දකුණු කොළඹ කළුබෝවිල ශික්ෂණ රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. ඔහුට එම වෛරසය අසාදනය වී ඇත්තේ ඔහුගේ පියාගෙන් වන අතර මොවුන් දෙදෙනා ඉංගිරිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.
ගම්පහ ප්‍රදේශයේ පාසලක විභාග ශාලා පරීක්ෂකවරියකට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව වාර්තා වෙනවා. ඇයගේ සැමියා පෑලියගොඩ මාළු වෙළෙද පොළට ගොස් ඇති බවට කරුණු අනාවරණ වීමෙන් පසු ඔවුන් දෙදෙනා සිදු කල pcr පරීක්ෂණ වාර්තා අනුව මෙලෙස වෛරසය අසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. මේ නිසා ඇය පරික්ෂා කල විභාග ශාලාවේ සිටි සිසුන් මේ වන විට […]
දිවයිනට පැමිණි ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා අද උදෑසන මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී්‍යි. මයික් පොම්පේයෝ මහතා ඇමරිකාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ රාත්‍රී 7.30ට පමණ දිවයිනට පැමිණියා. ඒ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වීමෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග නිල වශයෙන් සාකච්ඡා පැවත්වීමට නියමිතයි. එම […]
කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පාලනය කිරීම සැලකිල්ලට ගෙන නිවෙස් තුල නිරෝධායනය කරන පවුල් සදහා සති දෙකකට සරිලන බඩුමල්ලක් ලබාදීම ඇතුළු ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව ලබාදීම සදහා කටයුතු කරන බව ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඇදිරි නිතිය පනවා තිබෙන ප්‍රදේශ සඳහා රුපියල් 5000ක මුදල අඛණ්ඩව ලබාදීමට තීරණය කර ඇති බවද සඳහන් කළා.
වලල්ලාවිට, ප්‍රදේශයේ පදිංචි වයස මාස 3ක දැරියකට හා මවට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. ඔවුන්ට කරන ලද pcr පරීක්ෂණ වාර්තා අනුව ඒ බව තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් pcr පරීක්ෂණයට සිදු කිරීමට ජෛව සාම්පල සාම්පල ලබා ගැනීමට යාමේදී එම පිරිස දැඩි අකැමැත්තක් පළ කල බවද පැවසෙනවා. මේ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියගේ ඉල්ලීම […]
ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 457 ක් වාර්තා වුණා. එම ආසාදිතයින් අතරින් වැඩි ගණනක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. වාර්තා වී ඇති කොළඹ දිස්ත්‍රික්කයෙ ආසාදිතයින් ගණන 183 ක්. ඊට අමතරව දිවයිනේ සෙසු දිස්ත්‍රික්කයන් වල ආසාදිතයින් වාර්තා වුයේ මෙසේය..කළුතර දිස්ත්‍රික්කයෙන් 16ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 02ක්, හම්බන්තොට 02ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 05ක්, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් 01ක් […]
තවත් කොරෝනා ආසාදිතයින් 164 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඉන් 156 දෙනෙකු වෛසරය ආසාදිත ධීවර ප්‍රජාවගේ ආශ්‍රිතයින් වන අතර සෙසු 8 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයින්. ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 457ක්.
පානදුර, මොරටුව සහ හෝමාගම යන පොලිස්බල ප්‍රදේශවලටත් මේ මොහොතේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. පැතිර යන වසංගත තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් එම තීරණය ගෙන තිබෙනවා.
ඇදිරි නිතිය පනවා තිබෙන ගම්පහ ,කළුතර ප්‍රදේශයන් වල සිටින ජනතාවට අතවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා සදුදා සහ බ්‍රහස්පතින්දා දිනයන් වල වෙළෙද සැල් සහ ඖෂධ සැල් විවෘත කිරීම සදහා අවසර ලැබෙන බව යුධ හමුදාපතිවරයා සදහන් කරනවා.ඒ පෙරවරු 8.00 සිට රාත්‍රී 10 දක්වායි. කොළඹ සහ කුරුණෑගල ප්‍රදේශ වල අගහරුවදා සහ සිකුරාදා දිනවල වෙළෙද සැල් සහ ඖෂධ සැල් […]
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 293 දෙනෙකු හඳුනාගත් බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් 291 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ ආසාදිතයින්ගේ අශ්‍රිතයින් වන අතර සෙසු දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් පුද්ගලයින්. මේ වනවිට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආසාදිතයින් සංඛ්‍යාව 5232ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව දිවයිනේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8706ක්.
මේ වන විට රටේ තත්වය සැලකිල්ලට ගෙන පොදු ප්‍රවාහන සේවා වන් භාවිතා කරන්නේ නම් තමන් ගමන් ගන්නා එම ප්‍රවාහන සේවා වල අංකයන් සටහන් කිරීමට වගබලා ගන්නා බව පොලීසිය සදහන් කරනවා. විශේෂයෙන්ම බස් රථ මගීන් ගේ පහසුව සඳහා එම අංකයන් බසයේ ස්ථාන කිහිපයක පැහැදිලිව දක්වන ලෙස ද බස් හිමිකරුවන්ට දන්වා සිටිනවා.
මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින පොලිස් බල ප්‍රදේශවල නිවාස හා ආයතනයන් වල මාසික විදුලි බිල්පත් පදනම් කරගෙන විදුලිය කැපීම සිදු නොකරන බවයි විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කලේ. කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පාලනය සැලකිල්ලට ගෙන පීඩාවට පත් විදුලි පාරිභෝගිකයන්ට අවශ්‍ය සහන ලබා දීම මෙමගින් සිදු කරන බවයි වැඩි දුරටත් සදහන් […]