වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කරනවා. එම ප්‍රදේශ වන්නේ, ගම්පහ දිස්ත්‍රික්කයේ , කඩවත පොලිස් බලප්‍රදේශයේ ඇල්දෙනිය නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමසූරියපාලුව දකුණ ග්‍රාම නිලධාරි වසමසූරියපාලුව උතුර ග්‍රාම නිලධාරි වසමපහල කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසමඉහළ කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසම කොළඹ දිස්ත්රික්කයේපිළියන්දල […]
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4 කට රටට ඇතුළත් වළක්වමින් පිලිපීනයෙන් වාරණයක් ගෙන තිබෙනවා. ඒ පවතින කොරෝනා අවදානම් හේතුවෙන්.ඒ අනුව ශ්‍රී ලංකාව, බංගල්දේශය, නේපාලය හා පකිස්තානය යන රටවල සිට පිලිපීනයට ඇතුළු වීම හෙට සිට වාරණය කෙරෙනවා.
තවත් කොරෝනා ආසාදිතයින් 1,305 දෙනෙකු අද දින මේ දක්වා වාර්තා වන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 118,834 ක්.
සබරගමුව , මධ්‍යම , ඌව , බස්නාහිර , වයඹ යන පළාත් වල සවස් කාලයේ තද වැසි සමග අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. අදාල පළාත් වලට මිලිමීටර 100 ඉක්ම වූ තද වර්ෂාපතයනක් බලපොරොත්තු විය හැකි බවයි පැවසෙන්නේ.
වයස අවුරුදු 12ත් 15ත් අතර ළමුන් සඳහා අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොරෝනා එන්නත භාවිතා කිරීමට කැනඩාව අවසර දී තිබෙනවා. ළමුන් පිළිබඳ තුන්වන අදියරෙහි සායනික අත්හදා බැලීම්වල දත්ත පදනම් කරගෙන මෙම තීරණය ගෙන තිබෙන අතර ඒ අනුව, අවුරුදු 12ත් 15ත් අතර ළමුන් සඳහා ලබන සඳුදා සිට එන්නත්කරණය ආරම්භ කරන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ,
මුහුණු ආවරණ නොපළඳමින් දුරස්ථභාවය රඳවා නොගැනීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 238 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය විසින් ඊයේ දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර මේ දක්වා පුද්ගලයින් 5486 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් 5400කට පමණ මේ වනවිට නඩු පවරා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකශකවරයා වැඩි දුරටත් සඳහන් […]
ලොව එක් දිනකදී හඳුනාගත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ ඉන්දියාවෙන් වාර්තාවුණා. එම ගණන 412,618ක්. වාර්තා වී ඇති මරණ ගණන3,982ක්. මේ අනුව ඉන්දියාව මේ වන විට මුහුණදී ඇති මෙම තත්වය පාලනය කිරීම සදහා ලොව පුරාඅ බොහෝ රටවල් ආධාර සපයමින් සිටින අතර ආධාර තොග අවශ්‍ය ස්ථාන වෙත බෙදානොදී තවමත් ගුවන්තොටුපොළ ගබඩාවල රදවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා […]
ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1939 දෙනෙකු හඳුනා ගැනුණා. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 498 කි. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 387 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 377 ක් ලෙස වාර්තා වී තිබෙනවා.
බස්නාහිර පළාත තුළ ඊයේ සවස 4 සිට රාත්‍රී 7 දක්වා කාලය තුළ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වූ අතර එහිදී කායවර්ධන මධ්‍යස්ථාන, කොණ්ඩා කැපීම් සහ සැකසුම් ස්ථාන, රූපලාවන්‍යාගාර, වාහන අලුත්වැඩියා සිදුකරන ස්ථාන, ඇඳුම් පිරිසිදු කරන ස්ථාන සහ විවිධ සේවා සපයන ස්ථාන හදිසි පරික්ෂාවකට ලක් කෙරුණ
මේ වනවිට දෛනිකව ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව දක්වා අඩු කර තිබෙන අතර එපවතින කොරෝනා වෛරස තත්වය හමුවේ මගී ජනතාව අඩු වීම හේතුවෙන්. එහෙත් දෛනිකව ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව ඉදිරියේදී 60 ත් 65 ත් දක්වා වැඩි කිරීමට අවධානය යොමු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව ලබන සඳුදා සිට දුම්රිය 03 ක් ධාවනයට […]
ස්පුට්නික් එන්නත ලබා දීම අද සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරනවා. ඒ අනුව රෝගීන් වැඩි වශයෙන් හමුවන කොලොන්නාව, ගොතටුව යන ප්‍රදේශයේ ජනතාවට පළමුව මෙම එන්නත ලබාදීමට කටයුතු කරන බවයි ඒ අමාත්‍යවරිය වැඩි දුරටත් සදහන් කලේ.
ඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම, වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරනවා. ඒ සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් මතයි.