2019 රග්බි ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද ජපානයේ යොකොහමා හිදී පැවැත්වෙනවා. ඒ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතරයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 2 යි 30 ට තරගය ආරම්භ කිරීමට නියමිතයි. රග්බි ලෝක කුසලානයේ තුන් වන ස්ථානය දිනා ගැනීමට නවසීලන්තය ඊයේ සමත් වූ අතර එම තරගයේදී ඔවුන් අතින් පරාජයට පත් වුයේ වේල්ස් කණ්ඩායමයි.
පර්ෆියුම් කියන්නේ අද කාලේ විශේෂයෙන් තරුණ ගැහැණු පිරිම දෙපාර්ශ්වයටම ඉතාම වැදගත් දෙයක්. නමුත් පර්ෆියුම් තෝරා ගන්න කොට තමන්ට ගැළපෙන හරි විදියේ එකක් තෝරාගත යුතුයි. පර්ෆියුම් එහෙම නැත්නම් සුවද විලවුන් වුණත් පාවිච්චි කරන්න නිවැරදි ක‍්‍රමයක් තියෙනවා. අන්න ඒ ගැන දැන ගන්න මේ කරුණු ටික බලන්න. 01. එක එක සුවද පර්ෆියුම් වර්ග එක එක විදියේ සුවද විලවුන් […]
අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් නුගේගොඩ ගුවන් පාලම අද සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය රියදුරන්ට දැනුම් දීමක් සිදුකළා. එම අලුත්වැඩියා කටයුත්ත සති අන්තයේ අවසන් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දී ඇතැයි ද පොලීසිය වැඩිදුරටත් සදහන් කළා.
තැපැල් ඡන්ද සලකුණු කර, ඒවා ඡායාරූප ගත කළ ගුරුවරු දෙදෙනෙකු ඇතුළු තුන් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පොළ, කැකිරාව, කටුගස්තොට ප්‍රදේශයන් හිදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියා. පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙනවා. මේ අතර, ඡන්දය සලකුණු කරන ලද […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර අද (01) පැවැත්වුණ තුන්වන සහ අවසන් 20යි 20 තරගයේ ජය හිමි කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. ඒ පන්දුවාර 17යි පන්දු 4කදී කඬුලු 3ක් දැවී ලකුණු 145ක් ලබා ගනිමින්. ඒ අණුව තුනට බින්දුවක් ලෙස තරඟාවලියේම ජය ඕස්ට්‍රේලියා කණ්ඩායම හිමිකරගත්තා. කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් […]
නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව පරීක්ෂණවලදී තහවුරු වී තිඛෙනවා. එබැවින් ඉදිරි තරගවලදී ඔහුට සුපුරුදු ලෙස පන්දු යැවීමට හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා. පසුගිය ශ්‍රී ලංකා තරග සංචාරයේ ගාල්ලේ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයේදී විලියම්සන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට චෝදනා එල්ල වුණා.
පසුගිය වසර සඳහා වූ වාර්ෂික විගණකාධිපති වාර්තාව විගණකාධිපති ඩබ්ලිව්. පී. සී වික්‍රමරත්න මහතා විසින් ගරු කථානායක කරූ ජයසූරිය මහතා වෙත ඊයේ 31 බාරදෙනු ලැබුවා. මෙම වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවේදී සභාගත කෙරෙන බව සදහන්.
මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, අනුරාධපුර, වව්නියාව, මන්නාරම, යාපනය සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කවලට අද රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එසේම, ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර කෙටි කාලීන සුළං ද අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා. […]
රගර් ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය හා වෙල්සය සමග පැවති තරගයෙන් තුන්වන ස්ථානය නවසීලන්තය ලබාගත්තා. ඒ ලකුණු 40 ට 17 ක් ලෙස ලබාගනිමින්. හෙට දිනයේ රගර් අවසන් ලෝක කුසලාන තරගය පැවැත්වෙන අතර එංගලන්තය හා දකුණු අපි‍්‍රකාව හෙට දින තරගවැදීමට නියමිතයි.
විදේශීය විශ්වවිද්‍යාල වල ශාඛා සෞදි අරාබියේ විවෘත කිරීමට අවසර ලබාදීම සඳහා නව තීති හඳුන්වාදීමට සෞදි රජය කටයුතු කර තිබෙනවා. මේ සඳහා සෞදි රජු, සල්මාන් අබ්දුල්ලාසිස් අල්-සවුඩ්ගේ නායකත්වයෙන් යුත් සෞදි කැබිනට් මණ්ඩලය නිල වශයෙන් අනුමැතිය ලබා දී ඇති බව එරට මාධ්‍ය සඳහන් කළා. සෞදි අධ්‍යාපන ඇමති, ආචාර්ය හමාඩ් බින් මොහොමඩ් අල්-ෂීක් ප්‍රකාශ කළේ මෙම නීතියට අවසර […]
කසල තේ කිලෝ 25,000 සමග සැකකරුවන් දෙදෙනෙකු උස්වැටකෙයියාව ප්‍රදේශයේ තේ කර්මාන්තශාලාවකදී පොලිස් විශේෂ කාර්යය බළකායේ නිළධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කසල තේ තොගය අපනයනය සඳහා සූදානම් කර තිබූ බව පොලිසිය සඳහන් කළා. අත්අංගුවට ගෙන ඇති සැකකරුවන් අතර අදාල කර්මාන්තශාලවේ කළමණාකරුද වන අතර කසල තේ තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශණ සඳහා වත්තල පොලිසිය වෙත […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රලියා කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් 20 යි 20 තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 142 ක් ලබා ගත්තා.