ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවය අදට යෙදී තිබෙනවා. හජ් උත්සවය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරන්නේ ඉස්ලාමීය බැතිමතුන්ට දිව්‍යමය සමීපතාව සහිත අධ්‍යාත්මික විමුක්තිය හජ් යාඤාවෙන් සාක්ෂාත් වන මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කර සිටින බවයි.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ. බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය […]
හෙරොයින් සමග කාන්තාවක් ජා ඇළ, කොටුගොඩ ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 225ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් රු ලක්ෂ 868,900ක මුදලක් අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
ලීටර් 18 නව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල රුපියල් 1150කට අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කර තිබෙනවා.
අද (20) උදෑසන 6 සිට ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කර තිබෙනවා. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ, කටුගස්තොට පොලිස් බලප්‍රදේශයේ යටිවාවල ග්‍රාම නිලධාරී වසමේ සාගරාදෙණිය වත්ත හා කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බලප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර 710 යන ප්‍රදේශය හුදකලා බවින් මෙලෙස ඉවත් කර තිබෙනවා.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. බස්නාහිරපළාතෙවැසි ස්වල්පයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැකි අතර මධ්‍යම කඳුකර යේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 6ට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.ඒ කොටුව ජනාධිපති මන්දිරය දී. එහිදී උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවේ. බස්නාහිරපළාතෙත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සහ මුලතිවු දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, දකුණු, සබරගමුව සහමධ්‍යම පළාත්වල […]
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් හා සීදුව ප්‍රදේශය පිහිටි කුරියර් ආයතනයක දෛනික රාජකාරි කරන රේගු තක්සේරු නිලධාරීන් විසින් රේගු අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය යටතේ මත් ද්‍රව්‍ය අඩංගු යැයි සැකපිට පාර්සල් 5 නවතා පරික්ෂා කරන ලදී. නෙදර්ලන්තය හා ඇමරිකාව යන රටවලින් පාර්සල් ශ්‍රී ලංකාවේ පිලියන්දල , ඉංගිරිය ,මිනුවන්ගොඩ ,මාතර හා පොල්ගස්ඕවිට යන ප්‍රදේශවලට ව්‍යාජ ලිපින […]
අද ලැබුණු මොඩාර්නා එන්නත් මහනුවර ප්‍රදේශයේ ජනතාවගේ එන්නත්කරණය සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා. මීට පෙර මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන සඳහා යොදා ගත් ස්පුට්නික් එන්නත අඛණ්ඩව ලබාගැනීමේ ගැටලුවක් මතුව ඇති හෙයින් ඒ අනුව මොඩාර්නා එන්නත් මහනුවර ප්‍රදේශයේ ජනතාවගේ එන්නත්කරණයට යොදා ගැනෙන බවයි […]
ඉකුත්දා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ආරම්භ කල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කරනවා. ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ ගැටලු විසදීමට අධ්‍යාපන බලධාරීන්ට අවශ්‍යතාවක් නොමැති බවත් ඒ සදහා ආණ්ඩුවේ කිසිදු පාර්ශ්වයක් මෙතෙක් සාකච්ඡා කර නොමැති බවයි.
කොවිඩ් ආසාදිතයින් 1,484 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වුණා. ඒ අනුව වැඩිම කොවිඩ් ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම ආසාදිතයින් සංඛ්‍යාව 318ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 195ක්, ගාල්ල 114ක්, අම්පාර 111ක් වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. තවත් කොවිඩ් මරණ 50ක් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,661 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.