මෙරටින් තවත් කොරෝනා මරණ 20ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 941 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.
චීනය විසින් අඟහරු ග්‍රහයා මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩබැස්වූ බව එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර තිබෙනවා. අඟහරු ග්‍රහයා මත අභ්‍යවකාශ යානයක් සාර්ථක ගොඩබැස්වු දෙවන රට බවට චීනය පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයෙහි නාගෝන්හි රක්ෂිත වනාන්තරයක ( Nagaon) අකුණු සැර වැදීමෙන් වන අලි 18 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමකින් අනතුරුව කළ සෝදිසි මෙහෙයුමකදී මිය ගිය වන අලින්ගේ මළ සිරුර හමුවූ බව වැඩි දුරටත් වාර්තා වෙනවා.
ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 2,269ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 138,065ක් දක්වා ඉහළගොස් තිබේ.
ඊයේ මෙරටින් තවත් කොරෝනා මරණ 29ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 921ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සදහන් කරනවා.
ඉන්දියාවේ කොවිඩ් ප්‍රභේදය එංගලන්තයේ ප්‍රදේශ කිහිපයකම පැතිර යන බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ හේතුවෙන් එංගලන්තයේ කොවිඩ් දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 1,313ක් දක්වා දෙගුණයක් වී තිබෙනවා. කෙසේවෙතත් මේ වන විට කොවිඩ් මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව කඩිනමින් ලබාදීමට ත් ආසාදිතයින් හමුවී ඇති ප්‍රදේශ සඳහා සංචරණ සීමා පැනවීමටත් එරට බලධාරීන් කඩිනමින් පියවර ගෙන තිබෙනවා
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් කර තිබෙනවා. ඒ අනුව ගිනිකොණ දිග අරාබි මුහුදු ආශ්‍රිතව වර්ධනය වූ අඩුපීඩන කලාපයේ බලපෑම නිසා කන්කසන්තුරයේ සිට මන්නාරම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට පැයට කිලෝමීටර 60- 70 දක්වා වර්ධනය විය හැකි බවත් දිවයින හරහා සුළඟේ වේගය ද පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර […]
ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාවේ බටහිර වෙරළට ඔබ්බෙන් මැග්නිටියුඩ් 7.2ක භූ චලනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.කෙසේ වෙතත් මේ භූ චලනයෙන් සුනාමි අවදානමක් නොමැති බව එරට කාලගුණ අංශ සදහන් කරනවා. ඒ තුලින් මෙරටට බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනවා.
නායයෑම් පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙන අතර පසුගිය පැය 24 තුළ මිලිමීටර් 150ඉක්ම වූ දැඩි වර්ෂාපතයක් එම ප්‍රදේශ වලින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, නෙලුව, ඇල්පිටිය, බද්දේගම, තවලම, ගාල්ල සහ යක්කලමුල්ල මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර […]
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගගේ ජල මට්ටම ඉහල ගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව ඒ අවට පහත් බිම්වල ජනතාවට අවදානයෙන් පසුවේන්නයි උපදෙස් ආපදා කළමනකරණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ. ඊට අදාල නිවේදනය පහතින්,
මෙරට එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 80.5ක මුදලක් ලබාදීමට එකග වී තිබෙනවා. ඊට අදාල ගිවිසුමට ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව අත්සන් තබා තිබෙන අතර “කොවිඩ් -19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධතිය සූදානම් කිරීමේ ව්‍යාපෘතිය” ලබාදුන් දෙවැනි මූල්‍ය සහයෝගය මෙය වනවා.
ඊයේ මෙරටින් කොවිඩ් මරණ 24ක් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 892ක්.