News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
1

ශ්‍රී රංගා ඇතුළු පිරිස පිලිබදව වාර්තාවක් ඉල්ලා වැඩබලන පොලිස්පතිට උපදෙස්

Generic placeholder image

හිටපු නි.පොලිස්පතිවරයෙක් වන ඒ.සේනාරත්න සහ ශ්‍රී රංගා පිලිබදව පොලිසිය ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන්ගෙන් නැවතත් ප්‍රකාශ සටහන් කර වාර්තාවක් දෙන ලෙසට නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.


Nov
1

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයක්

Generic placeholder image

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි එරට ඩිමොක්‍රටික් පාක්ෂය විසින් දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කර කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙයට හේතු වි තිබෙන්නේ උප ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත්‍රයාට එරෙහිව පරීක්ෂණ ඇරඹීම සිදු කිරීම සදහා , යුක්‍රේනය වෙත නොමනා බලපෑම් සිදු කිරීමයි. කෙසේ වෙතත් මෙම දෝෂාභියෝගය සම්මත වීමටනම් ඇමෙරිකානු පාර්ලිමේන්තුව තුල දිර්ඝ ක්‍රියාවලියක් සිදු […]


Nov
1

ජනපති අපේක්ෂකයන් ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කෝටි 1000 ඉක්මවිය හැකියි

Generic placeholder image

සමස්ථ මැතිවරණ ව්‍යාපාරය අවසන්වන විට ජනාධිපතිවරණ අපේක්ෂකයන් සියලු දෙනා එක්ව ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි 1000 ත් 1500 ත් අතර මුදලක් වියදම් කරනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක ප්‍රකාශ කර තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් 35 දෙනා ගතවු සති තුන තුල දී ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් රුපියල් 77 […]


Nov
1

අද තරගයේ කාසියේ වාසිය ඕස්ට්‍රලියාව දිනා ගනී

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රලියාව අතර පැවැත්වෙන අවසන් 20 20 යි තරගාවලිය මේ වන විට මේල්බන් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. කාසිය වාසිය දිනාගත් ඕස්ට්‍රලියාව පළමුව පන්දුවට පහර දීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරධනා කළා.


Nov
1

පාසල් 665 කට ලැප්ටොප් පරිගණක

Generic placeholder image

පාසල් තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ඵලදායීත්වය ඉහළ නැංවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදාගැනීම කාලීන අවශ්‍යතාවක්ව පවතින අතර, ඒ සඳහා ඉඩ ප්‍රස්ථා පුළුල් කරමින් ඉගෙනුම් මෙවලමක් ලෙස භාවිත කිරීම පිණිස ලැප්ටොප් පරිගණක පාසල් වෙත ලබාදීමට අදාළව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි තිබෙනවා. ඒ අනුව, දිවයිනේ […]


Nov
1

robot inspection dog නමින් නව රොබෝ යන්ත්‍ර 02 ක් ගුවන් තොටට

Generic placeholder image

චීන මහජන සමුහාණ්ඩුවෙන් විසින් කෝටි 15 කට අධික වටිනාකමින් යුක්ත නව “robot inspection dog” ලෙසින් හඳුන්වන මෙම රොබෝ යන්ත්‍ර දෙකක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. ඒ කටුනායක, ජාත්‍යාන්තර ගුවන්තොටුපලේ මගින් පැමිණෙන පිටවන පර්යන්තයේ සෝදිසි කිරීම් සදහා මෙම උපකරණ දෙක යොදා ගැනෙන බව ගුවන් තොටුපොල බලධාරීන් පවසනවා. විශේෂයෙන්ම මෙම උපකරණ මගින් පුපුරණ ද්‍රව්‍ය පිලිබදවත් මත්ද්‍රව්‍ය වර්ග […]


Nov
1

කංජිපානි ඉම්රාන් යළි රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

කංජිපානි ඉම්රාන් නම් සංවිධානාත්මක අපරාධකරු ලබන 15 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිඛෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය දුන් නියෝගයකට අනුවයි. කංජිපානි ඉම්රාන් නමැත්තාගේ සගයකු හෙරොයින් සමග අත්අඩංගුවට ගැනීමත් සමග අදාළ වැටලීම සිදුකල පොලිස් නිලධාරීයාට දුරථකන මාර්ගයෙන් තර්ජනය කිරීම ඔහුට එරෙහි චෝදනාව වනවා. එම සිද්ධියට අදාළ නඩුව අද යළි කැදවු අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය […]


Nov
1

බොලිවුඩයේ ජනප්‍රියම පෙම්වතුන් යුවළ ආලියා සහ රන්බීර්ගේ විවාහයට දින නියම වෙයි

Generic placeholder image

වර්තමානයේ බොලිවුඩයේ සිටින ජනප්‍රියතම පෙම්වතුන් යුවළ වන ආලියා භාට් හා රන්බීර් කපූර් විවාහයේ දින නියම වී තිබෙන බව ඉන්දීය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔවුන් දෙදෙනා ලබන වසරේ ජනවාරි 22 වැනිදා සිය විවාහය සිදු කිරීමට නියමිතව බව සදහන්. ඔවුන්ගේ විවාහ ආරාධනා පත්‍රයද මේ වනවිට නිකුත් කර තිබෙන අතර, විවාහ මංගල්‍යය උත්සවශ්‍රියෙන් ජෝදාපූර්හි පැවැත්වීමට නියමිතව තිබෙනවා. […]


Nov
1

තාජුඩීන් ඝාතන සිද්ධියේ තෙවන සැකකරු අල්ලන්න වරෙන්තු නිකුත් කරයි

Generic placeholder image

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සිද්ධියට සම්බන්ධ නඩුව අද කැදවු අවස්ථාවේ තෙවන සැකකාර පාර්ශවය වන කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අද අධිකරණයට පෙනී නොසිටීම හේතුවෙන් ඒ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ෂලනි පෙරේරා මහත්මිය වරෙන්තු නිකුත් කරනු ලැබුවා. ඒ අනුව ඒ සම්බන්ධ නඩුව පෙබරවාරි 20 වනදා දක්වා […]


Nov
1

බදුල්ලේ වෙළඳසැලක ගින්නක්

Generic placeholder image

බදුල්ල – පිහිල්ලකඩේ ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ඊයේ (31) රාත්‍රී 11ට පමණ මේ ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් එම වෙළඳසැල සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ විසින් ගින්න නිවා දැමීමට උත්සහ කළත් එය ව්‍යාර්ථ වූ බව පොලිසිය පැවසුවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධයෙන් […]


Nov
1

දෙනුවර මැණිකේ අද සිට වැඩ අරඹයි

Generic placeholder image

උඩරට දුම්රිය මාර්ගයේ මගී ඉල්ලුමට සරිලන පරිදි කොළඹ කොටුව – බදුල්ල අතර නව නගරාන්තර දුම්රිය සේවාවක් අද (01) සිට “දෙනුවර මැණිකේ” නමින් එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. මෙම දුම්රිය සඳහා චීනයෙන් මෙරටට ආනයනය කරන ලද නවීන S14 වර්ගයේ බලවේග දුම්රියක් යොදවා ඇති අතර මෙහි වායු සමනය කරන ලද පළමු පන්තියේ මැදිරි […]


Nov
1

දෙවන දිනටත් තැපැල් ඡන්ද විමසීම අද

Generic placeholder image

ඉදිරි ජනපතිවරණයට අදාල සුදුසුකම් ලත් රාජ්‍ය සේවකයින්ගේ තැපැල් ඡන්ද විමසීම අද දෙවන දිනටත් පැවැත්වෙනවා. ඒ අනුව දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සදහන් කලා. මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව හය ලක්ෂයකට අධිකයි.


News Articles
Latest Videos
Most Popular Post