News Line| Off Air
Generic placeholder image

Oct
22

රාගමදී සිදු වූ මනුෂ්‍ය ඝාතනය

Generic placeholder image

රාගම පොදු වෙළෙඳපොළ පරිශ්‍රයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පොලිසිය පැවසුවේ, පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් එක් අයෙකු අනෙක් පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි. සිද්ධියෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කෙරුණු පසු මියගොස් තිබෙනවා. එලෙස මියගියේ, කඳාන ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි අයෙක්. සිද්ධියට සම්බන්ධ […]


Oct
22

ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවේ. දිවයිනේ උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 50 පමණ තද සුළං ඇතිවිය හැක.


Oct
22

විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැන ඡන්ද විමසීම අද

Generic placeholder image

විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වු විවාදය ඊයේ පෙරවරුවේ ආරම්භ වුණා. ඒය අද උදැසන 10 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වෙන අතර කාරක සභා අවස්ථාවෙන් පසුව ඡන්ද විමසීම සිදු කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කළේ.


Oct
22

කොළඹ පොලිස්බල ප්‍රදේශ පහකටත් ඇඳිරි නීතිය

Generic placeholder image

කොරෝනා වෙෙරස් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස්බල ප්‍රදේශ පහකට අද සිට නිරෝධායනඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඒ අනුව මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා සඳුදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙනු ඇති. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ, අදාළ ප්‍රදේශ සහ ඒ ආශ්‍රිත […]


Oct
21

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2451ක් දක්වා නගී

Generic placeholder image

අද දිනයේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 109ක් වාර්තා වී ඇති අතර 49 දෙනෙක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් , නිරෝධායන මධ්‍යස්ථාන වලින් 37ක් සහ ආශ්‍රිතයින් 23 දෙනෙකු ඊට අයත් වෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2451ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.


Oct
21

GMOA අනතුරු ඇගවීමක්

Generic placeholder image

මේ වන විට පවතින තත්වය හමුවේ කොරෝනා වෛරසය සමාජ ගත වීම ඉතාම කිට්ටුවට පැමිණ ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවනවා. සමාජයෙන් ආසාදිතයින් හමුවෙන බැවින් මිනුවන්ගොඩ පොකුරත් සමග එම අසදිතයින්ගේ සම්බදත්වයක් තිබුනද ඇතැම් අවස්ථාවල එසේ හදුනාගත නොහැකි බවද එම සංගමය සදහන් කරනවා. දිස්ත්‍රික්ක 21කට වැඩි ගණනකින් ආසාදිතයින් හමුවී තිබෙන බවයි වැඩි දුරටත් සදහන් කරන්නේ.


Oct
21

කුරුණෑගල රෝහලේ උපස්ථායිකාවකටත් කොරෝනා

Generic placeholder image

කුරුණෑගල ශික්ෂණ රෝහලේ තැලසීමියා රෝග ප්‍රතිකාර ඒකකයේ සේවය කරන උපස්ථායිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා. මේ නිසා එම ඒකකයද තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් තීරණය කර තිබෙනවා. කරන ලද pcr පරීක්ෂනයක් මගින් 40 හැවිරිදි කාන්තාවට සහ ඇගේ දියණියට වෛරසය ආසාදනය වී ඇති බව වැඩි දුරටත් තහවුරු වී තිබෙනවා. මේ වන විට […]


Oct
21

සල්මන් ඛාන්ගේ පවුල lpl නුවර කණ්ඩායම මිලට ගනී

Generic placeholder image

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ Kandy Tusker නමැති නුවර කණ්ඩායම ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ගේ පවුල විසින් මිලදීගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මේ බව සල්මන්ගේ සොයුරු සොහයිල් කාන් තහවුරු කර ඇති අතර එමෙන්ම නුවර කණ්ඩායම ක්‍රීඩා කරන සියලුම තරග සඳහා සල්මාන් ඛාන් එක්වීමට නියමිත බවද සදහන් කර තිබෙනවා. මෙම lpl නුවර කණ්ඩායමටබටහිර ඉන්දීය […]


Oct
21

රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය

Generic placeholder image

ගම්පහ දිස්ත්‍රික්කයට අද රාත්‍රී 10 සිට ලබන සඳුදා උදෑසන 5 දක්වා කාලය තුල බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියත්මක කරන බවයුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


Oct
21

මීගොඩ ආර්ථිකයෙත් කොරෝනා ආසාදිතයෙක්

Generic placeholder image

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයෙනුත් කොරෝනා ආසාදිතයෙකු හදුනාගෙන තිබෙනවා. ඔහු ව්‍යාපාරිකයෙකු වන අතර අදාල ව්‍යාපාර ස්ථානයත් වසා දමා එම පුද්ගලයා ඇසුරු කල සමීපතමයින් හා ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කර තිබෙනවා.


Oct
21

කොටුව පොලිසිය යලි ඇරෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරියෙකු හඳුනාගැනීම නිසා ඊයේ දිනයේ වසා දැමුණු කොටුව පොලිසිය විෂබීජහරණ කටයුතුවලින් අනතුරුව යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.


Oct
21

පෑලියගොඩ මාළු වෙළෙද සංකීර්ණයේ 49 කට කොරෝනා

Generic placeholder image

පෑලියගොඩ තොග මාළු වෙළෙද සංකීර්ණයේ සේවකයින් 49 කට පමණ කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව සිදු කරන ලද PCR පරීක්ෂණයක් මගින් තහවුරු වී තිබෙනවා. මෙම PCR පරීක්ෂණය සිදු කරන ලද්දේ මෙම මාළු වෙළෙද සංකීර්ණයේ අහඹු ලෙස තෝරාගත් 100 දෙනෙකුගෙනි. මෙයින් 49 කට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post