News Line| Off Air
Generic placeholder image

Mar
17

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට තද වැසි

Generic placeholder image

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප‍්‍රදේශ වල පවතින කි‍්‍රයාකාරි වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප‍්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ධීවර සහ නාවික ප‍්‍රජාව මේ පිලිබදව අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.


Mar
17

අද සිට සති දෙකක් බන්ධනාගාර රැඳවියන් බැලීම තහනම්

Generic placeholder image

අද සිට සති දෙකක කාලයක් බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා ඥාතීන් කිසිවෙකුටත් අවස්ථාව ලබා නොදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් මෙම තීරණය ගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් කියා සිටියා.


Mar
17

කොරෝනා බොලිවුඩ් සිනමාවේ සියළු චිත්‍රපට නිෂ්පාදන කටයුතු අත් හිටුවයි

Generic placeholder image

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් බොලිවුඩ් සිනමාවේ සියළු චිත්‍රපට නිෂ්පාදන කටයුතු අත්හිටු වීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ලබන 19 වනදා සිට 31 වනදා දක්වා අතර කාලය තුලයි.


Mar
17

කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානී තනතුර හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි අංක. 1090, ශ්‍රී ජයවර්ධනපුර, රාජගිරිය ලිපිනයේ ස්ථාපනය කර ඇති කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර තිබෙනවා. මහජන සුභසිද්ධිය සහතික කිරීම සඳහා පොදු සෞඛ්‍ය හා සෙසු සේවාහි මනා සම්බන්ධීකරණයකින් යුත් නිවාරණ හා කළමනාකරණ පියවර ගන්නා බවට සහතික කිරීමේ […]


Mar
17

( update) කටුනායක ගුවන් තොටුපළ වසා දැමීමට රජය තීරණය කරයි

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කටුනායක ගුවන් තොටුපළ වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා. කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ අද පැවති විශේෂ රැස්වීමකදී මේ තීරණය ගෙන ඇති බව සඳහන්. ඒ අනුව අද සිට සති 02 ක කාලයක් සඳහා කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩබැස්වීමට අවසර ලබා නොදීමට රජය තීරණය කර ඇති බව වැඩි දුරටත් […]


Mar
17

කොරෝනා නිරෝධායන මෙහෙයුම්වලට සම්බන්ධ යුධ හමුදා නිලධාරියෙකුටත් කොරෝනා

Generic placeholder image

කොරෝනා නිරෝධායන මෙහෙයුම්වලට සම්බන්ධ වූ යුධ හමුදා නිලධාරියෙකුට, එම වෛරසය ආසාදනය වී ඇති බව හමුදා ප්‍රකාශකවරයා දැනුම් දී තිබෙනවා.


Mar
17

කොවිඩ් වැළකීමේ කාර්ය සාධන බලකායේ ප්‍රධානී යුද හමුදාපති

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් ස්ථාපිත කර ඇති ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානී ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර තිබෙනවා. මෙම කාර්ය සාධක බළකාය සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශ්‍ය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ගුවන් සේවා අධිකාරිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවාවන්හි ප්‍රධානීන්ගෙන් මෙම […]


Mar
17

අද මධ්‍යම රාත්‍රියේ සිට කටාර්, බහරේන් සහ කැනඩා වලින් ලංකාවට ඇතුළු වීම තහනම්

Generic placeholder image

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කටාර්, බහරේන් සහ කැනඩා යන රට වලින් පැමිණෙන සියලු මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර නොමැති බව සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කරනවා.


Mar
17

දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම තවකාලිකව නවතී

Generic placeholder image

ශ්‍රී ලංකාව තුල ව්‍යප්ත වන කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුතුව සහ පාර්සල් භාර ගැනීමට අදාල සියලු මුදල් පරිහරණ කටයුතු වලින් අද දිනයේ සිට ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබෙනවා ඒ අනුව අද දහවල් 12.00 සිට එම කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබෙන්නේ. එමෙන්ම සියළු දුම්රිය ධාවනය […]


Mar
17

කොරෝනා යැයි සැක සහිත රෝගීන් 280 දෙනෙකුගේ ජීව සාම්පල පරීක්ෂාවට

Generic placeholder image

මේ දක්වා කාලය තුල කොරෝනා බවට සැකකෙරෙන රෝගීන් 280 දෙනෙකුගේ ජීව සාම්පල පරීක්ෂාව ලක් කිරීම සදහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර ඇති බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකාව තුල මේ වන විට පුද්ගලයින් 28 දෙනෙකුට වෛරසය ආසාධිත වී ඇති බවට තහවුරු කරගෙන තිබෙනවා.


Mar
17

හමුදාවේ පරාර්ථකාමී පරිත්‍යාගය (Photo)

Generic placeholder image

නිරෝධායන මධ්‍යස්ථාන ඉදිකිරිම් කටයුතු සදහා හමුදා භටයන් සිය ශ්‍රම දායකත්වය නොමදව සැපයු අයුරු දිස්වෙන ඡායාරූප මේ වන විටත් සමාජ මාධ්‍යන් තුල ප්‍රචාරය වෙම්න් පවති. ඉන් කිහිපයක්,


Mar
17

ප්‍රංශය දින 15 කට වැසෙයි

Generic placeholder image

පවතින මාරාන්තික කොරෝනා වෛසරය හේතුවෙන් සහ එම වෛරසයෙන් ආරක්ෂා වීම සදහා දී ඇති සෞඛ්‍ය උපදෙස් එරට ජනතාව වැඩි වශයෙන් නොසලකා හැරිම හේතුවෙන් දින 15ක් සඳහා ප්‍රංශය වසාදැමීමට ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම, රැකියාවට යාම, ව්‍යායාම කිරීම හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම හැර අන් සියලු දෙනා සිය නිවෙස් […]


News Articles
Latest Videos
Most Popular Post