සූමා ව සිරගත කිරීමට එරෙහිව ද. අප්‍රිකාව පුරා විරෝධතා රැල්ලක් මේ වන විට ආරම්භ වී ඇති අතර ප්රකෝපකරිව හැසිරෙන එරට විරෝධතා කරුවන් රජයේ සහ පෞද්ගලික ගොඩනැගිලිවලට ගිනි තබමින් විනාශ කරනවා.. මේ අතර ගිනිගැනීමට ලක්වන ගොඩනැගිල්ලක් තුලින් එළියට දරුවෙකු විසි කරන ආකාරයේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය අතර දක්නට ලැබෙනවා.. දරුවාගේ මව විසින් මෙලෙස ගොඩනැගිල්ලේ […]
online අධ්‍යාපනයට පහසුකම් සැලසීමට මධ්‍යස්ථාන 2096ක් දිවයින පුරා ස්ථාපිත කිරීමට සැලසුම් ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජි එල් පීරිස් මහතා සදහන් කරනවා. මේ අතර ගුරු සංගම් කිහිපයක් ආරම්භ කර ඇති online ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මකයි.
13 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. අදාල සිද්ධිය පිලිබදව දැරියගේ පියාද ඇතුළු පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලීසිය සදහන් කරන්නේ. මීට පෙර ද 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය හරහා අලෙවි කිරීම පිළිබද සිද්ධියක් වාර්තා වූ අතර ඒ පිලිබදව විමර්ශන කටයුතු මේ වන විටත් සිදුවෙනවා.
දිනක් තුල ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණයක් ඊයේ ලබා දී තිබෙනවා. එම ගණන 384,763 ක්.
බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි මහජනතාව සඳහා සිනොෆාර්ම් එන්නතෙහි පළමු මාත්‍රාව යුද්ධ හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් (2021 ජූලි මස 15 දින) බ්‍රහස්පතින්දා (15) දින සිට කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ එළිමහන් රංඟපීඨයේදී පෙරවරු 08.30 සිට පස්වරු 0430 දක්වා ලබාදීම සඳහා සියලු කටයුතු සුදානම් කොට ඇත. මෙම එන්නත ලබාගැනීම සඳහා පැමිණෙන බස්නාහිර පළාතේ පදිංචිකරුවන් තම […]
තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. අදාල ප්‍රදේශය පහතින්,
ගතවූ පැය 24ක කාලය රිය අනතුරු වලින් පුද්ගලයින් 09 දෙනෙක් ජිවිතක්ෂයට පත් ව තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ යතුරුපැදිවලින් ගමන් ගත් පුද්ගලයින් වන අතර එම ගණන 07ක්.
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අද පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර සාකච්ඡාව කල් දමා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් සටහනක් තබමින් මේ බව සදහන් කර තිබෙනවා.
තවත් කොවිඩ් මරණ 37ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (13) දින තහවුරු කර ඇති අතර ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,611ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
හෙට සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ රැසක සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල ද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එහිදී ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු […]
දිනක් තුළ මේ දක්වා මෙරට සිදුකළ වැඩිම එන්නත්කරණයක් ඊයේ දිනයේ මෙරටින් වාර්තා වුණා. ඒ අනුව ඊයේ දිනය තුළ පුද්ගලයින් 337,445ක් සඳහා එන්නත් මාත්‍රා ලබාදී ඇති බව රජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා.