News Line| Off Air
Generic placeholder image

Oct
8

තරගයෙන් අනතුරුව සිය පෙම්වතියට විවාහ යෝජනාවක් ගෙන ආ ක්‍රිකට් ක්‍රීඩක දීපක් චහාර්

Generic placeholder image

චෙන්නයි සුපර් කිංග්ස් හා කිග්ස් ඉලෙවල් පන්ජාබ් කණ්ඩායම් අතර ඉකුත්දා පැවැති තරගයෙන් අනතුරුව සිදු වූ අපුරු සිදුවීමක් මේ දිනවල බොහෝ සමාජ මාධ්‍ය තුල දක්නට ලැබෙනවා.. ඒ අපුරු සිදුවීම නම්, චෙන්නායි සුපර් කිග්ස් කණ්ඩායමේ ක්‍රීඩක දීපක් චහර් සිය පෙම්වතියට ආදරය ප්‍රකාශ කිරීමයි.. ඔහු විසින් තරගය නැරඹීමට පැමිණි පෙම්වතියට මුදුවක් පලදවමින් සිය ආදරය ප්‍රකාශ කළා.. එහි සිට […]


Oct
8

පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් මස 21වනදා දක්වා ක්‍රියාත්මකයි

Generic placeholder image

දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා මේ මස 21වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. අද පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.


Oct
8

අවුරුදු 18-19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම මේ මස 21 වනදා සිට

Generic placeholder image

අවුරුදු 18-19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම මේ මස 21 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. මේ අනුව අදාල වයස් ඛාණ්ඩ වල පසුවන සිසු දරු දැරියන්ට ඔවුන්ගේ පාසල් වල සංවිධානය කෙරෙන එන්නත් කඳවුරු හරහා මෙම එන්නත ලබාදීමට කටයුතු කරනු ලබන බවයි පැවසෙන්නේ. දැනට පාසැල් හැර ගොස් සිටින මෙම වයස් කාණ්ඩයේ පසුවන සිසු සිසුවියන්ට […]


Oct
8

හිටපු ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර රෝහල් ගත කෙරේ

Generic placeholder image

හිටපු ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර රෝහල් ගත කර තිබෙනවා. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.


Oct
8

කිරිපිටි මිල ඉහළ දැමෙන අයුරු

Generic placeholder image

පාලන මිල ඉවත් කිරීමත් සමඟ ආනයනික කිරිපිටි සඳහා අලෙවි කළ යුතු නව මිල ගණන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 350කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 140කින් ලෙස මිල ඉහළ දැමීමට මේ වන විට තීරණය කරතිබෙන බවයි පැවසෙන්නේ. ආනයනකික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රු. 1300කට සහ ග්‍රෑම් 400ක […]


Oct
8

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,


Oct
8

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ වැඩසටහන

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ වැඩසටහන පිළිබද විස්තර පහතින්,


Oct
8

උතුරු පළාතට නව ආණ්ඩුකාරවරයෙක්

Generic placeholder image

උතුරු පළාතට නව ආණ්ඩුකාරවරයෙක් පත් කර තිබෙනවා. මේ අනුව ජීවන් ත්‍යාගරාජා මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්කිරීම සිදු කර ඇති බව සඳහන් වේ.


Oct
8

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකට පනවා තිබූ පාලන මිල ඉවතට

Generic placeholder image

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකට පනවා තිබූ පාලන මිල ගණන් ඉවත් කිරීමට ඊයේ පැවති විශේෂ කැබිනට් හමුවේදී තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සදහන් කරනවා. මේ අනුව කිරිපිටි, ගෑස්, සිමෙන්ති සහ තිරිඟුපිටි යන භාණ්ඩ සඳහා පනවා තිබූ පාලනය මිල ඊයේ ඉවත් කිරීමට තීරණය කෙරිණි.


Oct
8

නිවසක ඇතිවු ගින්නකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05ක් මරුට

Generic placeholder image

නුවරඑළිය, රාගලවත්ත නිවසක ඇතිවු ගින්නකින් නිවසක ඇතිවු ගින්නකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05ක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (07) රාත්‍රියේ ඇතිව තිබු එම ගින්න හටගෙන ඇති අතර වයස අවුරුදු 11ක හා අවුරුද්දක වයසැති පිරිමි දරුවන් දෙදෙනෙකු ද වයස අවුරුදු 60 පිරිමි පුද්ගලයෙක් හා වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙක් ගින්නෙන් පිළිස්සී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. ගින්නට හේතුව […]


Oct
8

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති කිහිපයක් අද වැඩ වර්ජනයක

Generic placeholder image

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති කිහිපයක් අද (08) දිනයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ පෙරවරු 07.00 සිට දහල් 12.30 දක්වා පැය 05ක කාලයක්. මේ පිලිබදව අදහස් දක්වමින් රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ, “සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 44ක් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව විදියට ඒකාබද්ධ වෙලා අද උදේ […]


Oct
8

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරුමැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි […]


News Articles
Latest Videos
Most Popular Post