News Line| Off Air
Generic placeholder image

Jun
30

හුදකලාබව ඉවත් කෙරුණු ප්‍රදේශ

Generic placeholder image

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ හුදකලා කර තිබූ කළුතර, ගම්පහ, මාතලේ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ කිහිපයක අද උදෑසන සිට හුදකලාබව ඉවත් කර තිබෙනවා. එලෙස හුදකලා බව ඉවත් කෙරුණු ප්‍රදේශ පහතින්,


Jun
30

හික්කඩුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 08ක් වතුර නෑ

Generic placeholder image

හික්කඩුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද දිනයේ පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. ඒ අනුව ගොනපිනුවල, කහව, දොඩන්දූව, හික්කඩුව සහ බද්දේගම නගරය යන ප්‍රදේශවලට අද පෙරවරු 10.00 සිට පස්වරු 06.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළා.


Jun
30

දුම්රිය වැඩ වර්ජනයක්

Generic placeholder image

අද උදෑසන 08.00 සිට එක්දින වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය සදහන් කරනවා. ඒ දුම්රිය ප්‍රවේශ පත්‍ර විද්‍යුත් ක්‍රමයකට නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් විදෙස් සමාගමකට ලබාදීමට විරෝධය පළ කරමින්. මේ පිලිබදව සදහන් කරමින් වැඩි දුරටත් දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ, “පසුගිය මාස කිහිපයක සිටම ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළ […]


Jun
30

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට සවස් කාලයේ වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත් වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර […]


Jun
29

මියගිය කැස්බෑ සිරුරක් අදත් මොරටුව කොරලවැල්ල වෙරළ තීරයට ගොඩ ගසයි

Generic placeholder image

මියගිය කැස්බෑවකුගේ සිරුරක් අදත් මොරටුව කොරලවැල්ල වෙරළ තීරයට ගොඩ ගසා තිබෙනවා. අදාල මියගිය කැස්බෑ සිරුරේ බර කිලෝග්රෑම් 50 අධික බවයි වාර්තා වන්නේ. ගිනි ගැනීමට ලක් වූ xpress parl නෞකාවෙන් මෙරට මුහුදු කලාපයට සිදු වූ බලපෑම නිසා මුද්‍ර ජීවින් බොහෝ පිරිසක් මිය යාම ගැන පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. මේ දක්වා මියගිය කැස්බෑවන්ගේ සිරුරු 150 කට අධික […]


Jun
29

දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති ජැකොබ් සූමාට එරට අධිකරණයෙන් මාස 15ක සිර දඬුවමක්

Generic placeholder image

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජැකොබ් සූමා ට එරට අධිකරණය විසින් මාස 15ක සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ ඔහු ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව පැවසෙන දුෂණ පිලිබදව පරීක්ෂණයක් සදහා ඉදිරිපත්වන ලෙස නියෝග කර තිබුනද එය නොසලකා හැරීම නිසාවෙන්. අදාල නියෝගය නොසලකා හැරීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස සලකා මෙලෙස දඬුවම් නියම කර තිබෙනවා.


Jun
29

ආසාදිතයින් 2,222කට සුවයි

Generic placeholder image

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,222ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව සුවය ලැබු සමස්තය 223,471ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jun
29

එන්ගලන්තේ ගිහින් කෙරුවේ ඕවද මයේ පුතේ

Generic placeholder image

ක්‍රිකට් කියන්නේ ආගම ජාති භේද පැත්තකින් තොරව අපි කවුරුත් ශ්‍රී ලාංකිකයින් ලෙස එකට එකතු වෙලා ආසාවෙන් බලන ක්‍රීඩාවක්.. නමුත් ක්‍රිකට් සම්බන්ධයෙන් මේ කාලේ අපිට අසන්නට ලැබෙන දේවල් ගැන එතරම් සතුටු වන්නට නම් බැහැ. ඒ ගැනයි මේ…


Jun
29

ඕස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතයින් ඉහළ යයි

Generic placeholder image

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතයින් ඉහළ යමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ සදහන් කර සිටිනවා. කොවිඩ් වසංගතය තත්වය පාලනය කෙරු ප්‍රාන්ත ගණනාවක්ම මේ වන විට යළිත් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙමින් පවතින බවයි පැවසෙන්නේ. ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදී තවත් ආසාදිතයන් 19 දෙනෙක් හඳුනාගෙන තිබෙන අතර ෆිජී දූපතේ ද මේ වන විට දරුණු ලෙස වසංගත තත්වයට ගොදුරු […]


Jun
29

විනය කැඩූ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනා මෙරටට පැමිණෙයි

Generic placeholder image

එංගලන්තයේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා ගොස් සිටියදි නීති විරෝධී අයුරින් කටයුතු කළ බවට චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනා වන කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස් , ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මෙලෙසඅද දහවල් දිවයිනට පැමිණ තිබෙනවා. ඒ එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන […]


Jun
29

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මි.150ක ණයක්

Generic placeholder image

මෙරට එන්නත්කරණ ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 150ක ණයක් ලබා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැති හිමිව තිබෙනවා.


Jun
29

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන සතියේ මෙරටට

Generic placeholder image

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන සතියේ මෙරටට ලැබිමට නියමිතව තිබෙනවා. ලබන ජුලි මස 02 වන දා සහ 04 වනදා එම එන්නත් තොගය මෙරටට ලැබෙන බව ශ්‍රී ලංකාවේ චීන තනාපති කාර්යාලය සඳහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post