දින 23 ක් පමණ වයසැති කුඩා බිලිඳකු විකිණීමට ගිය කාන්තාවක් සහ ත්‍රීරෝද රථ රියැදුරකු මහනුවර තල්වත්ත ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම බිලිදා දරුවන් නොමැති කාන්තාවකට රහසිගතව විකුණා ඇති බවයි සිදු කරනු ලබන විමර්ශන වලදී අනාවරණය වී තිබෙන්නේ. සිද්ධිය පිලිබදව වැඩි දුර විමර්ශන ක්‍රියාත්මක අතර මේ වන විට මෙම බිලිදා කොළඹ ජාතික රෝහලේ […]
පවතින තත්වය හමුවේ ජනතාව පොදු ප්‍රවාහන සේවාව භාවිතා කිරීම අවම වීම හේතුවෙන් දුම්රිය සදහා පවතින මගී ඉල්ලුම අඩු වී තිබෙනවා. මේ හේතුවෙන් නගරාන්තර දුම්රිය ගමන්වාර කිහිපයක් නතර කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. මෙලෙස අවලංගු කෙරෙන නගරාන්තර දුම්රියන් වන්නේ පොළොන්නරුව යන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය, බෙලිඅත්ත දක්ෂිණ සීඝ්‍රගාමී දුම්රිය, කන්කසන්තුරේ උදේ 5.45ට සහ 11.50ට […]
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූශ් ගේ දේහය පිලිබදව අවසන් කටයුතු අද මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඔහුගේ දේහය ඔහුගේ පළමු බිරිය විසින් භාරගත් අතර වන විට දේහය මහරගම පමුණුව ප්‍රදේශයේ නිවසක තැන්පත් කර තිබෙනවා.
කඩුවෙල හෝටල් සේවකයෙකුටත් කොරෝනා අසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා. මෙම කොරෝනා ආසාදිත පුද්ගලයා ගමන් කර තිබෙන බව කියන ස්ථාන කිහිපයක් මේ වන විට වසා දැමීමටත් එම ස්ථානවල පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට ද පියවර ගෙන තිබෙනවා. කඩුවෙල නගරයේ පෞද්ගලික රසායනාගාරයක සේවකයින් හා මෙන්ම වැලිවිට ප්‍රදේශයේ බෙහෙත් ශාලාවේ නිලධරීන් හා ඔහු ගමන් ගත් බව කියන […]
කොළඹ, කොටුව පොලිස් පරිශ්‍රයේ පිහිටා ඇති බස්නාහිර පළාත් විශේෂ විමර්ෂණ අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවනේ කොටුව පොලිසියේ සියලු නිලධාරීන් නිරෝධායනයට යොමු කර තිබෙනවා. මේ අනුව පොලිසියේ සාමාන්‍ය රාජකාරි මේ වන විට සිදු නොකරන අතර ඒ වෙනුවට කොම්පඤ්ඤවිදිය සහ පිටකොටුව පොලිස් ස්ථානයෙන් ඊට අදාල රාජකාරි කර ගැනීමේ හැකියාව ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති […]
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවේ. දිවයිනේ උතුරු මැද පළාතෙත් ත්‍රිකුණාමලය, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 50 පමණ සුළං ඇතිවිය හැක.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන මාකදුරේ මදුෂ් අද උදෑසන ඝාතනයට ලක්වූ අතර ඔහුගේ මෘත ශරීරයේ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පවුලේ ඥාතීන්ට භාර දීමට නියමිතව තිබු අතර මේ අනුව ඝාතනය වූ පසුව එම මළ සිරුර පවුලේ අයෙකු විසින් හඳුනාගැනීමට සදහා මුල් විවාහක බිරිය වන ගයනි මුතුමාලි නමැති කාන්තාව පැමිණසිටි අතර ඇය මෘත දේහය තම ස්වාමියාගේ බව හදුනා […]
පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමරසිංහ ආරච්චිලාෙග් මදූෂ් ලක්ෂිත නොහොත් මාකදුරේ මදූෂ් නැමැත්තා මාලිගාවත්ත, ඇපල්වත්ත ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් අද අලුයම මියගියා. ඒ් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සහ පොලිස් නිලධාරීන් අතර සිදු වූ වෙඩි හුවමාරුවක් අතරතුර මදූෂ්ට වෙඩි පහරක් එල්ල වීමත් සමගයි. අද අලුයම තෙක් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටි මාකදුරේ මදූෂ් මාලිගාවත්ත, ඇපල්වත්ත ප්‍රදේශයේ පිහිටි […]
මේ අනුව වෙළෙදපොලේ තිබෙන වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය කළමනාකරණයට කැබිනට් අනුමැතිය- 2021 වර්ෂයේ සිට සිට විකල්ප හඳුන්වා දෙනු ලබනවා.
කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමග තවත් පොලිස්බල ප්‍රදේශ පහකට මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඒ් අනුව කුලියාපිටිය, පන්නල, දුම්මලසූරිය, ගිරිඋල්ල හා නාරම්මල පොලිස් බලප්‍රදේශ සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ. කෙසේ වෙතත් අද උසස් පෙළ විභාගයට සහභාගී වු සිසුන්ට නිවෙස් බලා […]
වැල්ලම්පිටිය, හල්මුල්ල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයකුට කොරෝනා ආසාදිත වී ඇති බවට හදුනාගෙන තිබෙනවා. කරන ලද pcr පරීක්ෂණයේන ඒ බව තහවුරු වී තිබෙනවා. 45 හැවිරිදි ඔහු පෑලියගොඩ මාළු අලෙවිසැලේ ව්‍යාපාර කටයුතු කරන අයෙක් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. මේ අනුව ඔහුගේ සමීපතමයින් හා ඔහු ඇසුරු කල පුද්ගලයින් ගෙන් මේ වන විට pcr පරීක්ෂණ ලබා ගෙන තිබෙනවා
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව සඳහා දින හා වේලාවන් වෙන් කරගත් ඉල්ලුම්කරුවන් වෙත ඒම දෙපාර්තෙම්න්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ වන විට එක්දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත ලබාගැනීම සඳහා දින හා වේලාවන් වෙන්කරගත් ඉල්ලුම්කරුවන් නොපමාව තම ඉල්ලුම්පත් ග්‍රාම නිලධාරින් වෙත හෝ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පිහිටි හැඳුනුම්පත් අංශය වෙත බාර දිය යුතු බවයි ඒම නිවේදනය […]