මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 13,000 පසු කරමින් නව ආසාදිතයින් 257 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. ඔවුන් සියලු දෙනාම මින් පෙර හඳුනාගත් පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13,227ක් දක්වා ඉහළ ගියා.
සංක්‍රාන්ති ලිංගිකයන් සඳහා වූ පළමු ආගමික පාසල බංග්ලාදේශයේ ඩකා අගනුවර විවෘතකර තිබෙනවා. එහි සිසුන් 150කට වැඩි පිරිසක් ඉස්ලාමීය හා වෘත්තීය විෂයයන් නොමිලේ ඉගෙන්වෙන බවයි බංග්ලාදේශයේ මාධ්‍ය වාර්තා සඳහන් කළේ. සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව තුන්වන ලිංග භේදයක් ලෙස හඳුනාගෙන ඇති අතර එය මේ වනවිට බංගලාදේශය තුළ නිල වශයෙන් පිළිගෙන තිබෙනවා.
සති අන්තයේ සංචරණය සීමා කර නිවෙස්වල රැඳී සිටින ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා. ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ගයක් ලෙස ඇඳීරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අද සහ හෙට වැඩි වශයෙන් මාර්ග බාධක යෙදවීමට තීරණය කළ බව පොලිසිය නිවේදනය කළා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, අදාළ ප්‍රදේශවල ජනතාව සති අන්තයේ සංචරණය සීමා කර නිවසටම […]
පූර්ණ සුවය ලැබූ තවත් 537 දෙනෙකු මේ වනවිට රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 7,723 දක්වා ඉහළ යනු ඇති.
පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු වන සහරාන් හෂීම්ගේ බිරිඳට ද කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. ඇය මේ වනවිට පොළොන්නරුව වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබනවා. වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි අබ්දුල් කාදර් ෆාතිමා හාදියා නම් වූ ඇය බන්ධනාගාර හා පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂාව මත රෝහල වෙත රැගෙන ආ බවයි රෝහල් […]
මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 18කින් කොරෝනා වෛසරස් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 203 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වත්තල සහ හැඳල ප්‍රදේශයේ ආසාදිතයින් 54 දෙනෙකු ඒ අතරට අයත් බවයි. කොළඹ දිස්ත්‍රික්කය තුළින් ගත වූ පැය 24 තුළ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 103ක්. මේ අතර […]
මස්කෙළිය ප්‍රදේශයේ සිව්මසක් වයසැති බිළිඳෙකු ඇතුළු 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ මත්ස්‍යය වෙළඳ සංකීර්ණයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ පවසන්නේ. එමෙන්ම මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15ක්.
බණ්ඩාරගම, මත්විල ප්‍රදේශයේ තරුණියක් සිය නිවසේදී හදිසියේ මියගොස් තිබෙනවා. ඇයට කොරෝනා වෛරසය වැළඳී ඇද්ද යන්න හඳුනා ගැනීම සඳහා පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහි වාර්තාව නිකුත් වීමට නියමිත බවයි වාර්තා වන්නේ. එලෙස මියගොස් ඇත්තේ, 21 හැවිරිදි තරුණියක්.
කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට අවම මුදල් හුවමාරුවකට යොමු වීම වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසන්නේ, නවීන තාක්ෂණික ගෙවීම් ක‍්‍රම සඳහා යොමු වීම හෝ මුදල් හුවමාරුවෙන් පසු දෑත් පිරිසිඳු කරගැනීම වෛරසයෙන් ආරක්ෂා වීමට ගත යුතු වැදගත් පියවර බවයි. එමෙන්ම භාණ්ඩ හුවමාරුවේදී ද සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කිරීම වැදගත් […]
තුන්වන අවදානම් මට්ටමේදී කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වෙමින් දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර 55කට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, තෙවැනි අවදානම් මට්ටමේදී පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පන්ති, සිනමා ශාලා, ළමා උද්‍යාන, සත්වෝද්‍යාන, සැණකෙළි, සංගීත සංදර්ශන, සම්භාහන මධ්‍යස්ථාන, සමාජශාලා හා නවාතැන් සපයන ස්ථාන සම්පූර්ණයෙන් වසා තැබිය යුතු වනවා. අදාළ මාර්ගෝපදේශ මාලාවට අනුව […]
මේ වන විට ලොව පුරා කොරෝනා මරණ ගණන 1,241,000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙනවා. වාර්තා වන ගෝලීය ආසාදිතයින් ගණන 49,195 ,581 ක් ලෙස සදහන්. මේ වන විට වැඩිම ආසාදිත ගණනක් වාර්තා වෙන ඇමෙරිකාවේ කොරෝනා රෝගීන් ගණන කෝටිය ඉක්මවා ගොස් ඇති බවද වැඩි දුරටත් වාර්තා වනවා.
පැරණි බෝගම්බර බන්ධනාගාරයට යොමු කර සිටි රැඳවියන් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ වනවිට ඔවුන්ව වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.