News Line| Off Air
Generic placeholder image

Oct
27

මෙරට සිටින විදේශිකයින්ගේ වීසා බලපත් දෙසැම්බර් දක්වා දීර්ඝ කෙරේ

Generic placeholder image

දිවයිනට පැමිණ සිටින සියලු විදේශිකයින් ලබාගෙන ඇති සෑම වර්ගයකම වීසා බලපත්‍ර ලබන දෙසැම්බර් 5 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ, රට තුළ පවතින කොරෝනා වසංගත ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින්. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ, වීසා දීර්ඝ කිරීම සඳහා ගාස්තු ගෙවීම ඇතුළු ක්‍රියා පටිපාටියට අදාළ උපදෙස් ඉදිරියේදී දැනුම් දෙන බවයි. මේ අතර මේ කාලය තුළ දිවයිනෙන් පිටත්ව […]


Oct
27

“අපි හැදී රට හදමු” වැඩසටහන ඇරඹෙයි

Generic placeholder image

භාවිතයෙන් ඉවත් කරන ලද කාබන් හිස් පෑන් බට සහ දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන ආරම්භ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිතුක් කරමින් පවසනවා. ඒ සඳහා සකස් කරන ලද ප්‍රථම බහාලුම ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වුණේ, ජනාධිපති කාර්යාලයේදීයි. පාසල් සිසුන් ඉලක්ක කොට ක්‍රියාත්මක මෙම වැඩසටහන නම්කර ඇත්තේ, “අපි හැදී රට හදමු” යනුවෙන්. දිනකට පාසල් […]


Oct
27

කොරෝනා වෛරසය සමාජ ව්‍යාප්තිය අභියස – GMOA අනතුරු අගවයි

Generic placeholder image

මේ වන විට පවතින තත්වය හමුවේ කොරෝනා වෛරසය සමාජ ව්‍යාප්තිය අභියසට පැමිණ තිබෙන බවට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා තිබෙනවා. එය එසේ වුවහොත් දැඩි සත්කාර ඒකක වල දැඩි තදබදයක් ඇති වී අසාමාන්‍ය ලෙස මරණ ගණන ඉහළ යා හැකි බවයි එම සංගමය වැඩි දුරටත් සදහන් කර සිටින්නේ. ඉදිරි මාස 02 අතිශය තීරණාත්මක කාලයක් බවත් කොරෝනා වෛරසය […]


Oct
27

වේල්ලවීදිය පොලීසියේ කොස්තාපල්වරයෙකුටත් කොරෝනා

Generic placeholder image

වේල්ලවීදිය පොලිසියේ භෝජනාගාර පාලකවරයා වන පොලිස් කොස්තාපල්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. මේ අනුව එම පුද්ගලයා ඇසුරු කල පොලිස් ස්ථනයේ නිලධරීන් පිරිසක් නිරෝධායනය යොමු කර තිබෙනවා.


Oct
27

තවත් කොරෝනා මරණ දෙකක් – සමස්ත මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහළට

Generic placeholder image

කොරෝනා වෛරසය වැළඳීමෙන් තවත් දෙදෙනෙකු මීට ටික වේලාවකට පෙර ජීවිතක්ෂයට පත්වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පැවසුවේ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක් සහ කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇති බවයි. ඔවුන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගියා.


Oct
27

කොටුව දුම්රිය පළට හා බස් නැවතුම් පළට පයින් ගමන් කිරීමෙන් වලකින්නැයි පොලීසියෙන් දැනුම් දීමක්

Generic placeholder image

ඇදිරි නිතිය ක්‍රියාත්මක වීම නිසා කොටුව දුම්රිය පළට හා බස් නැවතුම් පළට ජනතාව පයින් ගමන් කිරීමෙන් වලකින ලෙසට පොලිසිය දැනුම් දීමක් කර තිබෙනවා. විශේෂයෙන්ම ඇදිරි නිතිය පැනවීම නිසා දුම්රියන් හා බස් රථ ධාවනය ද බොහෝ දුරට සිමා කිරීම හේතුවෙන් ජනතාව එලෙස එම ස්ථානයන්ට පයින් ගමන් කිරීම ඇදිරි නීතිය කඩ කිරීමක් වශයෙන් සලකන බවයි වැඩි දුරටත් […]


Oct
27

කෙසෙල්වත්ත පොදු වෙළඳ සංකීර්ණය හුදෙකලා කෙරේ

Generic placeholder image

වහාම ක්‍රියාත්මක වන පරිදි පානදුර, කෙසෙල්වත්ත පොදු වෙළඳ සංකීර්ණය හුදකෙලා කිරීමට පියවර ගෙන ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එම වෙළඳ සංකීර්ණයේ මත්ස්‍යය වෙළෙන්ඳෙකුට කොරෝනා වෛරසය වැළඳීම‍ හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයින්ට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තා ලැබීමත් සමග අදාළ තීරණය ගෙන තිබෙනවා. අද වනවිට පානදුර ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 12 ක් වාර්තා වී ඇති බවයි කොවිඩ් […]


Oct
27

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයින් රැඳවීමට වෙනම මධ්‍යස්ථාන

Generic placeholder image

කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයින් රෝහල් නොවන විශේෂිත නිරීක්ෂණ මධ්‍යස්ථානවල රඳවා අවශ්‍ය කටයුතු සැළසීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, ඒ සඳහා නිරෝධායන මධ්‍යස්ථාන යොදා ගැනීමට සැළසුම් කර ඇති බවයි. හමුවන සියලුම රෝගීන් කළමනාකරණය කොට, යළිත් කඩිනමින් රට යථා තත්ත්වයට පත්කිරීම සිය පරමාර්ථය බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ […]


Oct
27

මට්ටක්කුලිය ‘සමිට්පුර’ මහල් නිවාස සංකීර්ණය මුද්‍රා තබයි

Generic placeholder image

කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් සැලකිය යුතු ගණනක් හමු වීම නිසා ‘මට්ටක්කුලිය සමිට්පුර’ මහල් නිවාස සංකීර්ණය හුදෙකලා කිරීමට පියවර ගත් බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. 6000 ජනතාවපමණ වෙසෙන මෙම නිවාස සංකීර්ණය ශ්‍රී ලංකා පොලීසිය එක්ව විශේෂ ආරක්ෂක බලකාය විසින් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙන අතර එහි ආරක්ෂාව සදහා පොලිසිය මෙන්ම යුද හමුදා සාමාජිකයින් […]


Oct
27

17 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

Generic placeholder image

මෙරට සිදු වූ 17 වැනි කොරෝනා මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එලෙස මිය ගියේ, ජාඇල ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.


Oct
27

රිෂාඩ් බදියුදීන් යළි රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබෙනවා. ඒ නොවැම්බර් 10 දක්වායි.


Oct
27

මධ්‍යම පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතියි

Generic placeholder image

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මධ්‍යම පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ අද සිට මසක කාලයක් සඳහායි. ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යල මඟින් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර වනු ඇති. අදාළ කාල සීමා තුළ කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර සඳහා අලුතින් ආදායම් බලපත්‍ර […]


News Articles
Latest Videos
Most Popular Post