විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාල නිවේදනයේ සදහන් වන්නේ මහ බැංකුව දේශපාලනීකරණයෙන් මුදවා ගැනීමට ක්‍රියා කල යුතු බවයි. අදාල නිවේදනය පහතින්,
ශ්‍රී ලංකාව හා සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර අවසන් T 20 තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී. මෙම තරගය අද රාත්‍රී 7.00 සිට සජීවීව සියත TV හරහා ඔබට නැරඹීමට හැකිය.
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. […]
තවත් කොවිඩ් මරණ 135ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත මරණ ගණන 11,431ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සාහුල් හමීඩ් මොහොමඩ් මුජාහිර් මහතාව එම ධුරයෙන් පහකර තිබෙනවා. ඒ උතුරු පළාත් ආණ්ඩුකාර මන්මතරාජා චාල්ස් මහත්මිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,755 දෙනෙකු අද (13) දිනයේ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 487,677ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
මැදපෙරදිග රටවල රැකියාවලට යන පිරිසට තෙවන මාත්‍රාවක් ලබාදෙන්නැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලීමක් කර තිබෙනවා. අදාල ඉල්ලීමසෞඛ්ය අධ්යක්ෂ ජෙනරාල්වරයාට දැනුම් දි ඇති බව වාර්තා වෙනවා. විදෙස් ගත වන පිරිස් සිය කාර්යාංශයෙන් මේ පිලිබදව සිදු කරනු ලබන ඉල්ලීම් පදනම් කරගෙන මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
ක්‍රිකට් කියන්නේ අපි දින්නත් පැරදුනත් අපි ආසම ක්‍රීඩාවක් …ඒ නිසා පරාද වෙන බව දැන දැනත් ඉවර වෙනකන්ම MATCH එක අපි බලනවා. කොච්චර පැරදුනත් ඉවසීමකින් දිනනවා බලන් ඉන්න ප්‍රේක්ෂකයින් පිරිසක් තමයි අපේ රටේ ඉන්නේ.. අද මේ ඒ ගැන කතාවක්..
රත්නපුර කැටන්දොල ප්‍රදේශයේ අලුත් පාලම අසලදී බහාලුම් ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රයිමුවර් රථයක රියදුරුට පාලනය කර නොහැකිව මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක හා යතුරුපැදියක ගැටීමෙන් අනතුරුව අසල තිබු ගංගාවකට පෙරලි අනතුරක් සිදුව තිබෙනවා. සිද්ධියෙන් අනතුරට පත් තුවාලකරුවන් රත්නපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,483 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 414,295ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
උතුරු කොරියාව විසින් දිගුදුර මිසයිල අත්හදාබැලීමක් සිදුකර තිබෙනවා. එරට රාජ්‍ය මාධ්‍ය සදහන් කරන්නේ එම මිසයිල අත්හදාබැලීම සාර්ථක බවයි. කෙසේවෙතත් අදාළ මිසයිල අත්හදාබැලීම අසල්වාසී රාජ්‍යයන්ට තර්ජනයක් බව අමෙරිකාව සදහන් කරනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදී තිබෙනවා