ධයෙන් විවිධ ඉල්ලීම් ලැබෙමින් පවතින බවත්, ඒ සඳහා පත් කළ විශේෂඥ කමිටුවෙන් තවත් වාර්තා කිහිපයක් ලැබීමට නියමිත බවත් ඇය ප්‍රකාශ කළා. අදාළ කමිටුවේ ඉතිරි වාර්තා ලැබීමෙන් පසු ඒවා සළකා බලා ඉදිරි […]