කොරෝනා වෛරසය ආසාදනය වී වොෂිංටන්හි වෝල්ටර් රීඩ් හමුදා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින අැමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, ඊයේ රෝහලෙන් පිටතට පැමිණ තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විශේෂ මෝටර් රථයක නැගී රෝහලෙන් පිටතට පැමිණි අැමෙරිකානු ජනාධිපතිවරයා, රෝහල අවට රැස්ව සිටි සිය පාක්ෂිකයින්ට ආචාර කරමින් ගමන් කළ බවයි. මෝටර් රථය තුළ අසුන් ගෙන සිටි ජනාධිපති ට‍්‍රම්ප් මුඛ ආවරණයක් […]
විසිවැනි අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි අැතැම් වගන්ති අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කරන ලද විශේෂ පෙත්සම් සළකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසන් කළා. ඒ අනුව ඊට අදාළ තීරණය ඒළඹෙන 13 වැනිදා කථානායකවරයා වෙත යොමු කිරීමට නියමිතයි. අද සිව්වැනි දිනට මෙම පෙත්සම් සළකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයෙදී සිදු වූ අතර ඒහිදී නීතිපති දප්පුල ද […]
මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමග තව දුරටත් පවතින තත්වය සමාජය තුල සම්ප්‍රේෂණය වීම පාලනය කිරීම සදහා වත්මන් තත්වය හදිසි තත්වයක් ලෙස දැනුම් දෙන බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. මේ අනුව යමින් රට තුල ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සදහා බලධාරීන් විසින් සෑම පියවරක්ම ගනු ලබන බවයි එම අංශ වැඩි දුරටත් සදහන් කරන්නේ.
දිවුලපිටියෙ කොරෝනා ආසාදිත වූ කාන්තාවගේ සමග සේවය කල අයෙක් මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති බව වාර්තා වෙනවා. එම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සදහන් කරන පරිදි සේවා ස්ථානයෙන් නිවාඩු ලබා ගෙන එම සේවිකාව මොණරාගල ප්‍රදේශයට පැමිණ තිබෙන බව වැඩි දුරටත් වාර්තා වන්නේ. මෙම සේවිකාවද PCR පරීක්ෂණ සදහා යොමු කර තිබෙන අතර ඊට අදාල වාර්තාව අද සවස නිකුත් වීමට […]
තෙවන කොරෝනා බලපෑම දිවුලපිටිය, හොරගස්මුල්ල, බෝඹුගම්මන ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෙෙරසය අසාදිත 39 හැවිරිදි කාන්තාවක් ඊයේ හදුනා ගත්තා. ඒ අනුව ඇයගේ 16 හැවිරිදි දියණිය ද පී.සී.අාර්. පරීක්ෂණයට ලක් කළ අතර අැයට ද වෙෙරසය අාසාදනය වී අැති බව ඊයේ පස්වරුව වනවිට තහවුරු වුණා. අදාළ කාන්තාවෙග් ස්වාමිපුරුෂයා, පුතුන් දෙදෙනා මෙන්ම අැය සේවය කළ අැගළුම් කම්හලේ ස්වකයින් 1400කට අධික […]
දිවුලපිටිය කොරෝනා ආසාදිත කාන්තාවගේ ,ඇසුරු කල පුද්ගලයින් 69 දෙනකුට මේ වන විට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එම ආසාදිතයින් දිවුලපිටියේ කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩි දුරටත් සදහන් කරනවා.
ඉන්දියාවෙන් මෙරටට පැමිණ සිටි මුහුදු ආරක්ෂකයින් 14දෙනෙකු ගාල්ල දෙවට ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටියදී කරන ලද PCR පරික්ෂණවලදී ඉන් තිදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙන අතර ඔවුන් වැඩි දුර ප්‍රතිකාර සදහා මේ වන විට හම්බන්තොට රෝහලට ඇතුලත් කර තිබෙන බව වාර්තා වෙනවා.
කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තාවක බාහිර සමාජයෙන් වාර්තා වීමත් සමග නැවතත් කොරෝනා අවදානමකට සමාජය ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් පැවැත්වීමට නියමිත උසස් පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යලිත් කල් දැමීමක් පිලිබදව මේ දක්වා තීරණය කර නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත් සදහන් කරනවා.
දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඊයේ දිනයේදී දිවුලපිටිය , මිනුවන්ගොඩ , වේයන්ගොඩ යන ප්‍රදේශ වලට පොලිස් ඇදිරි නිතිය පනවනු ලැබුවා. පොලීසය සදහන් කරන්නේ නැවත දැනුම් දෙන තුරු මෙම ඇදිරි නිතිය අදාල ප්‍රදේශ වල ක්‍රියාත්මක වන බවයි. මේ වන විට ඇදිරි නිතිය කඩ කරන ලද පුද්ගලයින් ගණන 10 ක් […]
ශ්‍රී ලංකාව තුල මේ වන විට ඇතිව තිබෙන කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ද මේ වන විට සීමාවකට යටත් කර තිබෙනවා. මේ අනුව ගුවන් තොටුපළ තුළ පිහිටි පැමිණීමේ පර්යන්තයේ ආලින්දයට සහ පිටත්වීමේ පර්යන්තයේ ඇති ආලින්දයටත් ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන්ට පිවිසීම ද තාවකාලිකව නවතා තිබෙන අතර මහජන ප්‍රේක්ෂක මණ්ඩපයද නැවත දැනුම් […]
දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා අසාදිත කාන්තාව ඇසුරු කල සමිපතමයින්ගේ ඊයේ සිදු කරනු ලැබූ PCR පරීක්ෂණයේ වාර්තා අද දිනයේදී ලැබීමට නියමිත බව යුධ හමුදාපතිවරයා සදහන් කරන අතර මේ අනුව කොරෝනා ආසාදිත කාන්තාවගේ වෛරසය ආසාදනය වූ නියැදිය සම්බන්ධයෙන් පැහැදිලි නිශ්චිත තොරතුරක් ලබා ගැනීමට මේ තුලින් හැකි වන බවයි යුධ හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ. මෙම කර්මාන්ත ශාලවේ සේවය […]