News Line| Off Air
Generic placeholder image

May
3

දිලුම් අමුණුගමට තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක්

Generic placeholder image

දිලුම් අමුණුගම අද පෙරවරුවේ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ලබයි.


May
3

‍කොවිඩ් ආසාදිතව නිවෙස්වල සිටින ජනතාවට විශේෂ දැනුම් දීමක්

Generic placeholder image

කොවිඩ් ආසාදිත වී සිටින ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන නොගොස් නිවෙස්වල රැදී සිටින ජනතාවට 1906 යන දුරකථන අංකය ඇමතීමෙන් ඒ බව අදාළ අංශ වෙත දැනුම් දිය හැකි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


May
3

ඊයේ මෙරටින් හමු වූ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

මේ දක්වා මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. එම ගණන 1891 ක්. දිවයිනේ දිස්ත්‍රික්ක 24කින් ම ඊයේ ආසාදිතයින් වාර්තා වූ අතර එයින් වැඩිම පිරිසක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 387 කි. ඊට අමතරව, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 330 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 297 දෙනෙකු වාර්තා වී තිබෙනවා.


May
3

ඊයේ මෙරටින් කොවිඩ් මරණ 09ක් – සමස්තය 696ක් දක්වා ඉහළ යයි

Generic placeholder image

ඊයේ මෙරටින් කොවිඩ් මරණ 09ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 696ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


May
3

ප්‍රධාන තැපැල් කාර්යාල 4ක් තාවකාලිකව වසා දමයි

Generic placeholder image

කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් ප්‍රධාන තැපැල් කාර්යාල 4ක් සහ උප තැපැල් කාර්යාල 22 ක් ද තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව කොම්පඤ්ඤ වීදිය, පානදුර කෙසෙල්වත්ත, හා ත්‍රිකුණාමලය ප්‍රධාන තැපැල් කාර්යාල මෙසේ වසා දමා තිබෙනවා.


May
3

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන වාර්තාගත ලෙස ඉහළට

Generic placeholder image

අලුත් අවුරුදු පොකුරේ නව කොරෝනා ආසාදිතයින් 1,891 දෙනෙකු අලුතින් හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.එය මෙරට දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ද වන අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 111,753 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


May
3

තවත් ප්‍රදේශ කිහිපයක් Lockdown

Generic placeholder image

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.ඒ අනුව , 📌නුවරඑළිය දිස්ත්‍රික්කය හඟුරන්කෙත පොලිස් වසම 🔺රත්මැටිය (494C) ග්‍රාම නිලධාරි වසම 📌කළුතර දිස්ත්‍රික්කය පානදුර දකුණ පොලිස් වසම 🔺පිංවත්ත (696) ග්‍රාම නිලධාරි වසම🔺නාරම්පිටිය (696A) ග්‍රාම නිලධාරි වසම🔺පිංවත්ත බටහිර (663A) ග්‍රාම නිලධාරි වසම බණ්ඩාරගම පොලිස් වසම බණ්ඩාරගම නැගෙනහිර (693A) […]


May
3

සවස් කාලයේදී බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම, බස්නාහිරසහ වයඹ පළාත්වලත් පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය […]


May
2

මංගල උත්සව හා ප්‍රියසාද නිවෙස්වල පැවැත්වීමත් තහනම්

Generic placeholder image

තහනම් කරන ලද ප්‍රිය සාද, මංගල උත්සවය ආදිය නිවෙස්වල සහ වෙනත් ස්ථානවල පැවැත්වීම ද තහනම් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. මේ පිළිබදව අදහස් දක්වමින් යුධ හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කලේ “උත්සව පැවැත්වීම, සාද පැවැත්වීම හා මංගල උත්සව වුනත් හෙට දිනයෙන් පස්සේ, පැවැත්වීම අපි තහනම් කරලා තියෙන අවදියක අපිට වාර්තාවෙනවා සමහර ප්‍රදේශවල […]


May
2

මෙරටට පැමිණෙන මගී ගුවන් යානයකින් ගෙන ඒමට හැකි මගීන් ගණන 75කට සීමා වෙයි

Generic placeholder image

මෙරටට පැමිණෙන මගී ගුවන් යානයකින් දිවයිනට රැගෙන ඒමට හැකි මගීන් සංඛ්‍යාව 75කට සීමා කර තිබෙන බව ⁣ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා සදහන් කරනවා.


May
2

ඇමති මහින්දානන්ද ස්වයං නිරෝධායනයට

Generic placeholder image

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වෙනවා. ඒ අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු අයෙක්ට හා රියදුරුවරයාට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන්


May
2

ඊයේ දිනයේ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ගෙවුණු පැය 24 තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1716 දෙනෙකු වාර්තා වී වූණා, එය එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම අසාදිතයින් ගණන ද වන අතර එයින් වැඩිම ආසාදිතයින් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර, එම සංඛ්‍යාව 375 ක්. දෙවැනියට වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 247 ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 158 ක් ද වාර්තා […]


News Articles
Latest Videos
Most Popular Post