දිවයිනේ සබරගමුව සහ බස්නාහිර පළාත්වල තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අනුව මධ්‍යම, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දුරටත් සඳහන් කරන්නේ.
චීනයේ ගන්ෂු පළාතේ උණ රෝගයක් පැතිර යන බවට වාර්තා වෙනවා. මෙම උණ රෝගය ඉකුත් නොවැම්බර් මාසයේ ව්‍යප්ත වීම ආරම්භ වී තිබෙන බව අපවසෙන අතර මේ වනවිට දහස් ගණනකට ආසන්න පිරිසකට මෙම උණ වෛරසය ආසාදනය වී තිබෙන බවටයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. කෙසේ වෙතත් කොරෝනා වෛරසය මෙන් මෙම උණ රෝගය දරුණු නොවන බව විශ්ලේෂකයින් සදහන් කරන […]
පුංචි තිරයේ ජනප්‍රිය නිලියක් වන බුවනි චාපා සිය සැමියා සමග ඔවුන්ගේ පළමු විවාහ සංවත්සරය සාරනු ලැබුවා.. මේ ඒ වෙනුවෙන් ගත් ජායා රූප පෙළක්..
ඉන්දියාව තුල කොරෝනා වෛරසය පාලනය කිරීම පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මාස හයක් පමණ කාලයක් වසා දමා තිබු ටජ්මහල විවෘත කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. දිනකට සංචාරකයින් 5000කට මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ ප්‍රවේශපත් නිකුත් කිරීමට තීරණය කර ඇති බව පැවසෙන අතර කොරෝනා වෛරසය හේතුවෙන් සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට නැරඹීමට පැමිණෙන පිරිස වෙත […]
අද උදෑසන යාපනය සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක ගැටී තරුණයෙක් මිය ගොස් තිබෙනවා. අදාල තරුණයා වයස අවුරුදු 21 ක් වූ යෝගේන්ද්‍රන් අජන්තන් නමැති කිලිනොච්චිය, ආනන්දපුරම් ප්‍රදේශයේ තරුණයෙක්. සිද්ධිය ඇසින් දුටුවන් සදහන් කරන්නේ එම පුද්ගලයා ධාවනය වෙමින් තිබු දුම්රියට පැන සියදිවි හානිකරගත් බවයි.
වසර 40 ක් පැරණි ඉන්දියාවේ, මුම්බායි නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් 10 දෙනෙකු මිය ගොස් 25 දෙනකුට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. ගලවාගැනීමේ කණ්ඩායමක් මේ වන විට මෙම ගොඩනැගිල්ලේ සිර වී ඇති පිරිස සොයා මෙහෙයුම් දියත් කර තිබෙන අතර මේ වන විට කුඩා දරුවෙකු ඇතුළු 30 දෙනකුට ආසන්න පිරිසක් බේරා ගැනීමට එම පිරිස […]
ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැඇත්තන්ගේ ඥාතියෙකු ලෙස සැලකෙන ඌරුවරිගේ කරුණාරත්න නමැති දඹාන පදිංචිකරුවෙක් වනඅලි ප්‍රහාරයකින් මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා. අදාල පුද්ගලයා මෙම අනතුරට ලක් ව තිබෙන්නේ මාදුරු ඔය රක්ෂිතයේදී මී පැණි සෙවීමට ගොස් සිටියදීය.
ඊයේ දිනයේ එකම පවුලේ තිදෙනෙකුට කැදවමින් කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු විසින් අදාල සිද්ධිය පිලිබදව ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. මේ වන විට එම පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටුණු අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ සිටි පුද්ගලයින් අනතුරට ලක් වූ පිරිස දැනුවත් නොකර පළා යෑම පිලිබදව බොහෝ දෙනාගේ චෝදනාවට ලක්ව තිබෙන මොහොතක එහි හිමිකරු ඒ පිලිබදව අදහස් දක්වමින් […]
ටික් ටොක් සහ වී චැට් යන සමාජ මාධ්‍ය ඇප් තහනම් කිරීමට ඇමෙරිකානු ජනපති ට‍්‍රම්ප් ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් එරට අධිකරණයත් සිය විරෝධය පළ කර තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් එරට අධිකරණයේ ඉහල නිලධාරීන් සදහන් කරන්නේ එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට බරපතල ගැටළුවක් වී ඇති බවයි. ඇමෙරිකානු ජනපතිවරයා මෙම තීරණය ගෙන තිබෙන්නේ එය එරට ජාතික ආරක්ෂාවට […]
ඊයේ දිනයේදී කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ ප්‍රමිතිය අභියෝගයට ලක් කරමින් එම ගොඩනැගිල්ල නිසි ප‍්‍රමිතියකට ඉදිකර නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කරනවා. එකම පවුලේ මව, පියා සහ බිළිදියකට ජීවිත අහිමි කරමින් මහනුවර, බූවැලිකඩ ප‍්‍රදේශයේදී සිදු වූ මෙම අනතුර අස්ථාවර භූමි ප‍්‍රදේශයක විද්‍යාත්මක තත්ත්වයට නොගැලපෙන පරිදි නිසි ප්රමිතියට ඉදිකර නොමැති මෙහි අත්තිවාරම බිදී ගොස් […]
ඊයේ දිනයේ දී හලාවත ප්‍රදේශයට අහසින් පාවී මාළු දැලක් වැටී ඇති බවට පුවතක් වාර්තා වනවා. මේ මාළු දැල වැටෙන අවස්ථාවේ තද වර්ෂාවක් තිබී ඇති බව වාර්තා වන අතර එම දැල කිලෝග්‍රෑම් තුන්සියයක් පමණ බරකින් යුක්ත බවද පැවසෙනවා. මේ සිදුවීම ඇසින් දුටු පුද්ගලයින් සදහන් කරන්නේ හලාවත මුහුද දෙස සිට ඉහල අහසේ සිට පාවෙමින් ආ මෙම මාළු […]
අද දිනයේ සිට මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මක වුවද නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව දඩ නියම කිරීමක් හෝ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු කිරීමක් සිදුනොකරන බව නාගරික රථ වාහන කොට්ඨාසය සදහන් කරනවා. මංතීරු නීතිය උල්ලංඝනය කරන රියදුරන් කැඳවා දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව එම කොට්ඨාසය පවසයි. කොළඹ සහ අවට මාර්ගවල රථ වාහන තදබදය අඩු කිරීමේ වැඩපිළිවෙළක් […]