දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මේ අතර උතුරු, උතුරු මැද, වයඹ සහ පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් පැ.කි.මී 40 ක පමණ තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.
තවත් කොවිඩ් -19 ආසාදිතයින් සිව්දෙනෙකු සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට කොවිඩ් – 19 ආසාදිතව සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 3258 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. තවත් රෝගීන් 125 දෙනෙකු රෝහල්ගතව ප්‍රථිකාර ලබමින් සිටී.
කැලණිය සරසවිය හෙට(05) සිට වසා දමන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොම්සම සදහන් කරයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ, නේවාසිකාගාරවල සිසුන්ට ද හැකි ඉක්මනින් ඉන් ඉවත්ව යන ලෙසට දැනුම් දී ඇති බවය.
අද(04) දිනයේ සිට නැවත දැනුම්දෙන තුරු මහර සහ මීගමුව බන්ධනාගාරවලට රැඳවියන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම නවතා දමා තිබෙන බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතා සදහන් කළේය.
හෙට(05) සිට දිවයින පුරා පාසැල්වල දෙවන වාරයේ නිවාඩුව ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. මීට පෙර දෙවන වාරයේ පාසැල් නිවාඩුව ලබා දීමට තීරණය කර තිබුණේ ඔක්තෝබර් 09 වැනි දා සිටය. රට තුළ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කොරෝනා ආසාදිත කාන්තාව සමීපව ඇසුරු කළ පුද්ගලයින් 400ක් පමණ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. අදාළ කාන්තාව සේවය කළ ආයතනයේ පිරිසක් මෙලෙස හඳුනාගෙන ඇති බව මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ඩී.ඒ රන්දෙනිය මහතා සඳහන් කළේය. අදාළ පිරිස ඉදිරියේදී PCR පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගන්නා බව වාර්තා වෙයි. මේ අතර වහාම […]
ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින 39 හැවිරිදි කාන්තාවකට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. මේ හේතුවෙන් ගම්පහ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ගම්මාන කිහිපයක් සඳහා සංචරණ සීමා පනවා තිබේ. ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ්-19 කාන්තාවක් හඳුනාගැනීමත් සමග එම පියවර ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. බෙම්මුල්ල, හොරගස්මුල්ල, දිවුලපිටිය, වැවගෙදර, […]
දිවුලපිටිය 39 හැවිරිදි කතකට කොවිඩ් ආසාදනය වෙයි. ආසාදිත කාන්තාව මේ වන විට IDH රෝහලට ඇතුළත් කර තිබේ. අදාළ කාන්තාව උණ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රෝගය සුව වී නිවසට යවන අවස්ථාවේදී සිදු කරන ලද PCR පරීක්ෂණයකදී කොරෝනා ආසාදිතයෙකු බව හඳුනාගනී.
18 හැවිරිදි සිසුවෙකු අපයෝජනයට ලක් කළ බවට 84 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයෙකු ඊයේ මත්තෙගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පොල්ගස්ඕවිට කුඩමාදූව ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික ඩිපෝ කළමනාකරුවෙක් වන අතර අදාල පුද්ගලයා මෙම සිසුවාව අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක් කිරීමට උත්සහා දරා ඇති බවයි වාර්තා වන්නේ. මේ අනුව 18 හැවිරිදි සිසුවා විසින් පොලිසියට […]
පසුගියදා 2004 සුනාමිය නිසා අතුරුදන් වූ 21ක් හැවිරිදි අක්රම් රිස්කාන් සිය මව සොයා ආ පුවතක් මාධ්‍ය තුල වාර්තා වුන අතර සමන්තුරේ ජීවත් වූ අබුසාලි සිත්ති හමාලියා නමැති කාන්තාව සදහන් කලේ සුනාමිය හේතුවෙන් අතුරුදන් වූ තම පුතා තමා සොයාගෙන පැමිණි බවයි. මේ පුවත මාධ්‍ය තුල වාර්තා වීමත් සමග එම පුත්‍රයාට හිමිකම් කියන්න තවත් මවක් ඉදිරිපත්ව සිටින […]
හැටන් – ඩයගම මාර්ගයේ දී බස් රථයක් අඩි 25 ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් පාසල් ළමුන් 30 දෙනකු ඇතුළු පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් තුවාල ලැබූ පුද්ගලයින්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.
ලෝක ළමා දිනයට සමගාමිව ධාවනයෙන් ඉවත් කල බස්රථ පුස්තකාල බවට එක් කිරීමේ වැඩ සටහනක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ අනුව ධාවනයෙන් ඉවත් කරන ලද පැරණි බස්රථ අලුත් වැඩියා කර නවමු ආකාරයට පුස්තකාල ලෙස සකස් කිරීම සදහා එක් පුස්තකාලයකට රජය විසින් මිලියනක පමණ මුදලක් වැය කරනු ලබනවා. මේ සදහා ලංකා ගමනාගමන මණ්ඩලය ද මොබිටෙල් […]