ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් සියළුම ඖෂධ ශාලා හිමියන් වෙත විශේෂ නිවේදයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සදහන් පරිදි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව “Chioroquine” “ක්ලෝරෝකුයිනීන්”සහ “හයිඩෝක්සික්ලෝරෝකුයිනීන්” “Hydroxychioroquine” නැමැති ඖෂධ නිකුත් නොකරන ලෙස දැනුම් දෙනු ලබනවා. මෙම නියෝගයන්/උපදෙස් උල්ලංඝණය කරනු ලබන සෑම තැනැත්තෙකු විසින්ම වරදක් සිදු කරනු ලබන අතර, 2015 අංක […]
ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 790 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. එමෙන්ම ත්‍රීවීල් රථ සහ යුතුරු පැදි ඇතුළුව රථ වාහන 156ක්ද පොලිස් භාරයට ගෙන ඇත.
දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 81 දක්වා ඉහළට ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.
ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ උතරු පළාතේ දිස්ත්‍රික්ක 05 කට දැනට පනවා ඇති ඇදිරි නිතිය මාර්තු 24 අගහරුවදා උදැසන 06.00 දක්වා දිගු කරන බවයි. ඒ අනුව මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24, අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ. මේ […]
දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.
ඇදිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළදී පවා බේකරි නිෂ්පාදන නිවෙස් වෙත බෙදාහැරීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. රජයේ අවසර පරිදි එම කටයුතු සලසා ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සදහන් කළා.
කොරෝනා වෛරසය හේතුවෙන් දිවයින පුරා කි‍්‍රයාත්මක වන ඇදිරි නීතිය හමුවේ ආහාර පාන සපයාගැනීමට පවා මිනිසුන් පත්ව ඇති අපහසුතාවයන්ට කිසියම් අස්වැසිල්ලක් වෙමින් මහරගම නාගරික මන්තී‍්‍ර කුමාර නීලවෙල මහතා අද දින මහරගම වත්තේගෙදර අතුරු මාර්ග වල පාන් බෙදීමේ වැඩපිළිවෙලක නිරත වී තිබෙනවා. ඡායාරූප පහතින්
රට තුල පවතින තත්වය සැලකිල්ලට ගෙන සියලුම මගී ගුවන් යානා සහ නෞකා රට තුලට ඇතුළු කිරීම තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් දකුණු ආසියානු රටවල එම වෛරසය අසාධනය වූ පුද්ගලයින් ගණන 1118 ක් බව විදෙස් වාර්තා සදහන් කරනවා. එයින් එම වෛරසය අසාධානය වීමෙන් එම කලාපය තුල වැඩිම මරණ ගණනක් වාර්තා වුයේ ඉන්දියවෙන්ය. සමස්ත දකුණු ආසියානු කලාපයෙන් මෙම වෛරසයෙන් මියගිය ගණන 10 ක් වන අතර එයින් වැඩිම පුද්ගලයෝ ගණනක් එනම් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් […]
ජනතාවට විදුලි බිල් ගෙවීම සදහා මාර්තු 31 දක්වා සහන කාලයක් ලබාදෙන බව අමාත්‍ය මහින්ද අමරවීම මහතා සදහන් කළා.
නව කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා රටවල් 188 ක ව්‍යාප්ත වී තිබෙනවා.
මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය නැවැත්වීමට ඔහුගේ පෞද්ගලික අරමුදල්වලින් රු. මිලියන 70 ක් (කෝටි 7) වටිනා හදිසි සෞඛ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කර තිබෙනවා. බෝවන රෝග රෝහල (අයි.ඩී.එච්) සඳහා දැඩි සත්කාර ඒකකයට ICU ventilators 6ක්, ඇඳන් 485 ක් ICU ඇඳන් 169ක් ගුවන් මගින් ගෙන ඒමට මේ වන විට ඇණවුම් කර ඇති […]