ඊයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 36ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1051ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම නිවේදනය පහතින්
ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල) වැසි තත්වයේ වැඩි වීමක් හා උතුරු සහ වයඹ පළාත්වල සුළං තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර […]
ගර්භණී මව්වරුන්ට කොවිඩ් එන්නත් සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික මණ්ඩලය තහවුරු කර තිබෙනවා. ඒ අනුව ඒ සදහා විශේෂ කමිටුවක් පත් කරමින් ඊට අවශ්‍ය එන්නත ලබාදීමේ ක්‍රමවේදය තීරණය කරනු ලබන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට බෝම්බ ප්‍රහාර 122 ක් එල්ල කර තිබෙනවා. ඒ විනාඩි 25 ක කාලයක් තුළයි. ඒ අනුව මියගොස් ඇති පලස්තීන ජාතිකයින් සංඛ්‍යාව 220 කට ආසන්න වන බවයි පැවසෙන්නේ. හමාස් සංවිධානයේ උමං සබඳතා ජාලය ඉලක්ක කර ගනිමින් මෙලෙස ඊශ්‍රායල හමුදා බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බවයි පැවසෙන්නේ.
අද දිනට මේ දක්වා කොරෝනා ආසාදිතයින් 3051ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 150,771 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද ප්‍රදේශ කිහිපයකට අද පැය 16ක් ජල සැපයුම අත් හිටුවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. ඒ අනුව පෑලියගොඩ, වත්තල – මාබෝල, ජා – ඇළ නගර සභා බලප්‍රදේශවලටත් කටුනායක සීදූව නගර සභා බලප්‍රදේශයටත් මීට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා – ඇළ ප්‍රාදේශිය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ […]
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොටසහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර […]
ඊයේ මෙරටින් කොවිඩ් මරණ 34ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 1015කි.
ගාසා තීරයේ කොවිඩ් එන්නත් පර්යේෂණාගාරය ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ විනාශ වී තිබෙනවා. ඒ බව පලස්තීන සෞඛ්‍ය බලධාරීන් Twitter පණිවුඩයක් මගින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව මේ වන විට ගාසා තීරයේ ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන් අත්හිටුවා තිබෙන අතර ඒ හේතුවෙන් කොරෝනා වසංගත තත්වය උග්‍ර විය හැකි බවයි එරට සෞඛ්‍ය බලධාරීන් සදහන් කරන්නේ.
අද දිනය තුල මේ දක්වා තවත් කොවිඩ් ආසාදිතයින් 1,734 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 146,936ක්.
කොළඹ ජාතික රෝහල සදහා සෞඛය ආරක්ෂිත උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා. ඒ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ මැදිහත්වීමෙන්. මෙහිදී ආරක්ෂිත ඇදුම් කට්ටල , මුහුණු ආවරණ ඇතුළු සෞඛය ආරක්ෂිත උපකරණ තොගයක් පරිත්‍යග කර තිබෙනවා. මේ අවස්ථාවට කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ ඩබ්.කේ , වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
රාජ්‍ය සේවකයින්ගේ මැයි මාසයට අදාළ වැටුප් එළඹෙන 21 වන සිකුරාදා ගෙවීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය සදහන් කරනවා.