News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
15

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් අගමැති හමුවට

Generic placeholder image

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබූ මේජර් ‍ජෙනරල් නෙවිල් රන්ජන් ළමාහේවගේ මහතා ඊයේ (13) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සිය සේවය සැල කර සිටියේය. 1986 ඔක්තෝම්බර් 27 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස ගජබා රෙජිමේන්තුවට එක්වුණු නෙවිල් රන්ජන් ළමාහේවගේ මහතා අඛණ්ඩව 35 වසරක් යුද හමුදා සේවයේ නිරත විය. […]


Jul
15

කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ගත් විදෙස් සංචාරකයින්ට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට අවස්ථාව

Generic placeholder image

කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ගත් විදෙස් සංචාරකයින්ට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට අවස්ථාව හිමිවන බව සංචාරක අධිකාරිය සඳහන් කර සිටිනවා. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කළ පරීක්ෂණාගාරයකින් සංචාරයේ 7 වන දිනයේදී නැවතත් කොරෝනා පරීක්ෂණයක් සිදුකරගත යුතු අතර සියලු සංචාරකයන් දිවයිනට පැමිණීම සඳහා ගුවන් ගත වීමට පැය 72 කට පෙර ලබා ගත් කොරෝනා පරීක්ෂණයකින් ආසාදිතයෙකු නොවන බවට […]


Jul
15

වාහන දඩ මුදල් ගෙවීමට විද්‍යුත් ක්‍රමයක් හදුන්වා දීමට පියවර

Generic placeholder image

වාහන දඩ මුදල් ගෙවීමට විද්‍යුත් ක්‍රමයක් හදුන්වා දීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.


Jul
15

අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් 19 වනදා වැඩ වර්ජනයක

Generic placeholder image

අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් 19 වනදා වැඩ වර්ජනයක නිරත වීමට නියමිත බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සදහන් කරනවා. ඒ රජය සිය සේවකයින්ට එන්නත් ලබාදීමට පියවර නොගැනීම හේතුවෙන්.


Jul
15

සූමා ව සිරගත කිරීමට එරෙහිව ද. අප්‍රිකාව පුරා විරෝධතා රැල්ලක් – ගිනිගන්නා ගොඩනැගිල්ලෙන් දරුවෙක් එළියට විසි කරයි

Generic placeholder image

සූමා ව සිරගත කිරීමට එරෙහිව ද. අප්‍රිකාව පුරා විරෝධතා රැල්ලක් මේ වන විට ආරම්භ වී ඇති අතර ප්‍රකෝපකරිව හැසිරෙන එරට විරෝධතා කරුවන් රජයේ සහ පෞද්ගලික ගොඩනැගිලිවලට ගිනි තබමින් විනාශ කරනවා.. මේ අතර ගිනිගැනීමට ලක්වන ගොඩනැගිල්ලක් තුලින් එළියට දරුවෙකු විසි කරන ආකාරයේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය අතර දක්නට ලැබෙනවා.. දරුවාගේ මව විසින් මෙලෙස ගොඩනැගිල්ලේ […]


Jul
15

online අධ්‍යාපනයට පහසුකම් සැලසීමට මධ්‍යස්ථාන 2096ක් ස්ථාපිත කිරීමට සැලසුම්

Generic placeholder image

online අධ්‍යාපනයට පහසුකම් සැලසීමට මධ්‍යස්ථාන 2096ක් දිවයින පුරා ස්ථාපිත කිරීමට සැලසුම් ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජි එල් පීරිස් මහතා සදහන් කරනවා. මේ අතර ගුරු සංගම් කිහිපයක් ආරම්භ කර ඇති online ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මකයි.


Jul
15

13 හැවිරිදි දැරියකුත් අපයෝජනය කිරීමේ සිද්ධියක් නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි

Generic placeholder image

13 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. අදාල සිද්ධිය පිලිබදව දැරියගේ පියාද ඇතුළු පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලීසිය සදහන් කරන්නේ. මීට පෙර ද 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය හරහා අලෙවි කිරීම පිළිබද සිද්ධියක් වාර්තා වූ අතර ඒ පිලිබදව විමර්ශන කටයුතු මේ වන විටත් සිදුවෙනවා.


Jul
15

දිනක් තුල ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණයක් ඊයේ ලබාදෙයි

Generic placeholder image

දිනක් තුල ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණයක් ඊයේ ලබා දී තිබෙනවා. එම ගණන 384,763 ක්.


Jul
15

බස්නාහිර අවුරුදු 30 ට වැඩි පිරිසට එන්නත්කරණය අද කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ දී

Generic placeholder image

බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි මහජනතාව සඳහා සිනොෆාර්ම් එන්නතෙහි පළමු මාත්‍රාව යුද්ධ හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් (2021 ජූලි මස 15 දින) බ්‍රහස්පතින්දා (15) දින සිට කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ එළිමහන් රංඟපීඨයේදී පෙරවරු 08.30 සිට පස්වරු 0430 දක්වා ලබාදීම සඳහා සියලු කටයුතු සුදානම් කොට ඇත. මෙම එන්නත ලබාගැනීම සඳහා පැමිණෙන බස්නාහිර පළාතේ පදිංචිකරුවන් තම […]


Jul
15

තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවතට

Generic placeholder image

තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. අදාල ප්‍රදේශය පහතින්,


Jul
15

ගතවූ පැය 24 තුළ සිදු වූ රිය අනතුරු වලින් පුද්ගලයින් 09 ක් ජිවිතක්ෂයට

Generic placeholder image

ගතවූ පැය 24ක කාලය රිය අනතුරු වලින් පුද්ගලයින් 09 දෙනෙක් ජිවිතක්ෂයට පත් ව තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ යතුරුපැදිවලින් ගමන් ගත් පුද්ගලයින් වන අතර එම ගණන 07ක්.


Jul
15

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට සවස් වරුවේ වැසි

Generic placeholder image

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස […]


News Articles
Latest Videos
Most Popular Post