ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. තම ඉල්ලීම්වලට මෙතෙක් අධ්‍යාපන අමාත්‍යංශයෙන් කිසිදු ප්‍රතිචාරක් නොලැබුණු බවයි වෘත්තීය සමිති පවසන්නේ.
අන්තර් පළාත් සීමිත බස් හා දුම්රිය ගමන්වාර සංඛ්‍යාවක් අද සිට ධාවනය කෙරෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය සදහන් කරනවා. ඒ සදහා කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය හිමි වූ බව විෂයභාර අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළා.
දිස්ත්‍රික්ක 9 ක ග්‍රාම නිලධාරී වසම් ඇතුළු ප්‍රදේශ 29 ක හුදෙකලාබව ඉවත් කර තිබෙනවා. අදාල ප්‍රදේශ පහතින්,
ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද මෙහෙයුම් කිහිපයක ප්‍රතිඵලයක් ලෙස කටුනායක DHL කුරියර් ආයතනයය හරහා රට තුලට ගෙන ඒමට උත්සාහ කරන ලද පාර්සල් තුනක් (03) නවතා පරික්ෂා කරන ලදී. මෙහි පාර්සල් දෙකක් ඉතාලියද, අනෙක් පාර්සලය ඉන්දියාවද යන රටවලින් දෙමටගොඩ, කොටහේන හා කොළඹ 07 යන ව්‍යාජ ලිපින වලට එවා තිබිණි. පාර්සල් දෙකක් […]
සබරගමුව සහ බස්නාහිරපළාත්වලත්මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැක.
කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ජපානයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් ලබා දෙන බව ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිට්සු මොටෙගි සදහන් කරනවා. මේ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අතිරේක මාත්‍රාවන් මිලියන 11ක් ජපානය විසින් ලබා දීමට නියමිතව තිබෙනවා.
උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ලබන සඳුදා දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සදහන් කරනවා.
මේ වන විට පවතින online අධ්‍යාපන ක්‍රමය නිසා අපේ ළමයින්ගේ සමාජ හැසිරීමට වෙලා තියෙන අඩුව අති මහත්.. පාසල් යනකොට එනකොට වෙන සිදුවීම් තුලින් අපේ ළමයි සමාජ අත් දැකීම් ලබා ගන්නවා.. නමුත් එවැනි අත් දැකීමක් මේ එක තැනකට කොටු වී කරන online අධ්‍යාපන ක්‍රමයෙන් ලැබෙන්නේ නෑ. මේ වන විට මේ තුළින් ළමයින් මානසික පිඩාවට ලක්ව තිබෙනවා.. […]
ඉරාකයේ කොරෝනා ආසදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා වෙන් කර ඇති රෝහල් වාට්ටුවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 50 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා. එරට ගිනි නිවන අංශ මේ වනවිට ගින්න පාලනය කර ඇති අතර සිද්ධිය පිලිබදව රෝහල් ප්‍රධානියා අත්අඩංගුවට ගන්නා ලෙස ඉරාක ජනාධිපතිවරයා නියෝග ලබා දී තිබෙනවා.
ඊයේ වැඩිම ආසාදිතයින් පිරිසක් කළුතරින් දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම ගණන 225ක්. දෙවනුවට වැඩිම ආසාදිතයින් 154ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.
අන්තර් පළාත් සීමිත බස් ගමන්වාර සංඛ්‍යාවක් හෙට සිට ධාවනය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය සදහන් කරනවා. ඒ සදහා කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය හිමිව ඇති බව ද විෂයභාර අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා.
දිනක් තුළ මේ දක්වා වැඩිම එන්නත්කරණය ඊයේ දිනයේ මෙරටින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඊයේ (12) දිනය තුළ එන්නත් මාත්‍රා 232,526 ක ප්‍රමාණයක් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරනවා. මෙරට පුද්ගලයින් 1,504,809 දෙනෙකු මේ වනවිට එන්නත්කරණය සම්පුර්ණ කර තිබෙනවා.එමෙන්ම පුද්ගලයින් 4,215,519 දෙනෙකු එක් එන්නත් මාත්‍රාවක් ලබාගෙන තිබෙනවා.