News Line| Off Air
Generic placeholder image

Jun
12

ඉන්ධන මිල ඉහළ දැමේ

Generic placeholder image

ඊයේ මැදියම් රැයේ සිට ඉන්ධන මිල වැඩි කෙරෙන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරම්න් සදහන් කර සිටියා. නව මිල පිලිබදව විස්තර පහතින් ,


Jun
12

තවත් කොවිඩ් මරණ 62ක්

Generic placeholder image

තවත් කොවිඩ් ආසාදිත මරණ 62ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‍ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2,073 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (11) දිනයේ කිසිදු මරණයක් වාර්තා වී නොමැත.


Jun
12

දිවයිනේ ඇතැම් ස්ථානවලට තරමක් තද වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ […]


Jun
11

CID නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට ප්‍රථමවතාවට කාන්තාවක්

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට ප්‍රථමවතාවට කාන්තාවක් පත්කර තිබෙනවා. කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල මහත්මිය මෙම තනතුර සදහා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි පත් කර තිබෙනවා.


Jun
11

සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කෙරේ

Generic placeholder image

මේ වන විට පනවා ඇති සංචරණ සීමා මේ මස 21 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාසදහන් කරනවා. ඒ අනුව එම සංචරණ සීමා එළඹෙන 14 වනදා ඉවත් නොකෙරෙන අතර එය මේ මස 21 වනදා අලුයම 04 දක්වා බලපැවැත්වෙනු ඇති.


Jun
11

ආශ්චර්යට මොකද? දියසේන කවුද??

Generic placeholder image

සමාජ මාධ්‍ය පරිශීලනය කරමින් අපි නොයෙකුත් දේ ගැන කතා කරනවා.. නොයෙකුත් දේ පිලිබදව අපට අසන්නට ලැබෙනවා. මේ දිනවල අසන්නට ලැබෙන අලුත්ම මාතෘකාවක් ගැනයි අද මේ කතාව..


Jun
11

මොරටුව නගරාධිපතිට ඇප

Generic placeholder image

මොරටුමුල්ල ප්‍රදේශයේදී එන්නත්කරණ වැඩසටහනක් අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැර තිබෙනවා.


Jun
11

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ජනතා අයිතියට පත් කෙරේ

Generic placeholder image

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල පොළොන්නරුවේදී අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ හි⁣ටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරනු ලැබුවා. චීන රජයේ පරිත්‍යාගයක් මත මෙම රෝහල ඉදිකෙරුණු අතර ඒ හිටපු මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමකට අනුවයි. චීන සහ ශ්‍රී ලංකා පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකෙරුණු රෝහල් සංකීර්ණය අක්කර 16ක භූමි ප්‍රමාණයක […]


Jun
11

ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහින්

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 2738 දෙනකු වාර්තා වී තිබෙනවා. එයින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 575ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 339 දෙනකු වාර්තා වී තිබෙනවා.


Jun
11

තවත් කොවිඩ් මරණ 101ක් තහවුරු කෙරේ

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 101ක් වසංගත රෝග විද්‍යා ඒකකය තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 2,011ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Jun
11

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිද සුවය ලබා රෝහලෙන් පිටව යයි

Generic placeholder image

කොරෝනා ආසාදනය වී රෝහල් ගතව සිටි විපක්ෂ නායක තුමා සහ ඔහුගේ බිරිද ජලනි ප්‍රේමදාස මහත්මිය සුවපත් වීමෙන් පසු රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඉන් අනතුරුව ඔවුන් දෙපල තෙරුවනේ ආශිර්වාදය ලබා ගැනීම සදහා ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ සිටි අතර එහිදී ආගමික වතාවත් වල නිරත වීමෙන් අනතුරුව ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය අස්සජි හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් විපක්ෂ […]


Jun
11

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Generic placeholder image

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ට අවතීර්ණ වී තිබෙනවා. වෘත්තීය සමිති 26ක සාමාජිකයින් මේ සදහා එක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post