News Line| Off Air
Generic placeholder image

Nov
7

ඉදිරියෙදී මෙරට කොරෝනා මරණ වැඩි වීමේ අවදානමක් පවතින බවට GMOA අනතුරු අගවයි

Generic placeholder image

ඉදිරියේදී මෙරට වාර්තා වන කොරෝනා මරණ ගණන වැඩි වීමේ අවදානමක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරනවා. සංගමය වැඩි දුරටත් සදහන් කරන්නේ සමාජය තුලින් රෝගීන් වාර්තා වීම අනුව මේ තත්වය ඇති විය හැකි බවයි. කෙසේ වෙතත් මේ හේතුවෙන් හෙට සිට ඉවත් කිරීමට නියමිත පවතින ඇදිරි නීතිය පිලිබදව කල්පනාකාරී විය යුතු බවයි එම සංගමය අවදාරණය […]


Nov
7

ජෝර්ජියා ප්‍රාන්තයේ ප්‍රතිශතයට අනුව අපේක්ෂකයින් දෙදෙනාම සම මට්ටමක – එහි ඡන්ද යළි ගණන් කිරීමට තීරණයක්

Generic placeholder image

ඇමරිකානු ජනාධිපතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය තවමත් නිකුත් වී නැහැ. එරට මාධ්‍ය වාර්තා පවසන්නේ, ජනාධිපතිවරණයට අදාළ ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද යළි ගණනය කිරීමට ප්‍රාන්තා බලධාරීන් තීරණයකර ඇති බවයි. අපේක්ෂකයින් දෙදෙනාම එම ප්‍රාන්තයෙන් සම ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීම ඊට හේතු වී තිබෙනවා. ඒ අනුව ඔවුන් දෙදෙනාම එම ප්‍රාන්තයෙන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 49.4ක්. අමෙරිකානු ජනාධිපතිවරණයේ මේ වනවිට පෙරමුණේ පසු […]


Nov
7

ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින් ගණන කෝටිය ඉක්මවයි

Generic placeholder image

ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් නව කොරෝනා ආසාදිතයින් 127,000ක් හඳුනා ගැනීමත් සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගියා. ඒ, ආසාදිත සංඛ්‍යාව කෝටිය ඉක්ම වූ පළමු රට බවට එරට පත් කරමින්. එය ලොව රටකින් දිනක් තුළ වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ද වනවා. එමෙන්ම ඊයේ දිනය තුළ එරටින් වාර්තා වූ කොරෝනා මරණ ගණන 1,202ක් […]


Nov
7

මෙරටට ගෙන් වූ පරිභෝජනයට නුසුදුසු වියළි මිරිස් තොගයක් ප්‍රති අපනයනයට පියවර (ඡායාරූප)

Generic placeholder image

ඉන්දියාවේ සිට ගෙන්වු බහාලුමක තිබී පරිභොජනයට නුසුදුසු වියළි මිරිස් කිලෝග්‍රෑම් 6000 ක් රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය මගින් සොයාගෙන තිබෙනවා. කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ගෙන් වූ අදාළ බහාලුම ප්‍රති අපනයනයට පියවර ගත් බවයි ශ්‍රී ලංකා රේගුව පැවසුවේ. ඊට අදාළ ඡායාරූප පහතින් :


Nov
7

විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 30 දෙනෙකු නිරෝධායනයට

Generic placeholder image

අබුඩාබි, දෝහා කටාර් සහ ඉන්දියාවේ සිට අද උදෑසන පු්ගලයින් 30 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියා. ඒ අනුව අබුඩාබි සිට එක් පුද්ගලයෙක්, දෝහා සිට පුද්ගලයින් 18 දෙනෙක් සහ ඉන්දියාවේ චෙන්නායි සිට පුද්ගලයින් 11 දෙනෙකු එලෙස මෙරටට පැමිණ තිබෙනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ එසේ පැමිණි සියලු දෙනා නිරෝධායනය සඳහා හමුදාව මගින් පාලනය […]


Nov
7

මෙරට කොරෝනා රෝගීන් 13,000 සීමාව අභියස

Generic placeholder image

ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 400 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13,000ට ආසන්න වී තිබෙනවා. සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,970ක් වන අතර ඉන් 9496දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් වාර්තා වූ ආසාදිතයින් වනවා. ඒ අතරින් 1,041 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආසාදිත සේවකයින් බවත් සෙසු 1,007 දෙනා පෑලියගොඩ මත්ස්‍යය වෙළඳසැලේ ආසාදිතයින් බවත් […]


Nov
6

රිජ්වේ ආර්යා ළමා රෝහල ප්‍රතිකාර කටයුතු සඳහා ආරක්ෂිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි

Generic placeholder image

රිජ්වේ ආර්යා ළමා රෝහල ප්‍රතිකාර කටයුතු සඳහා ආරක්ෂිත බවත්, අනිසි බියකින් තොරව රෝහලට පැමිණෙන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මහජනතාවට දැනුම් දෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ, එම රෝහලෙන් කොරෝනා ආසාදිතයින් 30 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් වාර්තා වීම පිළිබඳ පුවත ප්‍රචාරය වූයේ එක් දිනක් තුළ එම සංඛ්‍යාව වාර්තා වූ බව ජනතාවට හැඟෙන පරිදි බවයි. එහෙත් එවැනි […]


Nov
6

30 වැනි කොරෝනා මරණය අයි.ඩී.එච්. රෝහලෙන් වාර්තා වෙයි

Generic placeholder image

මෙරට 30 වැනි කොරෝනා මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. අංගොඩ ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි කොරෝනා ආසාදිතයෙක් එලෙස මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. අදාළ තරුණයා ඊයේ මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියා රෝගයේ සංකූලතා සමග කොරෝනා වෛරසය ආසාදනය වීමයි. එලෙස මියගොස් ඇත්තේ, […]


Nov
6

රාත්‍රී 10:10ට තවත් කොරෝනා ආසාදිතයින් 187ක්

Generic placeholder image

නව කොරෝනා ආසාදිතයින් 187 දෙනෙක් හඳුනා ගැනුණා. ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ කොරෝනා පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 400ක් වන අතර මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 9492ක් ලෙසයි.


Nov
6

වැලිකඩ බන්ධනාගාරයෙන් තවත් ආසාදිතයින් 23ක් – නව ආසාදිතයින් 213කුත් වාර්තා වෙයි

Generic placeholder image

වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 23 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, කාන්තා රැඳවියන් 22 දෙදෙනෙකු සහ පිරිමි රැඳවියෙකු එලෙස වාර්තා වී ඇති බවයි. වෛසරය ආසාදනය වූ බන්ධනාගාර නියාමකවරයෙකු, කාන්තා රැඳවියන් සිව්දෙනෙකු සහ පිරිමි රැඳවියන් දෙදෙනෙකු පළමුවෙන් හඳුනාගත්තේ ඊයේ දිනයේදීයි. එහිදී බන්ධනාගාරයේ සියලුම කාන්තා රැඳවියන් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගැනුණා. […]


Nov
6

පවුල් ආරවුලක් දුරදිග ගොස් මව, දියණියන් සිව්දෙනාට වස පොවයි – වැඩිමහල් දියණිය මරුට

Generic placeholder image

පවුල් ආරවුලක් දුරදිග යාම නිසා සිය දියණියන් සිව්දෙනාටම වසා පොවා ඔවුන්ගේ මව ද වස පානයකර රෝහල්ගත කිරීමේ පුවතක් කිළිනොච්චියෙන් වාර්තා වනවා. පොලිසිය පැවසුවේ, රෝහල්ගත කිරීමෙන් අනතුරුව වැඩිමහල් දියණිය මියගොස් ඇති බවයි. එම දියණියන්ගේ පියා ආනන්දපුරි ප්‍රදේශයේ ඉදි කළ කෝවිලක ආගමික කටයුතු සදහා රැඳී සිටිමට ගත් තීරණයක් සම්බන්ධයෙන් මව උරණ වී තිබුණා. එම ආරවුල දුරදිග යාම […]


Nov
6

මුස්ලිම් දේවස්ථානවලට දැනුම් දීමක්

Generic placeholder image

මුස්ලිම් දේවස්ථානවල ජුම්මා යාඥාව නොපවත්වා ඒ වෙනුවට 25දෙනෙකු පමණක් සහභාගී කරවාගනිමින් ලුහර් සලාතය ඉටු කරන ලෙස සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය මුස්ලිම් දේවස්ථානවල භාරකාර මණ්ඩලවලට දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ මතුව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් ආගමික කටයුතු සඳහා එක් රැස්විය හැකි ප්‍රමාණය 25 කට සීමා කිරීමට මාර්ගෝපදේශ ලබා දී ඇති බැවින් අදාළ තීරණය […]


News Articles
Latest Videos
Most Popular Post