කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පය 12 ක කාලයක් මෙලෙස ජෙල සැපයුම අත් හිටවනු ඇති. අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් මිට හේතු වී තිබෙනවා. ඒ අනුව වාද්දුව, වස්කඩුව, දර්ගානගරය හා බෙන්තොට පොතුපිටිය, කළුතර , කටුකරුන්ද, නාගොඩ, පයාගල, […]
ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව රජයේ නිවාඩු වැඩිම රට වශයෙන් වාර්තා ගත වීමට සුදානමින් සිටිනවා. ඒ මේ වන විට එම ස්ථානය දිනාගෙන සිටින නිවාඩු 28 ක් ලබා දී තිබෙන කාම්බෝජය ඉදිරි වර්ෂයේදී එනම් 2020 දී එම නිවාඩු සංඛ්‍යාව 22 දක්වා අඩු කිරීමට තීරණය කර තිබීමත සමගයි. ඒ අනුව ශ්‍රී ලංකාව රජයේ නිවාඩු දින අතින් […]
ඉන්දීය රජය විසින් නව මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා මුම්බායි නගරයේ වනාන්තරයක් කපා දැමීමට විරෝධය පල කරමින් එරට වැසියන් එම ව්‍යාපෘතිය සදහා කපා දමන ගස් වැළදගෙන හඩා වැටෙන ජායා රූප ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මීට පෙරද මෙම ව්‍යාපෘතිය සදහා මුම්බායි ජනතාව විරෝධය පළ කරමින් පෙත්සමක් ගොනු කර තිබුනද එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. […]
ශ්‍රී ලංකික කාන්තාවන් දෙදෙනෙකු අයිස් මත් ද්‍රව්‍ය කිලෝ 02 යි ග්‍රෑම් 900 ක් සමග කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් අයිස් මත් ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 25 යි දශම 04 ක්. සැකකාර කාන්තාවන් දෙදෙනා ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණ තිබුණා. අත්අඩංගුවට ගෙන ඇත්තේ 68 හැවරිදි සහ 36 හැවරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ […]
අරුවක්කාලූ කසළ අංගනයේ ඊයේ රාත්‍රීයේ පිපිරීමක් සිදුව තිබෙනවා. කසළ අංගනය ආසන්නයේ ඇති සේරක්කුලිය හා කරතිව් ගම්මාන වල ජනතාවට පිපිරීමත් සමඟ දැවැන්ත ශබ්දයක් සහ අධික කම්පනයක් ඇති වූ බවයි සියත ප්ර්රාදේශීය වාර්තාකරු සඳහන් කළේ. කසල අංගනයේ පළමු වරට මීතෙන් වායුව පරීක්ෂා කිරීම් කටයුතු සිදුකර තිබුණා. එහිදී නලයක සිදුකළ පෑස්සුමක පිපිරීමක් සිදුව ඇති බවයි අරුවක්කාලූ කසල අංගනයේ […]
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වාදී තිබෙනවා. 011 2 868 212 / 011 2 868 214 හෝ 011 2 868 217 යන දුරකථන අංක වලට ඒ සම්බන්ධ තොරතුරු දැනුම්දිය හැකියිි. මැතිවරණයට අදාලව පෝස්ටර් බැනර් කටවුට් ප්‍රදර්ශනය කිරීම හා පුද්ගල හෝ රථවාහන පෙලපාලි යාම තහනම් කර තිබෙනවා. ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ […]
ඌව පළාත් සභාවේ නිළ කාලය අද මධ්‍යම රාත්‍රී 12 00 න් අවසන් වීමට නියමිතයි. පළාත් සභාව විසුරුවා හැරීමෙන් අනතුරුව මහ ඇමැතිවරයා / ඇමතිවරු සහ මන්ත්‍රීවරු 34 දෙනාගේ බලතල සියල්ලම ආණ්ඩුකාරවරයාට ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කළේ. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ් බදුල්ල ආණ්ඩුකාර කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨයින් / ආසන සංවිධායකවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර සාකච්ඡුාවක් ඊයේ රාත්‍රීයේ පවත්වා තිබෙනවා. ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡුා කළ බවයි එම පක්ෂයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු සිය ප්රවෘත්ති වෙත සඳහන් කළේ. ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය ප්‍රකාශය කිරීමට කාලය අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක […]
දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාත්මක කල වැඩ වර්ජනය අවසන් කලද මෙතෙක් දුම්රිය ධාවනය යථා තත්වයට පත් කිරීමට නොහැකිවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. වර්ජනයේ නිරත වූ වෘත්තීය සමිති සාමාජිකයින් මෙතෙක් සේවයට වාර්තා කර නොමැතිවීම ඊට හේතුව බවයි දුම්රිය සාමාන්‍යාධීකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සියත ප්රවෘත්ති වෙත සඳහන් කළේ. දුම්රිය වෘත්තීය සංගම් දින 12 ක් අඛණ්ඩව ක්‍රියාත්මක කළ […]
කාන්තා ඔබ මේ ගැන සිතන්න 01. අමුතු තාලේ හිසකෙස් විලාසිතා කාන්තාවන් හිස කෙස් විලාසිතා දාන්න දක්ෂයි. ඒත් ඔවුන් අනවශ්‍ය ලෙස ජෙල් ගාගෙන, කොන්ඩ කටු ගොඩක් ගහගෙන කරන විලාසිතා වලට පිරිමි එච්චර ප්‍රිය කරන්නේ නැහැ. ගොඩක් පිරිමින්ගේ ආකර්ෂණය අමුතු තාලේ හිස කෙස් වලට හිමි වන්නේ නැහැ. බහුතරයක් පිරිමින්ගේ ආකර්ෂණය හිමි වන්නේ ජෙල් අනවශ්‍ය ලෙස ආලේප නොකළ, […]
ශී‍්‍ර ලංකාව සහ පාකිස්ථානය අතර තරග තුනකින් සමන්විත 20 යි විස්ස තරගාවලියේ දෙවන තරගයේ කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකාව මේ වන විට පන්දුවාර 18 ක් අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 166 ක් රැස්කරගෙන තිබෙනවා. බානුක රාජපක්ෂ පන්දු 48 කට පමණක් මුහුණ දෙමින් ලකුණු 77 ක් රැස්කරගත් අතර දර්ශනීය 6 පහර 6 ක් සහ 4 […]
ලංකා සමසමාජ පක්ෂයේ හිටපු නායක මෙන්ම හිටපු ඇමතිවරයෙකු වූ බැටී වීරකෝන් අභාවප්‍රාප්තවී තිබෙනවා. මියයන විට ඔහු 87 වන වියේ පසු වුණා.