News Line| Off Air
Generic placeholder image

Sep
23

IPL තරගයේදී රාජස්ථාන් රෝයල්ස් පිලේ පන්දු යවන්නන්ගෙන්ම පන්දුවට සැර පහරවල්

Generic placeholder image

ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැති තරගයේදී රාජස්ථාන් රෝයල්ස් පිල නියෝජනය කරමින් පන්දුවට පහර දෙමින් සිටි වේග පන්දු යවන්නන් වන ජෝෆ්ර ආචර් සහ ටොම් කරන විසින් අවසාන පන්දු 02 ක් තුල ලකුණු 27 ක් රැස් කිරීමට සමත් වුණා. අවසන් පන්දු වාරය යැවූ එන්ගිඩි විසින් යැවු පන්දු දෙකක් නිපන්දු […]


Sep
23

අදත් පළාත් කිහිපයකට වැසි

Generic placeholder image

දිවයිනේ සබරගමුව ,බස්නාහිර, මධ්‍යම, උතුරු මැද පළාත් වලත් ස්ථාන කිහිපයකම තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. මේ අතර උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 50 ඉක්මවා තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.


Sep
22

ආරච්චිකට්ටටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Generic placeholder image

ආනවිළුන්දාව “රැම්සා අභයභූමියට“ අයත් ප්‍රදේශයක් අනවසරයෙන් එළිකර ඇති බව කියන සිද්ධියට අදාලව ආරච්චිකට්ටටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.


Sep
22

පිල්ලෙයාන්ට ජනපතිගෙන් පත්වීමක්

Generic placeholder image

බන්ධනාගාර ගත වී සිටින සිවනේෂතුරෙයි තුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.


Sep
22

ඇමෙරිකාවේ ලූසියානා ප‍්‍රාන්තයට හදිසි තත්ත්වයක්

Generic placeholder image

මේ වන විට ඇමෙරිකාව බීටා සුළි කුණාටුවේ බලපෑමට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් එරට ටෙක්සාස් ප‍්‍රාන්තයේ ප‍්‍රදේශ 29 කට ආපදා තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබෙන අතර ලූසියානා ප‍්‍රාන්තයට ද හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කිරීමට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබෙනවා.ඉදිරි ඉදිරි දින කිහිපය තුලදී මෙම සුළි කුණාටුවේ වේගය පැයට සැතපුම් 45 ක පමණ වේගයක් අපේක්ෂා කල හැකි […]


Sep
22

අලුත් ඇදුම නිසා අතාවුල්ලා පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවතට

Generic placeholder image

ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අතාවුල්ලා මහතා පාර්ලිමේන්තුවේ සැසිවාරයට පැමිණීමේදී ඇදගෙන පැමිණි ඇදුමට විපක්ෂය විසින් විරෝධය පා තිබෙනවා. එම විරෝධය හේතුවෙන් ඒ මහතා පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා. පාර්ලිමේන්තු සැසියට සහභාගී වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට නිශ්චිත ඇදුමක් දක්වා තිබෙන බවයි වාර්තා වන්නේ.


Sep
22

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සෞඛ්‍ය අංශවලින් රතු එළියක්

Generic placeholder image

මේ වන විට ආරම්භ වී තිබෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට එන ජනතාව පවතින කොරෝනා වෛරසය ව්‍යප්ත වීම වැලැක්වීම සදහා රජය සහ සෞඛ්‍ය අංශ ලබා දී තිබෙන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන්නේ නම් මෙම පොත් ප්‍රදර්ශනය නතර කර දැමීමට හෝ පවතින දින ගණන සිමා කිරීමට සිදු වන බවයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා […]


Sep
22

සාක්ෂි දෙන හැටි බලන්න හිටපු ජනපති මෛත්‍රී පාස්කු කොමිසමට

Generic placeholder image

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(22) උදෑසන පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමට පැමිණ තිබෙනවා. ඒ කොමිසමේ සාක්ෂි විමසීම නැරඹීම සඳහා බවයි වාර්තා වන්නේ.


Sep
22

නුගේගොඩ ඉදිකරමින් තිබු සිවුමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටි එහි හිමිකරු මිය යයි

Generic placeholder image

ඉදි කරමින් සිටි තට්ටු හතරේ ගොඩනැගිල්ලකින් හදිසියේ ඇද වැටි එහි හිමිකරු ජිවිතක්ෂයට පත්ව තිබෙන පුවතක් වාර්තා වෙනවා. මෙම ගොඩනැගිල්ලනුගේගොඩ නාලන්දාරාම පාරේ ඉදි කරමින් තිබු අතර මිය ගිය පුද්ගලයා ගොඩනැගිල්ලේ සිව්වන මහලේ එක්රැස්ව තිබූ අබලි ද්‍රව්‍ය තොගයක් ඉවත් කරමින් සිටියදී එම අබලි ද්‍රව්‍ය බහාලන යකඩ කුඩය පහලට වැටීමට යාමේදී, එය අල්ලා ගැනීමට යාමේදී ඔහුද එම යකඩ […]


Sep
22

නිසි අනුමැතින්ගෙන් තොරව නිවස ඉදිකළ බවට එල්ල කෙරෙන චෝදනා කඩා වැටුණු පස් මහල් නිවසේ හිමිකරු ප්‍රතික්ෂේප කරයි

Generic placeholder image

පසුගියදා මහනුවර බුවැලිකඩ පස්මහල් නිවස ඉදිකිරීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අනුමැතිය ලබාදුන් බවට එම නිවසේ හිමිකරු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ඩී.ටී රාජසේකරන් මහතා සදහන් කරනවා. ඊයේ (21) රාත්‍රියේ අනතුරින් ජීවිතක්ෂයට පත් අඹුසැමි යුවළ සහ ඔවුන්ගේ මාස එකහමාරක් වයසැති බිලිඳාගේ දේහයන් ඥාතීන් වෙත භාර දී තිබෙන අතරමහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස්මහල් නිවසක් […]


Sep
22

20 අද පාර්ලිමේන්තුවට

Generic placeholder image

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද(22) යළි රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. අද දිනයේ සිට පාර්ලිමේන්තු රැස්වීම් වේලාව වෙනසක් සිදුවන අතර ඒ අනුව පෙරවරු 10.00ට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වීමට නියමිතයි. අද දිනයේ දී කෝප් කමිටුව සඳහා නව සභාපතිවරයෙකු තෝරාපත් […]


News Articles
Latest Videos
Most Popular Post