ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. තම ගැටළු සඳහා විසඳුම් ලබා දෙන්නේ නැතිනම් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කළා. මේ අතර වැටුප් විෂමතා ඇතුළු සේවා ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් […]
රජයෙන් ලබා දීපු දියර පොහොර කෑන් පිපිරීම් ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා. මෙලෙස පුපුරා ගිය දියර පොහොර සුනඛයින් පවා ආහාරයට ගන්නා අයුරු ද දක්නට ලැබුණා. මේ කාබනික දියර පොහොර හදලා තියෙන්නේ මත්ස්‍යය නිශ්පාදන ආශ්‍රිතව කියලයි ඇමති මහින්දානන්ද පවසන්නේ. දඹුල්ල අප වාර්තාකරු සිදු කළ ගවේෂණයකදී අනාවරණය වුණේ ඇතැම් කාබනික පොහොර මත්ස්‍ය කොටස් යොදා සකස් කරන බවටයි. රජය […]
2021 වසරේ විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවේ හර්නාස් සන්දු විසින් හිමි කරගෙන ඇත. මෙවර විශ්ව රූ රැජිණ තෝරාපත් කර ගැනීමේ තරගාවලිය ඊශ්‍රායලයේ දී 70 වන වරට පැවැත්වුණි. එහිදී 21 හැවිරිදි වියේ පසුවන හර්නාස් සන්දු විශ්ව රූ රැජිණ කිරුළ දිනා ගැනීමට සමත් වී තිබේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් […]
මෙක්සිකෝවේ දී සංක්‍රමණිකයන් රැගත් කන්ටේනරයක් අනතුරට ලක්ව තිබෙනවා. මෙම කන්ටේනරය තුළ සැඟවී අමෙරිකා එක්සත් ජනපද දේශසීමාව වෙත ලඟා වීමටයි මෙම පිරිස උත්සහ දරා ඇත්තේ. කන්ටේනරය තුළ 100කට වැඩි පිරිසක් සැඟවී පලායමින් සිට තිබෙනවා. අනතුරෙන් 53 දෙනෙකු එම ස්ථානයේදී ම මිය ගොස් ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. අනතුරෙන් තුවාල ලැබූ සංක්‍රමණිකයන් 58 දෙනෙකු රෝහල් ගත කර […]
වයස අවුරුදු 30 වැඩි පුද්ගලයින්ට බුස්ටර් එන්නත ලබා දීම අද ඇරඹුණා. දෙවන එන්නත ලබා ගෙන මාස 3ක් ගිය පසු බූස්ටර් එන්නත ලබා ගත හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කලේ.
අයවැය තුන්වනවර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. අද පස්වරුවේ අයවැය තුන්වන වර කියවීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. ආරම්භයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා යොමු කල පැනයකට මුදල් අමාත්‍යංශය දෙවන වරටත් කල් ඉල්ලීම හමුවේ මන්ත්‍රීවරයා සිය අප්‍රසාදය පළ කළා. සංචාරක ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටලුව පිළිබදව ද අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්ණ කෙරුනා.
විදුලිබල සැපයුම ගැන විදුලිබල අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කර ඇත. ඒ අනුව අද (10) සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව එම අමාත්‍යංශය පැවසීය.
තවත් කොරෝනා ආසාදිතයන් 744 දෙනෙක් ඊයේ (09) දිනයේ වාර්තා වී ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙරට දී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 570,672ක් දක්වා ඉහළගොස් තිබේ.
දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බවය. බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති වේ. සබරගමුව, […]
ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රවාට්ස් ගමන් ගත් එම්. අයි 17 හෙලිකොප්ටර් යානය අනතුරට ලක්ව තිබෙනවා. ඒ තමිල්නාඩු ප්‍රාන්තයේ සුලූර් හිදීයි. මෙම හෙලිකොප්ටර් යානයේ 14 දෙනෙකු ගමන්ගත් බවයි වාර්තා වන්නේ. ඉන් 13 දෙනෙකුම මිය ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.
පාකිස්ථානයේ දී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස සිදු කිරීමට නියමිතයි. අදත් විවිධ තරාතිරම්වල පුද්ගලයින් ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූවා. ඊයේ සවස පාකිස්තානයේ දී විශේෂ ගුණසමරු උත්සවයක් ද පැවත්වුණා. ඊට එක්වූ අගමැති ඉම්රාන් ඛාන් පැවසුවේ යළි තමා සිටින තාක් මෙවන් ඝාතන සිදුවීමට ඉඩ තබන්නේ නැති බවයි.