චීනයේ සෞඛ්‍ය සේවකයින් 1700කට අධික පිරිසක් කොවිඩ්නයින්ටීන් හෙවත් කොරෝනා වෛරස ආසාදනයට ලක්ව ඇති බව එරට සෞඛ්‍ය අංශය පවසනවා. පසුගිය 11 වනදා වන විට සෞඛ්‍ය සේවකයින් 1716 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් සේවකයින් 06 දෙනෙකු මියගොස් ඇති බව ඔවුන් පැවසුවා. ඉන් 1500 දෙනෙකු හුබෙයි පළාතෙන් වාර්තා වී තිබෙනවා. කොරෝනා වෛරසයෙන් සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කිරීම […]
තමා ජනාධිපති ධුරයේ රැඳී සිටින තුරු රුසියාවේ සමලිංගික විවාහ නීතිගත නොකරන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් පවසනවා. මව, පියා යන සම්ප්‍රදායික නාමයන් වෙනස් කිරීමට තමන් ඉඩ නොතබන බවද ඔහු සඳහන් කර තිබෙනවා. සමලිංගික විවාහ නීතිගත කිරීම සම්බන්ධයෙන් තම ස්ථාවරය මීටපෙර ද ප්‍රකාශයට පත් කර ඇති බව පෙන්වාදෙන රුසියානු ජනාධිපතිවරයා තමා ධුරයේ කටයුතු කරන තුරු එම […]
‘සමගි ජනබලවේගය’ නව සන්ධානයෙන් තරග කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(14) පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ව කැඳවා තිබෙනවා. නව සන්ධානය සඳහා එකඟතාව ලබා ගැනීමේ අරමුණින් එම කැඳවීම සිදුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය ‘සමගි ජනබලවේගය’ නමින් පක්ෂයක් පිහිටුවා ඇති අතර එම නව […]
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විදෙස්ගත ශ්‍රමිකයින් දක්වන දායකත්වය සලකා බැලීමේදී ඔවුන්ගේ දරුවන් රැකබලා ගැනීම රජය සතු වගකීමක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ අද(14) පැවති ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවා. විගමනික ශ්‍රමික දෙමාපියන්ගේ දූ දරුවන් සඳහා බස්නාහිර පළාත තුළ පවත්වන ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
කෝවිඞ් නයින්ටින් වෛරසය ව්‍යාප්ත වීම පාලනය සදහා හදිසි පියවර මාලාවක් ක්‍රියාත්මක කිරීමට ජපන් රජය තීරණය කර තිබෙනවා.මේ පිළිබදව තීරණය කෙරුනේ අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩලයේ දීයි. මේ යටතේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය සදහා ඩොලර් මිලියන 140 ක් වෙන් කර තිබෙනවා. රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා තෝරාගත් රෝහල් කිහිපයක ඇදන් 1 800 ක් සකස් […]
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල ජනාධිපති කොමිෂන් සභාව අද යළි රැස් විමට නියමිතයි. දුම්මලසූරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා සාක්ෂි විභාගය සදහා අද කැදවා තිබෙනවා. පාස්කු ප්‍රහාරයට පෙර දුම්මලසූරිය පොලීසියේ මුස්ලිම් දේවස්ථානයකට පහර දීමක් සිදුව තිබුණා. එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කල සහරාන් හෂීම් සමග සම්බන්ධතා පැවැත්වු පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබුනේ දුම්මලසූරිය පොලීසිය […]
දියතලාව යුද හමුදා කඳවුරේ දින 14ක් රඳවා සිටි වූහාන් සිට පැමිණි සිසුන් 33 දෙනා අද (14)උදෑසන 11.00ට පමණ කදවුරෙන් කොළඹ යුධ හමුදා මුලස්ථානය වෙත යාමට පිටත්වු බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බිග්‍රේඩියර් චමින්ද වික්‍රමසිංහ මහතා පැවසුවා. චීනයේ වුහාන් සිට පසුගිය 01 දින දියතලාව යුද හමුදා කඳවුරට රැගෙන ආ තරුණියන් 18 දෙනෙකු හා තරුණයන් 15 දෙනෙකු […]
උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී, විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් යුත් දෙමළ ජනතා ජාතික පෙරමුණේ මංගල රැස්වීම අද පස්වරුවේ යාපනයේ පිහිටි ඔහුගේ නිවසේදී පැවැත්වීමට නියමිත බව හිටපු උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ප්‍රකාශ කළා. මෙහිදී දෙමළ ජනතාව වෙනුවෙන් නව දේශපාලන පක්ෂය ඉටු කළ යුතු කාර්යයන් පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත බව මන්ත්‍රීවරයා කියා සිටියා.
එක්සත් ජාතික පෙරමුණේ සියලූම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර හමුවක් අද පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී යි. එම සාකච්ජාවෙන් අනතුරුව ආසන සංවිධායකවරුන් සමග හමුව ආරම්භ වුණා අතර මෙහිදී සාකච්ඡුා කර ඇත්තේ ඉදිරි මහ මැතිවරණයේ සංවිධාන කටයුතු පිළිබදවයි. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ විශේෂ සාකච්ඡුාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙන අතර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ […]
ගිනි බිසව් (Guinea Bissau) රාජ්‍යයේ ජනාධිපති උමාරෝ සිසෝකෝ එම්බාලෝ (Umaro Cissoko Embalo) මැතිතුමා කෙටි සංචාරයක් සදහා අද (14) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. ජනාධිපතිවරයා සමග දූත පිරිස ලෙස සිව් දෙනෙකු පැමිණ සිටින බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සදහන් කළා. ගිනි බිසව් රාජ්‍යයේ සිට කුවේට් බලා යන අතරතුර මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත ඔවුන් […]
චීනයේ වූහාන් ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණ දියතලවා හමුදා කදවුරේ රැුදී සිටි පිරිස අද අකුරේගොඩ යුධ හමුදා මුලස්ථානය රැුගෙන ඒමට නියමිතයි. යුද හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමු වීමෙන් අනතුරුව ඔවුන්ට නිවෙස් බලා යාමට අවසර ලබා දෙනු ඇතී. ඔවුන්ට කිසිදු ආසාදන තත්වයක් නොමැති බව මේ දක්වා සිදු කල පරීක්ෂණ වලදී අණාවරණය වී […]
රජයේ බදු සහන ප්‍රතිලාභය ජනතාවට ලබාදීමේ අරමුණින් භාණ්ඩ 18,000 කට අධික සංඛ්‍යාවක මිල අඩු කිරීම සඳහා පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. භාණ්ඩ මිල අඩු කිරීම් සම්බන්ධයෙන් භාණ්ඩ නිෂ්පාදන සමාගම් සහ ආයතන 700ක ගෙන් පමණ ඒ සම්බන්ධයෙන් ලිඛිතව විමසීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව එම අධිකාරිය සඳහන් කළා. බදු සහනය ලබාදීමට […]