News Line| Off Air
Generic placeholder image

May
10

ගත වූ පැය 24 තුල නිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 351දෙනෙක් අල්ලයි

Generic placeholder image

ගත වූ පැය 24 තුල නිරෝධායන නීති කැඩූ 351ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් ගණන 7,316ක්.


May
10

නව දිල්ලිය තවත් සතියකට වැසෙයි

Generic placeholder image

මේ වන විට ඉන්දියාවේ පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් නවදිල්ලිය වසා දැමීමේ කාලය මැයි 17 දක්වා දීර්ඝ කළ බව දිල්ලි මහඇමති සදහන් කරනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසැල් පමණක් විවෘත කර තැබීමට අවසර ලබාදී තිබෙන අතර මේ වන විට ඉන්දියාවේ ප්‍රාන්ත ගණනවක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.


May
10

පොලිස් විශේෂ කාර්ය බළකායට නව ඒකකයක්

Generic placeholder image

ශ්‍රී ලංකා පොලීසියේ, විශේෂ කාර්ය බළකාය “දියමත විශේෂ මෙහෙයුම් ඒකකය“ නමින් නව ඒකකයක් පිහිටුවා තිබෙනවා. එම නව ඒකකයේ විශේෂ කාර්ය බලළකායේ නිලධාරීන් 16දෙනෙකු ගෙන් යුක්ත වන අතර එම ඒකකය මගින් විවිධ ප්‍රදේශවල ජලය හා ජලාශ ආශ්‍රිතව සිදුකරන නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීමට සදහ සහය ලබා ගැනීම අරමුණ වන බව වාර්තා වන්නේ.


May
10

මාලදිවයින් හිටපු ජනපති ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. 25 හැවිරිදි පුද්ගලයෙකු වන ඔහු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


May
10

අද දිනයේ පොලීසියෙන් විශේෂ මෙහෙයුමක්

Generic placeholder image

අද දිනයේ පොලීසියෙන් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලීසිය සදහන් කරනවා. ඒ අනුව පොදු ප්‍රවාහන සේවාවන්හි නිරෝධායන රීති කඩ කරන පුද්ගලයින් සොයා මෙම මෙහෙයුම දියත් කරන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. මේ අනුව බස් රථවල මගී ජනතාව රැගෙන යාමේදී එහි ආසන ප්‍රමාණයට පමණක් මගීන් රැගෙන යා යුතුබවත් කුලී රථ මෙන්ම කුලි ත්‍රීරෝද රථවල මගීන් රැගෙන […]


May
10

බදුල්ලේ PHIලා ලෙඩ නිවාඩු දමයි

Generic placeholder image

බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට පිවිසීමට තීරණය කර තිබෙනවා. එහි සභාපති රංජිත් දිසානායක මහතා මේ පිලිබදව අදහස් දක්වමින් වැඩි දුරටත් සදහන් කලේ, “මේ නෛතික ක්‍රියාවලිය තුළ නිශ්චිතව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරෙන රාජකාරි මොනවා ද කියන එක අපට පැහැදිලි කර ගැනීමේ අවශ්‍යතාවය තිබුණා. ඒ සඳහා ප්‍රධාන ලේකම්තුමා […]


May
10

ඊයේ මෙරටින් කොවිඩ් මරණ 15ක් – සමස්ත මරණ ගණන 800 ඉක්මවයි

Generic placeholder image

ඊයේ මෙරටින් කොවිඩ් මරණ 15ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 800 සීමාව ඉක්මවා ගිගියා. එම ගණන 801ක්.


May
10

මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් ගණන ප්‍රථම වරට 2500 ඉක්මවා යයි

Generic placeholder image

ඊයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 2,659ක් ඊයේ හඳුනා ගැනුණා. එය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වන අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 125,906 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


May
10

අද හුදකලා කළ සහ හුදකලා තත්වයන් ඉවත් කරන ලද ප්‍රදේශයන් මෙන්න

Generic placeholder image

අද උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 5ක පොලිස් බලප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කෙරුණු අතරදිස්ත්‍රික්ක 5ක පොලිස් බලප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 14ක හුදකලා බව ඉවත් කර තිබෙනවා. එම ප්‍රදේශ පහතින්, ගම්පහ දිස්ත්‍රික්කය මහර පොලිස් බලප්‍රදේශයේ,ඇටිකෙහෙල් ගල්ල බටහිර 290 Aකේසී සිල්වා 70 B කටාන පොලිස් බලප්‍රදේශයේකදිරාන උතුර – ඇටබගහ වත්ත […]


May
9

ඉන්දියාවේ කොවිඩ් රෝගීන් ආබාධිත තත්වයට පත් කරන දිලීර ආසාදනය

Generic placeholder image

Mucormycosis යනු ඉතා දුර්ලභ ආසාදනය වාතයේ මෙන්ම නිරෝගී මිනිසුන්ගේ නාසය සහ ශ්ලේෂ්මලවල පවා දක්නට ලැබෙන බව පැවසෙන වෛද්‍යවරුන් මේ ආසාදනය වීමෙන් කොරෝනා රෝගීන් ආබාධිත තත්වයට පත් කරන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මෙම ආක්‍රමණශීලී ආසාදනය නාසය, ඇස සහ සමහර විට මොළයට බලපාන බවත්, මේ වන විට මෙම දිලීර ආසාදනය වූ රෝගීන් 40 ක් පමණ දැනටමත් […]


May
9

චීන ‘ලෝන්ග් මාච් 5B’ රොකට්ටුවේ සුන්බුන් ඉන්දියන් සාගරයට ඇඳ වැටෙයි

Generic placeholder image

චීනය විසින් අභ්‍යවකාශ ගත කළ ‘ලෝන්ග් මාච් 5B’ රොකට්ටුවේ සුන්බුන් මේ වන විට ඉන්දියන් සාගරයට පතිත වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරනවා. චීනය විසින් අභ්‍යවකාශ ගත කල රොකට්ටුවක් පසුව ඔවුන්ගේ පාලනයෙන් මිදී පෘථිවිය දෙසට පතිත වීමේ අවදානමක් ඇති බව වාර්තා වුණා. මේ වන විටත් එම යානයේ සුන්බුන් මාලදිවයිනට බටහිරින් ඉන්දියානු සාගරයට එම සුන්බුන් කොටස් ඇඳ […]


May
9

දිවයින පුරා ස්ථාන ගණනාවක නායයෑමේ අවදානමක්

Generic placeholder image

දිවයින පුරා ස්ථාන ගණනාවක නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව නායයාමේ අවදානමට ලක්විය හැකි ස්ථාන 147ක් දිවයින පුරා කළ පරීක්ෂණවලදී හඳුනා ගෙන ඇති අතර රත්නපුර ,කළුතර හා මාතර දිස්ත්‍රික්වල දඋඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 22 ක් ද ඒ අතර පවතින බවයි එම සංවිධානය වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post