News Line| Off Air
Generic placeholder image

Jul
9

තවත් කොවිඩ් මරණ 43ක්

Generic placeholder image

අද දිනය තුළ තවත් කොවිඩ් මරණ 43ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.


Jul
9

LPL තරඟාවලිය කල් දැමීමට තීරණයක්

Generic placeholder image

ලංකා ප්‍රිමියර් ලීග් ශූරතා තරඟාවලිය 2021 නොවැම්බර් දක්වා කල් දැමීමට තීරණය කර ඇති බව පැවසෙනවා. LPL තරඟාවලිය ජූලි – අගෝස්තු මාසවල පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණා.


Jul
9

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ හදිසි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

Generic placeholder image

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ හදිසි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ සීකා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක් පළමුවරට එම ප්‍රාන්තයෙන් හමුවීම හේතුවෙන්. මදුරු විශේෂයක් හරහා මෙම වෛරසය පැතිර යන බව පැවසෙන අතර “Guillain-Barre syndrome” නම් රෝගී තත්ත්වයක් මේ තුලින් ඇතිවන බවයි එරට වෛද්‍යවරු සදහන් කරන්නේ


Jul
9

ෆයිසර් එන්නත ලබා දෙන්නේ කාටද?

Generic placeholder image

ඇස්ට්‍රාසෙනෙකා දෙවන එන්නත වෙනුවට ෆයිසර් එන්නත් ලබාදීමට ඉකුත් දිනක කටයුතු කලද එය අත්හිටුවීමට තීරණය කර තිබුණා. ඒ මේ මස තුන්වන සතිය වන විට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1.4ක් ලැබීමට නියමිත වීම හේතු කොටගෙනයි. ඒ අනුව පළමු වරට ගෙන්වන ලද ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000 න් මේ වන විට ඉතිරිව ඇති ෆයිසර් එන්නත් ලබාදීමට කටයුතු කෙරෙන […]


Jul
9

මුදල් අමාත්‍යාංශය යටතේ පැවැති විෂයන් කිහිපයක් ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතට

Generic placeholder image

ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන ආයතනික සහ නෛතික රාමු පිළිබඳ සංශෝධිත ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යාංශය යටතේ පැවති බුද්ධශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල සහ මධ්‍යම සංස්කෘතික අරමුදල, ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතට පත් කර තිබෙනවා.


Jul
9

මෙරට තුළ සිටින විදේශිකයින්ගේ වීසා වලංගු කාලය දිගු කෙරේ

Generic placeholder image

දැනට මෙරට තුළ සිටින විදේශිකයින් ලබා ගෙන ඇති සියලු වර්ගයේ වීසා වලංගු කාල සීමාව අද සිට ලබන මස 08 වැනිදා දක්වා දින 30 කින් දීර්ඝ කරන බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා සදහන් කරනවා.


Jul
9

ගත වු දිනය තුළ නිරෝධායන රීති කැඩු 266ක් පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

ගත වු දිනය තුළ නිරෝධායන නීති උලංල්ඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 266 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමස්ත පුද්ගලයින් ගණන 48,808ක්.


Jul
9

2021 උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පවත්වන දිනයන් මෙන්න

Generic placeholder image

2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම ඔක්තෝම්බර් 04වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 03වන ඉරිදා දිනත් 2021වසරට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි අවසාන සතියේ ආරම්භ කිරීමටත් සැලසුම්කර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් […]


Jul
9

කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 21ක ජල කප්පාදුවක්

Generic placeholder image

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, හෙට පෙරවරු 09.00 සිට අනිද්දා පෙරවරු 06.00 දක්වා පැය 21ක කාලයක් ජල සැපයුම අත් හිටුවනු ඇති. කොළඹ 01, 02, 03, 07, 08, 09, 10 සහ 11 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා […]


Jul
9

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක තද වැසි

Generic placeholder image

නැගෙනහිර සහඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා වන තද සුළං සහ උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා වන තද සුළං ඇතිවිය හැක.


Jul
8

දූෂණ චෝදනා එල්ල වූ දකුණු අප්‍රිකානු හිටපු ජනපති සූමා පොලීසියට භාර වෙයි

Generic placeholder image

දූෂණ චෝදනා එල්ල වී ඇති දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ‍ජෙකොබ් සූමා පොලීසියට භාර වී තිබෙනවා. දූෂණ චෝදනා නඩුවකට පෙනී නොසිටීම අධිකරණයට කළ අපහාසයක් සේ සලකා හිටපු ජනාධිපතිවරයා මාස 15 කාලයක් සිරගත කරන ලෙස එරට අධිකරණයෙන් නියෝග කර තිබුණා.


Jul
8

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා නව ධූරයේ වැඩ භාර ගනී

Generic placeholder image

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා අද පෙරවරුවේ රථවාහන හා අපරාධ අංශ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස වැඩ භාර ගනු ලැබුවා. ඒ බත්තරමුල්ල සිය කාර්යාලයේදී.


News Articles
Latest Videos
Most Popular Post