News Line| Off Air
Generic placeholder image

Jul
2

කුකුළා කපලා වැට මුල්ලේ

Generic placeholder image

අපි හුගක් වේලාවට කරන්න පුරුදු වෙලා ඉන්නේ කවුරුහරි කලින් කරපු දෙයක්.. ලෝකය වෙනස් කරන්න ඕන කියල හැමෝම හිතනවා , හැමෝම ඒ ගැන කතා කරනවා. එත් හැමෝම පුරුදු වෙලා ඉන්නේ තව කවුරුහරි කරපු දෙයක් කරන්නයි.. මේ සමාජය හැදෙන්න ඕන හදන්න ඕන කවුද මේවට වගකියන්නේ ඕන කියන දේවල් වචනයෙන් අපි කිවුවට ඇත්තම අපි මේ වෙනුවෙන් මොනාද කරලා […]


Jul
2

ආසාදිතයින් 1,701ක් සුවය ලබයි

Generic placeholder image

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ලගයින් 1,701ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 229,541ක් දක්වා ඉහළ ගොස්තිබෙනවා.


Jul
2

ජූලි මාසය තුළ යළි විවෘත වන පාසල්

Generic placeholder image

ළමුන් 100ට අඩු පාසල් සෞඛ්‍ය අංශවල පූර්ණ නිර්දේශවලට අනුකූලව ජූලි මාසය තුළ විවෘත කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා. අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා මේ බව සදහන් කර ඇත්තේ අද (02) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.


Jul
2

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා දිනයන් සහ වේලාවන් වෙන්කරවා ගත යුතු බවට මහජනයාට දැනුවත් කිරීමක්

Generic placeholder image

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා දිනයන් සහ වේලාවන් වෙන්කරවා ගත යුතු බවට මහජනයාට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව විසින් දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා. ඒ පිලිබදව ඇතුලත් නිවේදනය පහතින්,


Jul
2

වයස 30ට වැඩි බස්නාහිර සියලු දෙනාට ජූලි 31ට පෙර එන්නත

Generic placeholder image

වයස අවුරුදු 30ට වැඩි බස්නාහිර පළාතේ සියලු දෙනාට ජූලි 31ට පෙර එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී තිබෙනවා. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ මෙම වයස් කාණ්ඩයේ 60%කටත්, ගම්පහ 47%කට සහ කළුතර 34%කට පළමු මාත්‍රාව ලබා දී තිබෙන අතර ඇණවුම් සම්පූර්ණ කර ඇති එන්නත් ලැබීමත් සමඟ විධිමත් සැලැස්මක් යටතේ, […]


Jul
2

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14කට සංචාරය කිරීම තාවකාලිකව තහනම් කෙරේ

Generic placeholder image

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14කට සංචාරය කිරීම තාවකාලිකව තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව,පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, දකුණූ අප්‍රිකාව, වියට්නාමය ඇතුළු රටවල් 14ක් සඳහා ලබන 21 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි එම තහනම පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.


Jul
2

මෙරටින් විදෙස් මුදල් පිටවීම සීමාකිරීම සඳහා රෙගුලාසි කිහිපයක් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක්

Generic placeholder image

මෙරටින් විදෙස් මුදල් පිටවීම සීමාකිරීම සඳහා රෙගුලාසි කිහිපයක් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාල ගැසට් නිවේදනය පහතින්.


Jul
2

දක්ෂිණ අධිවේගයේ කපුදූව අන්තර් හුවමාරුව ජනතා අයිතියට

Generic placeholder image

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පේරාදෙණිය ශික්ෂණ රෝහල ඉදිරිපිට පදික යටිබිම් මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරනු ලැබුවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 130 වැනි කිලෝ මීටර් කණුව ප්‍රදේශයේ ඉදිකළ කපුදුව අන්තර් හුවමාරුවෙන් කඹුරුපිටිය, මාතර හා හක්මන නගර වෙත ප්‍රවේශ වියහැකි අතර මෙය ඉදි කිරීම […]


Jul
2

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් මෙරටට

Generic placeholder image

චීනයේ නිෂ්පාදිත “සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට රැගෙන විත් තිබෙනවා. ඒ අද අලුයමයි. මේ අතර ලබන සඳුදා දිනයේ දී ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට ලැබීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කලේ.


Jul
2

එංගලන්තය සමග පැවැති එක්දින තරගාවලියත් ශ්‍රී ලංකාව පරාජයට පත් වෙයි

Generic placeholder image

ඊයේ පැවැති එංගලන්තය දෙවන එක්දින ක්‍රිකට් තරගයත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. ඒ තවත් තරගයක් ඉතිරිව තිබියදී. ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගෙන එංගලන්තය මේ වනවිට ඉදිරියෙන් සිටි. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 09ක් දැවී ලකුණු 241ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා […]


Jul
2

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැක. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම […]


Jul
2

හෙද වර්ජනය තව දුරටත්

Generic placeholder image

හෙද සංගම් කිහිපයක් ඊයේ ආරම්භ කල වැඩවර්ජනය දෙවන දිනටත් අද ක්‍රියාත්මක වෙනවා. ඒ ඊයේ (01) දිනයේ බලධාරින් විසින් නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන්. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවාවන්ට බාධාවක් නොවන අයුරින් එම වර්ජනය සිදුකරන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post