News Line| Off Air
Generic placeholder image

Jun
18

දෙහිවල සත්ව උද්‍යානයේ සිංහයෙකුට කොරෝනා

Generic placeholder image

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන සිංහයකුට ‘කොවිඞ්’ රෝගය වැළඳී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා. මෙසේ කොරෝනා වැළඳී ඇත්තේ 2012 වසරේදී දකුණු කොරියාවෙන් ජාතික සත්වෝද්‍යානයට ගෙන එන ලද, සත්වෝද්‍යානයේ සිංහ දූපතේ විසූ තෝර් (Thor) නමැති කේසර (පිරිමි) සිංහයාටය. දින කිහිපයක් කැස්සකින් හා උගුරේ වේදනාවකින් පීඩා විඳි මෙම සිංහයා පිළිබඳව සිදුකළ පරීක්ෂණයකින් මේ බව අනාවරණය වී […]


Jun
18

පවතින සංචරණ සීමාවන් ජුනි 21 වෙනිදා ඉවතට

Generic placeholder image

සංචරණ සීමාවන් ලබන 21 වෙනිදා අලුයම 4.00ට ඉවත් කරන බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. එලෙස ඉවත් කරනු ලබන සංචාරණ සීමාවන් නැවත ජුනි 23 වෙනිදා රාත්‍රී 10.00 සිට ජුනි 25 වෙනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇති.


Jun
18

ජපානයේ ප්‍රාන්ත කිහිපයක හදිසි තත්ත්වය ඉවත්කිරීමට සුදානමක්

Generic placeholder image

ජපානයේ ප්‍රාන්ත කිහිපයක හදිසි තත්ත්වය ඉවත්කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. මේ අනුව ටෝකියෝ සහ තවත් ප්‍රාන්ත 8ක හදිසි තත්ත්වය ලබන ඉරිදා සිට ඉවත්කිරීමට නියමිත ව තිබෙනවා. මේ අතර ටෝකියෝ ඔලිම්පික් උලෙළ ලබන මාසයේ 23වැනිදා ආරම්භවීමට නියමිතව පවතී.


Jun
18

ICC ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරයින් සොයා යන ඉන්දු – නවසීලන්ත අවසන් මහා තරගය අදයි

Generic placeholder image

ICC ටෙස්ට් ක්‍රිකට් ලෝ ශූරතාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර අද ආරම්භ වනවා. ඒ එංගලන්තයේ සවුත්තැම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී. 2019 වසරේ අගෝස්තු 01 වැනි දා සිට පැවැති තරගවලදී කණ්ඩායම් දැක් වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ඉන්දියාව සහ නවසිලන්තය මෙම තරගය සදහා සුදුසුකම් ලැබුවා.


Jun
18

බලන්ගොඩ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

Generic placeholder image

බලන්ගොඩ – ඇල්ලෙවත්ත ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එම බස් රථයේ රියදුරු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාල බස් රථය කර්මාන්තශාලාවක සේවකයින් පිරිසක් ප්‍රවාහනය කරන අතරතුර සේවකයින් නිවෙස් වලට රැගෙන ගොස් නැවතත් එමින් සිටියදී මෙම සිදුව ඇත්තේ.


Jun
18

ඊයේ ආසාදිතයින් හමුවූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 2372 ක් අලුතින් හදුනාගත් අතර ඉන් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන562ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 455ක් වාර්තා වී තිබෙනවා. ආසාදිතයින් හදුනාගත් ප්‍රදේශ පහතින්,


Jun
18

ඊයෙත් නිරෝධායන රීති කැඩූ පිරිස 1,390ක්

Generic placeholder image

ගත වූ පැය 24 තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,390 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයෙන් වන අතර එම ගණන 192ක්. ඒ අනුව පසුගිය ඔක්තෝබර් 30 වන දින සිට අද දක්වා අත්අඩංගුවට පත්ව ඇති මුළු සංඛ්‍යාව 38,311ක් වේ.


Jun
18

කොවිඩ් මරණ 51ක්

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 51ක් ජුනි 16 වනදා තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පසදහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 2,425 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.


Jun
18

ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

බස්නාහිර, මධ්‍යම,සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.


Jun
18

අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම පිලිබදව නව ගැසට් නිවේදනයක්

Generic placeholder image

සංචරණ සිමා පනවා තිබෙන කාල සීමාවේදී අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබදව නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි. වරාය, පෙට්ට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුළු සියලුම ඉන්ධන සැපයුම සහ බෙදාහැරීම, රේගු ආඥා පනතට අනුව සිදුකළ යුතු හෝ අත්‍යවශ්‍ය වන සියලු සේවාවන් ක්‍රියාත්මක කිරීම, භාණ්ඩ ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා […]


Jun
17

නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලය දක්වා උසස් කෙරේ

Generic placeholder image

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලය දක්වා උසස් කර තිබෙනවා. ඒ රාජ්‍ය සේවා කොමිසම් සභාවේ නිර්දේශ මතයි.


Jun
17

1,289ක් සුවය ලබයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 1,289 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 195,434ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post